Creed (2015) with Sinhala Subtitle | මම අත්වැරදීමක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]
දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්නේ. නමින් Creed. තිරගත වුණේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා සිට. අධ්‍යක්ෂණය Ryan Coogler විසින්.ධාවන කාලය පැය දෙකයි මිනිත්තු 13ක්. Drama, Sport කාණ්ඩවලටයි අයිති වෙන්නේ. නමින් Creed වුණාට මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රකට Rocky චිත්‍රපට මාලාවේ හත්වැන්න ලෙසයි. මින් පෙර
- Rocky (1976)
- Rocky II (1979)
- Rocky III (1982)
- Rocky IV (1985)
- Rocky V (1990)
- Rocky Balboa (2006)
යනාදී වශයෙන් චිත්‍රපට හයක් නිර්මාණය වෙලා තියනවා. මේ සෑම චිත්‍රපටයකටම පාදක වුණේ රොකී බල්බෝවා නමැති බොක්සිං ක්‍රීඩකයායි. ඒ සෑම චිත්‍රපටයක්ම පාහේ ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත්තා; සම්මානයට පාත්‍ර වුණා. ලෝකය පුරා රොකී මේනියාවක් පැතිර ගියා. මේ සෑම චිත්‍රපටයකම රොකීගේ චරිතයට පණ පෙවුවේ ජනප්‍රිය නළු Sylvester Stallone. ඔහුගේ ජනප්‍රියත්වයට Rambo චිත්‍රපට මාලාව වගේම රොකීත් ලොකු දායකත්වයක් දැක්වුවා. රොකී චිත්‍රපට මාලාවේම කොටසක් වුණාට , රොකී මේ චිත්‍රපටයේ වැදගත් භූමිකාවක් වුණාට මේ චිත්‍රපටයේ කතා නායකයා රොකී නම් නෙවෙයි. රොකී දෙවන චිත්‍රපටයේ රොකී අභියෝග කළ ලෝක ශූර ඇපලෝ ක්‍රීඩ් ඔයාලට මතක ඇති. ඔහු වෙනුවෙන් රංගනයෙන් දායක වුණේ Carl Weathers. ඒ වගේම රොකී හතරවෙනි චිත්‍රපටයේ Ivan Drago අතින් ඇපලෝ මිය ගිය බවත් ඔයාලට මතක ඇති. මේ චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ එතනින්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ ඇපලෝ ක්‍රීඩ්ගේ පුතා ඇඩෝනිස් ක්‍රීඩ්. ලැබිලා තියන IMDb අගය 8.3ක්. බොක්ස් ඔෆිස් ආදායම ඉතා ඉහළයි. IMDb හි හොඳම චිත්‍රපට 250 තුළ 185 වන ස්ථානය ලබාගෙන තියනවා.
කතාව ගැන කිවුවොත් මෙහෙමයි. ඇපලෝ ක්‍රීඩ්ගේ අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙක් තමයි ඇඩෝනිස් ක්‍රීඩ්. ඇඩෝනිස් උපදිනකොට තාත්තා මියගිහින්. අම්මාත් මිය ගියාට පස්සේ අනාථ නිවාසවලට භාර වෙන ඇඩෝනිස්ගේ අලුත් අම්මා වෙන්නේ ඇපලෝගේ නීත්‍යානුකූල බිරිඳ මේරි ඈන්. තාත්තාගේම පුතා නිසා ඇඩෝනිස්ගේ හිතත් බොක්සිං ක්‍රීඩාවටම ඇදිලා යනවා. ඒත් ඇඩෝනිස් කැමති වෙන්නේ නෑ තාත්තාගේ නම පාවිච්චි කරන්න. ඒ නිසා ඔහු ලෝකයාට ඇඩෝනිස් ජොන්සන්. බොක්සින්වලින් ලෝක ශූරයෙක් වෙන්න හිතාගෙන පුහුණු කරුවෙක් හොයාගෙන යන ඇඩෝනිස්ට කිසිකෙනෙක් උදව් කරන්නේ නෑ. අන්තිමට ඇඩෝනිස්ට මුණ ගැහෙන පුහුණුකරුවා තමයි තාත්තාගේ හොඳම යාලුවෙක් වෙලා හිටපු තාත්තාවත් පරාජය කරපු ෆිලඩෙල්ෆියාවේ පුරාවෘත්තයක් විදියට සලකන රොකී බල්බෝවා. ඉතිරිය ඔයාලට. කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක්. හැමෝටම උපසිරැසි එක්ක බලන්න ආරාධනා කරනවා. නැවතත් චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!
