Darkest Hour (2017) Sinhala Subtitles | අඳුරුතම හෝරාව! [සිංහල උපසිරසි සමඟ] (200*)
කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම තියෙන්නේ ටීවී සීරිස් තමයි. (නියමිත වෙලාවට ලබා නොදීපු) Falling skies, Intelligense, Daredevil, The Blacklist, Colony වගේම Tangled:The sereis ඒ අතරේ තියෙනවා. මීට අමතරව 24 වගේ එපි දෙක තුනකුත් කරලා තියෙනවා. ෆිල්ම්ස් නම් අතේ ඇගිලි ගානටත් අඩු ඇති. දැන් දැන් නම් කඩඉමකට විතරයි ෆිල්ම් එකක් කරන්නේ. කොහොම වුනත් දැන්නම් මේක කරගන යන්න බොහොම අමාරු තත්වයක් තමයි උදාවෙමින් තියෙන්නේ. ඒත් ඉතිං නවත්වන්න හිත හදාගන්නත් බැහැ. බලමු ඉස්සරහට මොනවා ව්විද කියලා..
ඉතිං මේ ගමනේදී උපකාර කරපු අයවත් ටිකක් මතක් කරලා ඉන්නම්. නැත්නම් ඒක අඩුපාඩුවක් වේවිනේ. මුලින්ම මගේ පවුලේ අය, හැමදාම මට බැන බැන මේ කරදරේ ඉවසා වදාරගන ඉන්නවා මේ අවුරුදු 5 පුරාවටම. අපරාදේ කියන්න බැහැ අම්මා නම් ටිකක් බැන්නත් සෑහෙන සපෝට් එකක් දෙනවා. වැඩිපුර වැඩ කියන්නෙත් නැහැ මම සබ් එකක් කරනවා කියලා කිව්වම. ඒ වගේම තමයි එදා ඉදන් අද වෙනකම් එක පවුලක් වගේ එකට එකතු වෙලා ඉන්න බයිස්කෝප් සහෝදරත්වය. හැමදාම කියනවා වගේ මුලින්ම ඉන්නේ රොයිලි අයියා. එයාගේ සබ්ටයිට්ල් තමයි බලලා තමයි අද මේ 200ක් සම්පූර්ණ කරන්න ආසාව ඇතිවුනේ. පටන් ගත්තම ඉතිං අබිං කෑවා වගේ තමයි. නවත්වන්න බැහැ. ඊටපස්සේ හසන්ත අයියා, හැම වෙලාවකම කරදරයකදී උදව්වට එන පූසා මල්ලී සහ විමා මල්ලී, (200ට කරන්න ෆිල්ම් එකක් හොයලා දෙන්න ඒ දෙන්නම සෑහෙන්න මහන්සි උනා) ඒ වගේම දැන් වැඩිය පේන්න නාවත් ගයාන් මල්ලී ( මේ ලිපිය ලියන මොහොතෙත් මගේ වැඩක් කරන ගමන් ඉන්නේ) නිර්මාණි නංගී, සමීර අයියා, සදුන්, ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ආසිරි සහෝදරයා ( ඔන්න නම දැම්මා, දැන් පෙප්සි කේස් එකක් එවන්න), සූධීර මල්ලී සිසිල මල්ලී ඇතුළු ඇඩ්මින් මන්ඩලය සහ අනෙකුත් උපසිරැසි කරන සියළුම සහෝදරියන්, සහෝදරයන් වගේම විකියා අයියාවත් අමතක කරන්නම බැහැ. විකියා අයියා තමයි මුලින්ම ඇඩ්මින් කෙනෙක් හැටියට මට කතා කලේ. මේ ගැන කියලා දීලා වැරදි පෙන්වලා දුන්නේ. ඒත් ඉතිං අද වෙනකන්, මේ 200 කරනකොටත් අඩුපාඩු වැරදි නම් නොඅඩුවම ඇති. ඊට පස්සේ තමයි විමා මල්ලී හසන්ත අයියා එහෙම අදුනගත්තේ. ඉතිං මේ උපසිරැසිකරණයෙන් ලැබුන හොදම තෑග්ග, හැමදාම කියනවා වගේ මේ සහෝදරත්වය ගොඩක් වටිනවා. ඒ ගැන කියලා නිම කරන්න වචන නැහැ. සමහරවිට අපි හමුවෙලා තියෙන්නේ දවසක් දෙකක් වෙන්න ඇති. ඒත් ඒ බැදීම නම් ජීවිත කාලයක් තිස්සේ තිබුන එකක් විදියටයි දැනෙන්නේ. ඒ වගේ බැදීමක් අපි හැමදාම ආශ්‍රය කරන අයගෙන් වුනත් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතිං මේ හැම දෙනාටම කෘතඥපූර්වක ස්තුතිය පුද කරන්න ඕන, ලැබුනු උපදෙස් වලට වචනයකින් හරි ලැබුනු දිරි ගැන්වීම් වලට වගේම මේ ලබා දුන්න සහෝදරත්වයේ බැදීමට.
