Dennis the Menace (1993) with Sinhala Subtitle | දඟයා. [සිංහල උපසිරැසි සමඟ]
“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලාව නරඹලා තියෙන අය ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං මං මගේ විසි අටවැනි උපසිරැසි නිර්මාණය විදිහට අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්‍රදර්ශණය වුනු Comedy, Family වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටියට IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nick Castle නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මෙම චිත්‍රපටියෙ ලෙස “දඟයා” (ඩෙනිස්) ලෙස Mason Gamble නම් නළුවත් විල්සන් මාමා ලෙස Walter Matthau නම් නළුවත් රඟපානවා. කථාව නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑනෙ. “දඟයා”ගෙ දඟකාර වැඩයි ඒවාවලින් කරදරේ වැටෙන විල්සන් මාමා ගැනයි තමයි මේ කථාවෙත් තියෙන්නෙ. ටිකක් පරණ චිත්‍රපටියක් වුණත් මේක පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි භේදයකින් තොරව ආසාවෙන් බලන්න පුළුවන්. ඉතිං එහෙනම් චිත්‍රපටිය රස විදින්න. ඊට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”https://goo.gl/97mx66″ type=”icon” “center” newwindow=”yes”] 880 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1775 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට (විජිත අසංක) ආසම එකක් තමයි – ජයවේවා බුදු සරණයි ……..
මම ආසම ෆිල්ම් වලින් එකක්. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ.
බොහෝම ස්තුතියි……..
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අගෙයි
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි අසංක සහෝ!
ජය වේවා!
මේකට උපසිරස දුන්නට ස්තුතියි විජිත සහෝ…
මේ කතාවේ තවත් කොටසක් සිරස නාළිකාවෙත් විකාශනය වුණා. (මං හිතන්නෙ ඒ මේකෙ 2වන කොටස) [Dennis the Menace Strikes Again! (Video 1998)]
හැබැයි මේ කතාව විකාශණය වුණේ නැහැ.
මේකෙ තවත් රූපවාහිණී චිත්‍රපටයක් තියෙනවා Dennis the Menace (TV Movie 1987)
කැමතිනම් ඔය චිත්‍රපට දෙකටත් උපසිරස දෙමු…
ජය…
thanks bro
thank you
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
තැන්ක්ස්
mama palawaniya wage,digatama karan yamu saho