ඔබ සැමට සුභ නත්තලක් වේවා !
[button link=”https://goo.gl/uDNxbG” type=”icon” “center” newwindow=”yes”] 998 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න[/button]
908DBDFBCF6CB2053E93301982263D6F23132E7E
[button link=”https://goo.gl/JMj9bs” type=”icon” “center” newwindow=”yes”] 2.2 GB (1080p.Br) කොපිය මෙතනින් බාගන්න[/button]
61F4841963901478DB54DE00AECC72297EC2E0BD
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15263 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub eka download karanna be ni…. aaye danna berida plzzzzz….
දැන් ගන්න පුළුවන් සහෝ…
Bomada baanne
තෑන්ක්ස් වේවා!!
creed 2 dannakoo please
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි මචන් සබ් එකට❤❤
thank you very much
Thanks bro good luck.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank You !!!
Thanks…
Thanks sub ekata
upasheersha walata bohoma sthuthiy
Thanks bro…
බොහෝම ස්තූතියි සහෝ..
ජය වේවා…!!!
creed 2 sub ekath dannako bro plz mekath elama
Creed 2 එකට සබ් එක තාම හැදුවේ නැද්ද film එක ඇවිල්ලා තියෙන්නෙ
Thanks for Sub!
Thanks sub ekata
Creed 2 ekatath sub eka ikmaninma danna puluwannam.godak watinawa. Asama film collection eka tnx
yes youre right bro
Thank you bro
Thank you brother
සබේකට බොහොම ස්තූතියි
rocky V ekatai rocky balboa ekataith sub dennako anith 3tama thiyenawa….mekata sub dunnata thanks
#Hail_Hydra
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්
Niyamai kolla…………
Rocky seris eke anith films tikath danawanan godak watinawa….
JAYA!
Me Film ekath patta eth Rocky one ekata gahanna be.
kammali kame hitiye agata wadina film ekak nathuwa balanna… thanks sahoo me film ekata sub dunnata.
thank you bro
thanxxxxxxxxxxxxxxxx
elama…….ela
Thanks macho sub ekata……..
thanks subtitle ekata,jaya wewa !
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල සබට බොහොම ස්තූතියි අදිත……….
ස්තුතියි සහෝ…
එල එල මැක්සා බඩුවක් බන් තැන්ක්ස් සබට br ආවම බලමු අනිවා
බොහොම ස්තුතියි… 🙂
බොහොම ස්තුතියි මලේ උපසිරැසියට. හොද කොපියක් එනකන් ම ඉන්නවා. 🙂
imdb ranking gaththa 2015 top movie ekak
me filuma select karata thanks
wadeth patta………………………
thanx bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ptta malli
digtama sub demu
tnx
BR copy eka awama updte krnna
බොහෝම ස්තුතියි
නියමයි නියමයි……
සුපිරි වැඩක්
Another one…………
සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්….
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
එසේම වේවා සහෝ!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
අනිවා බානවා මේක නම්…
ජය!!!
බොහොම පින්.
ජය වේවා!!!!!!!!!!!!!!
niayamai…aniwa bamak thama….elazzz…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath subama suba naththalak wewa……
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….
rocky series eka iwara wela kiyala hithuwe. meeka genaawata thanks.
බොහොම ස්තුතියි අදිත සහෝ.ජයෙන් ජය !
තැනක් යු සබ් එකට කොලිටි එක කොහොමද දන්නේ නැ නේද කොපි එකේ