හොදයි එමෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද? 200 සම්පූර්ණ වෙන්න එනවා කියලා දැනුම් දුන්නේ අපේ සුධීර මල්ලී. ඊට පස්සේ කරන්න ෆිල්ම් එකක් නැතිව දවස් කිහිපයක් ගතවුනා. ෆිල්ම් එක ගැන ඔත්තුව දුන්නේ අපේ පූසා මල්ලී, මේ ෆිල්ම් එක නෙගෝෂියේට් කරලා මට අරගන දුන්නේ අපේ විමා මල්ලී, ඒ වෙනකොට ෆිල්ම් එක බාරගන තිබුනේ හසන්ත මාලින්ග සහෝදරයා, මේ ෆිල්ම්එක මට ලබාදීපු එක වෙනුවෙන් ඒ 4 දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕන..
2017 නොවැම්බර් මාසයේ විකාශය සදහා නිකුත් වුන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4ක අගයක් සහ කුණු තක්කාලි 86% ක් ලබාගන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය Joe White ගෙන්. ඒ වගේම ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වනවා ඇකඩමි සම්මානය සදහා නායයෝජිත Gary Oldmen. ඒ වගේම ඒ රංගනය වෙනුවෙන් ඔහුට ගෝල්ඩන් ග්ලෝබ් සහ මෝෂන් පික්චර්ස් සම්මාන ලැබිලා තියෙනවා හොදම රංගනයට. ඒ වගේම ඔස්කා සම්මාන 6ක් සහදා නාම යෝජනාවී තිබෙනවා. ඉතිං ෆිල්ම් එක මොනවගේද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඉතිං ත්‍රිලර් සහ ඉනස්පයරින් ස්ටෝරි ගනයට වැටෙන මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..
මේ 1940 මැයි 9, හිට්ලර්ගේ නාසි හමුදා චෙකොස්ලොවේකියාව, ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු යුරෝපයේ විශාල ප්‍රදේශයක් යටත් කරගන බෙල්ජියමේ දේශසීමාවට ඇවිත් යුරෝපයේ ඉතිරි ප්‍රදේශ ජයග්‍රහණය කරා මෙහෙයවන්නයි සූදානම් වෙන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වෙනකොට අතිශය අස්ථාවර තත්වයක තියෙන්නේ. ඔවුගේ අගමැති නෙවිල් චෙම්බර්ලීන් වෙත ඔවුන් තැබූ විශ්වාසය බිදවැටී අවසන්. දැන් සභාග ආණ්ඩුවක් පිහිටවන්න විපක්ෂය ආණ්ඩු පක්ෂය සමග එකතු වෙන්න සූදානම්. හැබැයි මේ පක්ෂ දෙකේම කැමැත්ත හිමිවෙන්නේ එක් පුද්ගලයෙක්ට විතරයි. ඒ තමයි වින්ස්ටන් චර්චිල්. ඔහු මේ අවස්ථාව එනකන් මුළු ජීවිත කාලයම බලාගන හිටියාවුනත් ඒක ලැබුනු කාලය නම් ඒ තරම් සුන්දර නැහැ. මේ වෙනකොට නාසි හමුදා බටහිර යුරෝපය යටත් කරගන්න සූදානමින් ඉන්නවා, මුලු බ්‍රිතාන්‍ය හමුදාවම ඩන්කර්ක් වල හිරවෙලා, ඒ වගේම තමයි මේ වෙලාවේ හිට්ලර් ආරධනා කරනවා සාම ගිවිසුමකට එන්න කියලා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාක්ෂිකයින්ට. මේ අවස්ථාවේ වින්සටන් චර්චිල් උභතෝකෝටික ගැලළුවක ඉන්නේ. ඩන්කර්ක් වල