අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ප්‍රබුද්ධ කේසර විතානගේසිංහල උපසිරැසි

Criminal Record [S01 : E08] Sinhala Subtitles | අපරාධ සටහන් – “කාර්ලා” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...
Criminal Record [S01 : E08] Sinhala Subtitles
මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ අවසන් හෙවත් අටවැනි කතාංගයයි. මේ දක්වා උද්වේගකර ලෙස කුතුහලය දනවමින් ගලාගෙන ආව කතාව අද කොටසින් අවසන් වෙනවා. මේ කතා මාලාවේ දෙවැනි කතා සමයකුත් නිෂ්පාදනය වෙමින් පවතින බවට ආරංචි අන්තර්ජාලයෙන් පළ වෙනවා. ඒකත් නිකුත් වුණාම එහි සිංහල උපසිරැසිත් සහෘද ඔබ හමුවට අරගෙන එන්න ‘බයිස්කෝප් සිංහලෙන්’ අපි සූදානම්!
 
Criminal Record [S01 : E08] Sinhala Subtitles
අද පළ වන කතාංගය ගැන:
  • අටවැනි (අවසන්) කොටස –  “Carla” – “කාර්ලා”
  • අධ්‍යක්ෂක –  Shaun James Grant 
  • තිරරචනය – Paul Rutman
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 පෙබරවාරි 21
  • IMDb Ratings –  7.5/10
Criminal Record [S01 : E08] Sinhala Subtitles
අටවෙනි කොටසේ මොකද වෙන්නේ කියල බලමු. හේස් වීථියේ නිර්නාමික අමතන්නිය විසින් 999ට දුන් ඇමතුමේ පටිගත කිරීමක් සමාජ මාධ්‍යය පුරා පැතිර යනවා. මේ අතර ජූන් සහ ඩැනියෙල් නඩුව සම්බන්ධයෙන් තර්ක කරනවා. ඩැනියෙල් සියලුම නඩු ගොනු ජුන්ට භාර දෙනවා. මහල් නිවාසයෙන් ලබාගත් ඩීඑන්ඒ හා ගැලපීමට අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් ඔවුන් සොයා ගන්නවා. ඩැනියෙල් කම්පනයට පත් කරන ලැයිස්තුවේ සැක සහිත නමක් ඩැනියෙල් දකිනවා. ඩැනියෙල් කිම් සමඟ මේ නම ගැන කතා කරනවා. කිම් ඔහුගේ අන්‍යස්ථානික භාවය ඔප්පු කළද ටෝනි අපරාධකරු නිදහස් කර තිබෙනවා. ඔවුන් ස්ටෙෆාන් ඈෂ් නම් අපරාධකරුවා හමුවීමට තීරණය කරනවා. මේ ඔස්සේ හෙළි වන්නේ ඔහු ඩැනියෙල්ගේ තොරතුරු සපයන්නෙක් බවත්, පොලිසිය විසින් ආරක්ෂිත මිනිසෙකු බවත්. මේ අතර පොලිසිය ස්ටෙෆාන් සහ කාර්ලා සොයනවා. ඔවුන් දෙදෙනාව පොලිසියට කොටුකරගන්න හැකිවෙයිද? නිර්නාමික අමතන්නිය කාර්ලා නිරුපද්‍රිතව ගලවා ගන්නට ඔවුන්ට හැකි වෙයිද? ස්ටෙෆාන්ගේ නම සැකකරු ලැයිස්තුවෙන් ඉවත් කිරීම ගැන ටෝනිට දඬුවම් කළ යුතු වෙනවා. ඩැනියෙල් එරල්ගේ පාපොච්චාරණයේ පටිගත කෙරුණු දර්ශන භාර දෙනවා. ටෝනි, ඩැනියෙල් සහ ඔහුගේ සහයක කිම් විසින් කළු ජාතික එරල්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කර තිබේද? නො එසේ නම් එරල් මැතිස්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ පූර්ව ඉතිහාසයක් නැති වුවද ඇඩිලේඩ් බරෝස් ඝාතනය සිදු කර තිබේද? පුරා කතාංග අටක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න ඔබට අද කතාවෙන් විසඳ ගන්න හැකි වෙයි.
 
Criminal Record [S01 : E08] Sinhala Subtitles

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E08.720p.WEB.x265-MiNX පිටපතටයි.එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! 

අපි ආයෙත් හමුවෙන්නේ බොලිවුඩයේ දියමන්ති විකුණන කඩමණ්ඩියක් කේන්ද්‍ර කරගත් පුරවරයකින්.
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Criminal Record [S01 : E08] Sinhala Subtitles
 

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 318 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Criminal Record [S01 : E08] Sinhala Subtitles

Previous BT1All BT1

4 thoughts on “Criminal Record [S01 : E08] Sinhala Subtitles | අපරාධ සටහන් – “කාර්ලා” [සිංහල උපසිරැසි සමඟ]

  • මේ සීරිස් එකට සම්පූර්ණයෙන් සබ් ගෙනාවට බයිස්කෝප් ටීම්එකට ස්තූතියි…
    මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Thanx bro. මේකේ Video Copy, Telegrame Chanal එකට දාන්නේ නැත්ද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *