Crossbones [S01 : E05] | ටොම් ලෝව් පාවා දෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]
අද නම් ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. පසුගිය සතියෙත් විකාශය නොවුනු නිසාම අද අරගෙන එන මේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ පස්වෙනි කොටස දිහාවට හැරෙන්න කලින්, පසුගිය කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.
පසුගිය කොටසේදී ටොම් ලෝව් සමත් වෙනවා, කොමදෝරුතුමන්ට ඒත්තුගන්වන්න ඔහු මිය යමින් සිටින වග. ඒක ඇත්තද නැද්ද කියලා දන්නෙත් ටොම් ලෝව්ම තමයි. කොහොමහරි කොමදෝරුතුමන් ටොම් ලෝව්ගෙන් උදව් ඉල්ලනවා, යමක් සොරකම් කරන්නට. එය සාර්ථකව සොරකම් කරගන්නට ඔහු සමත් වෙනවා. ඒ අතර කොමදෝරු ටීච් හමුදාවක් මිලදී ගන්නවා. යම් කිසි ප්‍රහාරයක් එල්ල කිරීමේ පෙර සූදානමක් විදියට. ගියවර කොටස අවසානයේදී විලියම් ජැගර් විසින් සිරකරගෙන සිටි කාන්තාවක් දක්නට ලැබුනා. ඇය බ්ලැක්බියර්ඩ්ට එහෙමත් නැත්නම් කොමදෝරුතුමන්ට සම්බන්ධ වන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහට.
අද කොටස ගැනත් කෙටියෙන් කියන්නම්. ෆ්ලෙච්ගේ මඟ පෙන්වීම යටතේ දූපතේ කැලයේ සැඟවී සිටින වැද්දාගේ තිප්පොළ වෙත ටොම් ලෝව් යනවා. එතනදී ඔහුට හමුවෙනවා විශාල වෙඩි බෙහෙත් තොගයක්. ඒ වෙඩි බෙහෙත් තොගය යොදාගෙන බ්ලැක්බියර්ඩ් කරන්නට යන විනාශය අවබෝධ කරගන්නා ඔහු, නැවතත් ජැමෙයිකාවට යාමට තීරණය කරනවා ඒ ගැන අනතුරු අඟවන්න. බලන්න එහෙනම් අද කොටසේදී කුමක් වේවිද කියලා. ඇත්තටම ටොම් ලෝව් තමන් සමඟ මෙතෙක් කාලයක් සිටි මිනිසුන්ව පාවා දෙයිද? එහෙමත් නැත්නම් තමන්ගේ රාජ්‍යයට ද්‍රෝහී වෙයිද?.. මම ගියා. ජයම වේවා..! එලස්ස්ස්…
SInhala Subtitles
-- Count 2074 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
එල
සබට තුති
ඔබට ජය…………….
වාව්.
නියමයි යෂෝධ අයියේ.
වෙනදා වගේම ඔන්‍න සබ් එක ගත්‍තා.
එපිය බාන්‍න දැම්‍මා.
බලන්‍න නම් වෙන්‍නේ නෑ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!
ස්තුතියි යශෝධ!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamayi macho..
මේ ටිකේ නම් බලන්න උනේ නැ…
වැඩ පොඩ්ඩක් විතර වැඩි නිසා..
ඒත් කොටස් දෙකක් බැලුවා..සුපිරි කතාව..
ඔක්කොම එකසැරේ අරන් බලනවා..
ජය වේවා…
නියමයි සහෝ මේක දෙනකම් හිටියේ
තැන්කු….
ස්තුතියි
බොහොම ස්තුතියි සහො 😛
niyamai paraku wela dunnu eka nam watinawa,,, puluwannam KING KONG ekata sub dennako
thanks