ඉන්න හමුදාව සහ බ්‍රිතාන්‍ය ජාතිය වෙනුවෙන් අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්වෙමින් හිට්ලර්ගේ සාම ගිවිසුමට අවතීර්න වෙනවද, එහෙම නැත්නම් දිගටම යුද්ධය කරගන ගිහින් හිට්ලර් පරාජය කරලා අධිරාජ්‍ය විජයග්‍රහණය කරා මෙහෙයවනවද? ඔහු නම් ක්ෂණික තීරණයක් ගන්නවා ඒ තමයි විජයග්‍රහණය. නමුත් ජනතාවට අවශ්‍ය කරන්නේත් ඒකමද? ඔහු නැවතත් කල්පනා කරනවා. ඉතිං කතාව බලන්න. චර්චිල්ගේ අවසාන තීරණය මොකක්ද කියලා. ඇක්ෂන් ෆිල්ම් එකක් නොවුනට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සුපිරි ෆිලුමක් හැටියට තමයි මම මේක නම් කරන්නේ! කළු ලැයිස්තුවේ ඊයේ නිකුත් වූ අලුත්ම කොටසින් හමුවෙමු….
“You cannot reason with a tiger when your head is in its mouth.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7494 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
as far as my feet will carry me 2017 mekata sb dannako pleas
සිංහල උපසිරස ලබා දුන්නාට ස්තූතියි
thanks
thank you sis
bohoma pin
Thanks sis
Thanks sis
Jaya wewa !!
Thanks sis..drama උනත් අනිවා බානවා..✔
බොහොම ස්තුතියි,ජයවේවා ඔබට
Thanks ………………good luck …………………………………….
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
blu ray pls
welldone Sureni!
නියම ෆිල්ම් එකකට නියමෙට සබ් කළාට
ගොඩක් තෑන්ක්ස්!
දිග ගමනක් යන ඔබට
ජය, සැප, සුව!
බොහොම ස්තුතියි උපසිරැසියට…!
#Hail_Hydra
සබ් එකක් කරනවා කියලා කිව්වම අම්ම වැඩ නොකියන හින්දාා අම්මා පොල්ටිකක් ගාලාදියං කෙල්ලේ කිව්වාම සබ් එකක් කරනව කියල බොරැවට කියන එක තාම මාට්ටු නැ වගේ නේ.අපි ඉතින් ගැනු අයව අවතක්සේරැ කරාට හැමතැනම ලොකු place ගහන්නේ එගොල්ලොම තමා දෙසියක් කරා කියන්නෙ සෙල්ලම්ද(එමදිවට පැලැටිනම් එක්කෙනෙක්නෙ දවසට සබ් කියක් කරනවද ඔයා ඇත්තට සුපිරි)
Daredevil ඇරැනම අනිත් එවා බලලම නැ එ මම ඇක්ෂන් සහ හැමදාම හොරෙක් මංකොල්ල කාරයෙක් පසසේ යන bl වගේ එවට ආස නැ(අපිට බලන්න කියල baiscope එකෙ කතා ඇත්තෙම නැ අක්කෙ හරි දුකයි) අද ෆිලුම එ අතිං මුතු මැනික් මටනම් ගවර්මන්ට් ඇන්ඩ් කලටි පොල් එවට මාර ආසයි(house of cards ගොඩසැරයක් ඉල්ලුව ලැබුන්නැ )තවත් සබ් ගෙන්න පුලුවන්නම් ස්තුති.
අළුත් කඩයිම වෙනුවෙන් සුභ පැතුම් අක්කේ. අක්කා වැඩ ගොඩක් අස්සෙ කඩයිමත් සාර්තකව කරගෙන. ගොඩක් සතුටුයි. ඊලඟ කඩයිමටත් යමු නේ එහෙනම් නතර නොකර. හෙ හේ.
congrats for ur 200 sub & Thanks !!
200ta congrats akke. thawa film ekath maru sub ekath maru
Thanks sub ekata. ……
Jayen jaya……..
mulinma sama wenne oni suba pathanna parakku unata hethuwa thamai wedipurama balanne t.v serious ithin meka miss una. black list eken thamai sis oyage sub digatama balanna patan gatthe. oyage kada imat5a subapathana gaman. oyage idiri kataututh sarthaka wenne kiyala pathanawa!!!.. ah thawa ekaka “කොහොම වුනත් දැන්නම් මේක කරගන යන්න බොහොම අමාරු තත්වයක් තමයි උදාවෙමින් තියෙන්නේ” plz apiwa baya karannanam epaaaaaa puluwan widihata sub denna balanna
Congratulations on your 200 mark Sureni, it was a beautiful movie. Thank You & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………….
සුභ පැතුම් අක්කේ 200වෙනි උපසිරැසියට…කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමාව භාජනයකට දානු මැනවි..ෆිල්ම් එකත් බැලුවා ඔන්න…සුපිරි ෆිල්ම් එකක්..සබ් එකත් එහෙමයි..උපුටා දක්වලා තියෙන වාක්‍යයත් මරු..අහෝ මෙවැනි දේශපාලනඥයින් එංගලන්තයටම වාසනාවන්..!! එහෙනම් දිගටම මේ වැඩේ කරගෙන යමු..ජය!!!!
නියමයි සුරේ අක්කී, 200 කඩයිමට හදවතිනම සුභ පතනවා, ඉස්සරහටත් ඔහොමම සබ් දෙමු අහ්, ගුඩ් ලක්..
උණුසුම් සුබ පැතුම් සුරේනී. මදැයි 50 ගිය දුරක්. දැන් ඉතින් ආයේ 500 න් මෙහා නැවැත්තුවොත් බලාගමු. මෙදාපාර නම් සුපිරිම චිත්‍රපටියකට තමා උපසිරැසි දීලා තියෙන්නෙ. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thank you………..
මුළින්ම සමාව ඉල්ලනවා අක්කෙ සුභ පතලා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට :/ :/
බයිස්කෝප් එකේ ඉන්න දෙවනි 200 සාමාජිකාව අක්කා මං හිතන්නෙ.
එහෙනම් 200 හදවතින්ම සුභ පතනවා!!!
ඔව් ඔව් ෆිල්ම් එකක් හොයල දෙන්න මහන්සි වුණා තමා. 😀
අනිත් දවසෙ කඩඉමකට ලං වෙනවා නම් කල් තියාම ෆිල්ම් එකක් වෙන් කරගන්න බැලුවා නම් හොඳා… 😀
එහෙනම් 250න් හම්බෙමු…!!!
200 වැනි උපසිරසියට සුබපැතුම් අක්කේ..!!
හදවතින්ම සුබ පතනවා අක්කෙ 200 වෙනි කඩයිම වෙනුවෙන්.
Falling skies නිසා තමයි අක්කගෙ උපසිරැසි ගොඩක් දුරට වගේ බැලුනෙ. ඒ දවස් වල ආසාවෙන් බලපු කතාවක්.
මේ වගේ තවත් ඉදීරි කඩයිම් වලට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
~ජය~
Falling sky ලස්සනද,එක ස්ටිවන් ස්පිල් ගෙ වැඩක් කියල අහල තිබුනත් කිසිම ලයිස්තුවක හොදයි කියල දැකල නැ මම දන්නව හැම හොද කතාවක්ම ලැස්තු වලට යන්නැ කියල එත් ss ගේ එකක් වෙලත්නො ගියෙ කතාවෙ අවුලක් නිසාද
200 wani upasirasiyata unusum suba pathum….jaya wewaa
200k kara ehenm..niyamyi!! kello me wge weda lesiyen krnne nane! ei athin oya hodyi
උපසිරැස 200ක් ලේසි කඩයිමක් නෙමෙයි, කොයිතරම් කාලයක්, ශ්‍රමයක් මේ වෙනුවෙන් කැප කරන්න ඇති ද ? නමුත් අපි හැමෝම දන්නවා වගේ තවත් කෙනෙක් අපේ මහන්සියෙන් ප්‍රයෝජනයක් ගන්නවා දකිනකොට ඇතිවෙන ඒ සතුට තරම් සතුටක් තව ලොවෙත් නැහැ නෙව. නතර වෙන්න නම් ඉතින් බැහැ ඔන්න අක්කේ, ඔය කියනවා වගේ ලේසියෙන් නතර කරන්න පුළුවන් පුරුද්දක් නෙමෙයි නෙව මේක… ඉතින් එහෙනම් මෙන්න 200 ට සුභ පැතුවා 300 ලැබෙනකම් බලා ඉන්නවා… ඔබගේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා මේ පිං බලයෙන්…. සදා ජය වේවා !!!
