Rating: 9.8/10. From 12 votes.
Please wait...

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දාහතරවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
හාහ් L මැරුණා, එතකොට එච්චරද… නැහැ ඉවරම නැහැ L වගේම දෙන්නෙක් මේ එපි වලදී L ගේ තැනට එනවා. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියනවා ඒ මොකද්ද කිව්වොත් එක්කෙනෙක් වැඩ කරන්නේ නීතියට අනිත් කෙනා නීතියෙන් පිට එත් දෙන්නගෙම ඉලක්කය තමයි කිරාව අල්ලන එක, කොහොම නමුත් ඔයාල දන්නවා පොලිසිය ගාව ඩෙත්නොට් එකක් තියනවා ඒ වගේම මේ නෝට්බුක් ගැන ගොඩක් දේවල් පිටටත් ගිහින්. ඉතින් නීතියෙන් පිට ඉන්න කෙනා ගේ පලවෙනි ඉලක්කය වෙන්නේ ඔය පොලිසිය ගාව තියන නෝට්බුක් එක ඒක ගන්න ඒක ගන්න එයා පොලිසියේ පරීක්ෂක අංශයේ ප්‍රධානිතුමාව ඒ කියන්නේ ලයිට්ගේ තාත්තගේ ලොක්කව අල්ලගන්නවා එයාව නිදහස් කරන්න නම් පොලිසිය ගාව තියන නෝට්බුක් එක ඉල්ලනවා එත් කිරා ප්‍රධානිතුමාව මරල දානවා එතකොට නෝට්බුක් එක දෙන්න ඕන නැහැ නේ ඉතින්. මේකට පිළිතුරු විදියට අරකෙනා ලයිට් ගේ නංගිව ඒ කියන්නේ අපේ යගමි ප්‍රධානිතුමාගේ දුවව පැහැරගන්නව. ඉතින් ලයිට් මොකක් කරයිද ලයිට්ට ඉස්සෙල්ලා වගේ මරන්නත් බැහැ මොකද දැන් පැහැරගෙන තියෙන්නේ එයාගෙම නංගිව නීතියට වැඩ කරන කෙනා මේ වෙලාවේ උදව් කරයි ද කියල දැනගන්න මේ එපසොඩ් දෙක බලන්න වෙනවා.එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5516 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]




බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
ස්තූතියි අයියේ සබ් වලට…
thanks!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks සහෝ
Thanks
thanks
ස්තූතියි සහෝ
L මැරෙන කොටසෙදි මාරම දුක හිතුණා.. ලයිට්ටත් වඩා L හිතට ඇල්ලුවා.. පොර මාර ටැලන්ටඩ්. ඒත් සැලැසුම් අතින් ලයිට් වැඩ්ඩා…