Criminal Record [S01 : E02] Sinhala Subtitles | අපරාධ සටහන් – “ඇමතුම් දෙකක්” [සිංහල උපසිරැසි සමඟ]
Criminal Record [S01 : E02] Sinhala Subtitles
සුබ දවසක් වේවා හිතවතුනි. මෙන්න අද Criminal Records S01 එකේ දෙවැනි කොටස අරගෙන ආවා. සිංහල උපසිරැසිය පහළින් බාගන්න එහෙනම්!
අද පළ වන කතාංගය ගැන:
- දෙවැනි කොටස – “Two Calls” – “ඇමතුම් දෙකක්”
- අධ්‍යක්ෂක – Jim Loach
- තිරරචනය – Paul Rutman
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 10
- IMDb Ratings – 7.8/10
පොලිස් හදිසි ඇමතුම් සේවයේ ජැස්මින් වෙත නිර්නාමික ඇමතුම ලැබෙමින් අද කොටසේ කතාව වෙත යොමුවෙමු. පසුගිය කොටසේ අවසානයට ජූන් නිර්නාමික අමතන්නියව බේරා ගැනීමට මහල් නිවාස සංකීර්ණයට ගිය බව මතක ඇතිනෙ. මහල් නිවාස සංකීර්ණයට වුණාට පස්සේ ජූන් චූදිත මිනීමරුවා පසුපස හඹා යනවා. ඝාතකයා ඇයට පහර දී අතර පසුව ඔහු පළා යනවා. ජූන්ට නිර්නාමික අමතන්නියව ගලවා ගැනීමට හැකි වෙයිද? කොහොම වුණත් ජූන් නැවත රෝහලේදී මිනීමරුවා හඳුනා ගන්නවා. ඔහුගේ නම ක්ලයිව් සිල්කොක්ස්. සැබෑ මිනීමරුවා සෙවීමේ වගකීම ඩැනියෙල් හෙගර්ටිට පැවරෙනවා. ජූන් ඇගේ පරීක්ෂණය දිගටම කරගෙන යනවා. ඇයට අවසානයේ ක්ලයිව් සිල්කොක්ස්ව හොයා ගත හැකිවෙයිද?. ඔහු අත්අඩංගුවට ගෙන පාපොච්චාරණය කරවා ගත හැකිවෙයිද? ජූන් සැක කරන්නේ ඇමතුම් දෙකක් ලබාදුන්නේ එකම කාන්තාවක් විසින් බවයි. එහෙත් ඊට එදිරිව හෙගර්ටි විශ්වාස කරන්නේ පැහැදිලිවම ඒ දෙදෙනෙක් වෙන බවයි. හඬ විශේල්ෂනයෙන් පසුව තීන්දුව කුමක් විය හැකිද? අද කතාව සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ එහෙනම්.
එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 807 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks….
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
සබට ස්තූතියි මචං…
ඇඩ්මින්… සයිට් එක ලෝඩ්වෙන්න සෑහෙනවෙලාව යනවනේ මචං..
බලන්නම් මචෝ.
wrong subtitle link (pookkaalam sub)
eka haduwa saho…