සුබ පැතුම් අක්කි,සබ් එකට ස්තුතියි..
200 සුබ පැතුම් !! ජය වේවා sis….
200 වෙනි උපසිරැසියට සුභපැතුම් අක්කේ…
ඔයා කිව්වත් වගේ බයිස්කෝප් සහෝදරත්වය නිසාම තමයි මෙතරම් දුර එන්න ලැබෙන්නේ.
ඒ සහෝදරත්වයත් එක්ක දිගටම රැඳී සිටිමින් තව තවත් උපසිරැසි ලබා දීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!
උණුසුම් සුබපැතුම් 200 වැනි උපසිරසියට
200 ta suba pethum
thanks for sub….
Well done dear……
200 ට සුබ පැතුම් අක්කෙ.
200ට මගෙන් සුබපැතුම් අක්කි.. මාවත් මතක් කලාට ස්තුතියි හොදේ…. 300ත් ඉක්මනට ගහමු ආ….
200 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් නංගි!!! කොච්චර අමාරු කම් ආවත් මේ පුරුද්දෙන් නම් ගැලවෙන්න හරිම අමාරුයි. අන්තර්ජාලය මේ වගේ යහපත් දේකට හරවගත්ත අපූරු සහෝදරත්වයක් තමයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ. ඉතින් ඒ සහෝදරත්වයේ තවත් ලොකු පුරුකක් තමයි සුරේනි අතුරුගිරි කියන්නේ. ඒ නම අපිට ඉදිරියටත් මේ වගේම දකින්න ලැබේවි. ජය!!
200 weni sub ekata suba pathum …. jaya wewa..!
aluth hindi film ekakata sub dennako… plz..
200ta suba pathum. sub ekata thanks akke. jaya wewa!!
බොහොම ස්තුතියි උපසිරැසියට…… ජය වේවා!!!
ඇත්තටම සබ් එකක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.ඒ උනත් ඔයාලා කරන මේ වැඩේ ගොඩක් වටිනවා.දැන් ලන්කාවේ අයට ෆිල්ම් එකක් කියද්දි බයිස්කෝප් එල්කේ කියන නම මතක් වෙන්නවා.ඒ තත්වෙට ඔයාලා මේක දියුණු කරලා තියෙනවා.ඉතින් 200 වෙනි උපසිරස වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා.තව තවත් උපසිරසි එලි දක්වන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කර්නවා
200 වෙනි උපසිරැසියට සුභ පැතුම් !!!
Suba pathanava..
Suba pathanava..
Thanks
<3 <3 <3
200 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් අක්කේ. සබ් කරන එකනම් නවත්තනවා තියා හිතන්නවත් එපා අක්කේ. ඔයා වගේ 100%ක් ගුණාත්මක විදියට සබ් කරන කෙනෙක් නැති උනා කියන්නේ අපිට ලොකු පාඩුවක්. තව තවත් ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!
උපසිරැසි 200 Wow……බොහෝම ස්තූතියි……ඉදිරියටත් සබ් දෙන්න සහෝදරී….
200 වෙනි උපසිරැසියට සුබ පැතුම්…!!
ජයෙන් ජයම වේවා…!!
congrats sureni sister wish you all the best…!!! thank you for sub …………..
Thankzzzz bro
උපසිරැසි 200 ක්
බොහෝම ස්තූතියි සියල්ලටම……
ඒ වගේම මේ සුපිරි කතාවටත්…
දෙසිය වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් අක්කේ!
