Rating: 9.9/10. From 14 votes.
Please wait...

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දහසයවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. එත් කිරා අන්තිමේදී L ව උපක්‍රමේකින් මරනවා ඒත් L මැරුණට L වගේම තවත් තරගකරුවෝ දෙන්නෙක් කතාවට එනවා.
කලින් එපසොඩ් එකේදී වෙච්ච දේ එක්ක හිතෙනවා නේද ලයිට් හැමදේම විනාශ කරගත්ත කියල කොටින්ම කිව්වොත් එයාගෙම පව්ල එයාගේ තාත්තට මැරෙන්න උනා ඒ වගේම එයාගේ නංගිට වෙච්චදේ, අනිත් දේ තමයි දෙවැනි L කියන්නේ කිරා කියල දැන් නියර්ත් විශවාස කරනවා. කොහොම උනත් අපි අද එපසොඩ් එක ගැන බලමු. කලින් එපසොඩ් එකේදී අනිතිමට ලයිට් නියර්ට උගුලක් ඇටෙව්වනේ දෙමිගාවා ලවා ඒත් නියර් ඒ උගුලට අහුවෙන්නේ නැහැ එයා ගාව දෙවැනි ප්ලෑන් එකකුත් තිබිල තියනවා. මේ අතරේ රහසේම අයිසාවා, ලයිට්ට ද්‍රෝහී වෙනවා. කොහොම උනත් ලයිට්ගේ පැත්තටත් තවත් උදව් කරුවෙක් ලැබෙනවා පුදුමේ කියන්නේ එයා ලයිට් වගේම හිතන කෙනෙක්, එයා නෝට්බුක් එකෙන් දෙමිගාව වත් මරනවා. ආ තව දෙයක් කතාවේ මුල හිටපු කෙනෙකුත් ආයෙත් කතාවට එකතු වෙනවා.
නියර් කොහොමද ලයිට් ගේ ප්ලෑන් එකෙන් බේරෙන්නේ, කව්ද ලයිට් ගේ අලුත්ම ඉත්තා ඇයි එයා දෙමිගාවාව මරන්නේ එතකොට කව්ද ආයෙත් කතාවට එන කෙනා වගේම කව්ද නව ලොවේ දෙව්දුව කියල දැනගන්න මේ කොටස් දෙක බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා. ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5395 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]




බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
මේ එපි දෙකේ සබ්වලටත් ගොඩාක් ස්තූතියි…
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Death note Episode 33-34 sub ganne kohomada?
animi walata sub dena 1 watinawa bn tanks
thanks
ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ
Sub Ekata Thanks Bro.. Digatama Japan Anime Walata Sub Denna..