නවත්වනවා කියලා කොච්චර හිතාගත්තත් මේක නවත්තන්න බැහැ කියලා දන්නවා. මොකද, අපි හැමෝම සහෝදරත්වයේ බැඳීමකින් එක්හාසු කරලා තියෙන මේ උපසිරැසිකරණය කියන දේ කිසිම විදියකින් බිඳින්න බැරි දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවිය සහ සුවහසක් සිනමාලෝලීන් වෙනුවෙන් ඉටුකරන ලද මෙහය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම ලඟාවීමට ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
200වෙනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්..
සුරේනි අක්කා කිව්වහම ඉතින් කාටත් මතක් වෙන්නේ
කළු ලැයිස්තුව තමා ඉතින්. කාලයක් තිස්සේ හෙමින් හෙමින්
හරි 200 ගැහැව්වනෙ. ඒකත් දීලා තියෙන්න සුපිරිම ෆිලුමකින් තමා.
අර විමා කිව්වත් වගේ දැන් අක්කත් ප්ලැටිනම් ලෙවල් එකට ආවා එහෙනම්.
ඉස්සරහටත් හෙමින් හෙමින් හරි කමක් නෑ නවත්තන්නේ නැතුව උපසිරසි
ලබා දෙන්න කියලා තමා කියන්න තියෙන්නේ.එහෙමනම් ළගදීම 250 වෙනි උපසිරසියත්
ලැබෙයි කියලා හිතනවා.
වැඩි වැඩියෙන් සබ් කරන්නට කාලය ශක්තිය ලැබේවා. ඔබට ජයෙන් ජය!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුරේනි.
ජය.
200 ට ඔන්න සුබ පැතුම්.
ඉදිරියටත් තවත් විශිෂ්ඨ චිතරපට ගොඩකට සබ් දෙන්න ලැබේවා.
thanks sabata
200 ta suba pathum
nawa kadimata suba pathum
mage suba pathum
thanks sis
Thank you……jayawewa……!
200වෙනි උපසිරැසය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් අක්කි..
මෙතනින් නොනැවතී තව ඉදිරියට යන්න පාර්ථනා කරනවා.
Tnq a..
Thnx sis
Congrazz akka…..digtma karagena ymu.blacklist mn gdk kmathi tv series 1k.ekta sub dena 1 nm nwaththnna epa…ewagema mechchra kal krapu sewayata thnx…..gd luck….
සුබපැතුම් 200
200ට උණුසුම් සුබපැතුම් අක්කේ.
ප්ලැටිනම් ලෙවල් එකටත් ඇවිල්ල දැන් හෙමින් හෙමින් ආව ගමන.
බැනුම් අහගෙන බ්ලැක් ලිස්ට් එක අදින එකම ඇති ජාති ජාතිත් ටීවී සිරිස් ලොවක ඉපදෙන්න
වෙනසින් පස්සෙත් වැඩේ නවත්තන්නේ නැතුව හෙමින් සැරේ හරි කරගෙන යමු බයිස්කෝප් එකට තව සාමජිකයෙකුත් එකතු කරගෙනෙම 😀
අනිවාර්යෙන්ම ලංකාවේ හැම කෙනෙක්ම බලන්න ඕන, වටිනා ෆිල්ම් එකක්. කිසිම කම්මැලිකමක් නැහැ පැය දෙක යනවා දැනුනෙවත් නැහැ.
එහෙනම් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා ජයෙන් ජය වේවා…. 😀
congrdz Sureni akzz… Thanks ahh,,,
thank you
Hat off Respect SIS….really appreciate your works..thanks for giving us all of this…Great work & Lot of thanks SURENI Sis.wish u’r great future..
Sub ekata thanks
Sub ekata thanks akkee…
200 weni upasirasiyata suba pathanawa…
#Blacklist eka nawaththanne nathuwa digatama sub demu….
Jaya wewa
උණුසුම් සුබපැතුම් 200 වැනි උපසිරසියට
200’වැනි කඩයිමට සුබපැතුම් සුරේනි අක්කා.
මමනම් කියන්නේ නවතන්න එපා. මොකද එහෙම වුනත් අපරාදේ.
කළු ලැයිස්තුව මෙච්චර දුරක් කරන් ආවා වගේ හෙමින් සැරේ සබ් එකක් කරගෙන යමු.
250 වැන්නටත් ලගදීම ලගාවෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි.
ජය!!
Jaya wewa
Subapathum….
බොහොම ස්තූතියි සහෝදරී.200 උපසිරැසියට සුබපැතුම්
ජය වේවා!
200ට සුබපැතුම්. මෙතිනින් නොනැවති 250, 300 කඩඉම්වලින් හමු වෙමු… බොහොම ස්තුතියි සබ් එකටත්. බලා උන්න එකක්.
Nago , meke BR out wela godak kal , sub eka BR update karana .
thanks
උණුසුම් සුබ පැතුම් අක්කේ! 250, 300 කඩයිම් පහු කරන්නත් වාසනාව, ශක්තිය ලැබේවා!
AETAKOTAI NEYAMA FUN
SURENI PLZ AEKA DENNA
PLZ ANE MAN GODAK ASAI OAYGE SUB VALATA.MAN MEKA BISCOP WEB AEKATA KEEWA.BUT NOT DO IT,plz HOT TUB TIME MACHINE COMEDY meke 2 dunna.AEKA NEYAMETA HINA YANAWA.but 1 an 3 4 ne.PLZ OYATA PULUWANNAM AE TEKA DENNA.HOT TUB TIME 2 dunna KENA NEYAMA ENGLISH SUB VALA SINHALA TERUN DUNNA ADULT WORDS VUNATH.PLZ AEVIDEHATA DENNA ,AETAKOTAI fun.AM 30 +
I WISH YOU ALL THE BEST. THANKS FOR SUBTITLE
සුභපැතුම්…
නියමයි 250 ත් ඉක්මනටම ඕන.
ස්තුතියි මේකරන සේවාවට.
සුබපැතුම් සහෝදරී.උපසිරැසියට ස්තුතියි.ජයවේවා!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
200 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්..
200 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභ පතනවා අක්කේ!!!
ගොඩක් කල් ඉඳන් කරන මේ සේවයට ගොඩක් ස්තූතියි. ඒ වගේම බැනුම් අහගෙන හරි සිංහල උපසිරසි මෙච්චර කල් කරපු එක ලොකු දෙයක්. මං හිතන විදියට බයිස්කෝප් මෙච්චර කල් ආපු ගමනේ අක්කත් ලොකූ පුරුකක් වෙලා තියෙනවා මේ උපසිරසිත් එක්ක.
තවත් උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුභ පතනවා.
~~~~~ජීවිතය ජය ගන්න ~~~~~~~
~~~~~~මගපෙන්නවන්නේ ~~~~~~
~~~~අපේ සුන්දර සිහිනයන්ය ~~~~~
~~~~සිහිනයක් නොවන්නට පුළුවන~~
~~~~~ඒ අප සැබෑ මිනිසුන් නිසාවෙනි`
~~~~~සිහිනයකින් තොර ජිවිතයක්~~
~~~~~~නොමැත~~~~~~~~~~~
~~~~~~එහෙත් උත්සාහය කැපවීම ඇත්නම්
~~~~~~ඒ සිහින සැබෑවටම~~~~
~~~~~~ සිහිනයක් නොවනු ඇත~~
200 වනි කදිම පහු කරපු ඔයාට උණුසුම් සුබ පැතුම් අක්කේ
පුලුවන් විදිහට දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්ඩ
මෙච්චර කාලයක් අපිට සබ් දුන්න ඒවගෙන් මන් වැදිය බැලුවේ ටීවී සීරියස්
ඒවාට සබ් දුන්නට ගොඩක් ස්තුතියි
අනාගතේ කටයුතු සාර්ථක වෙනද කියලා ප්‍රා ර් ත නා ක ර න වා
සුබ අනාගතයක් වේවා
No..no..Don’t stop sis…keep continue….god bless you!…Thank you sooo much for this sub….don’t stop sis….good luck….
මන් කමෙන්ට් එක ටයිප් කරනකොට මෙන්න එකක් දාල එල
Suba pathum akke..nawaththanda epa digatama karandooooooooo