Cowboy Bebop (1998) [S01 : E11 & E12] Sinhala Subtitles | අද්භූත ප්‍රහාරකයා! [සිංහල උපසිරසි]
Cowboy Bebop [S01 : E11 & E12] Sinhala Subtitles
1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
පෘථිවිය සම්බන්ධ වුනු බවුන්ටි හන්ටින් එකකට ගිය ස්පයික්, ජෙට් සහ ෆේයි තුන් දෙනාට හම්බ වුනේ හිතුවෙවත් නැති දෙයක්. කවුරුවත් හරි හැටි විස්තරයක් නොදන්න මේ බවුන්ටිය වෙන් කරල තියෙන්නෙ කාලගුණ චන්ද්‍රිකාවක A.I එකට. මේ A.I එක තනියෙන් හිතලා ලේසර් මගින් පෘථිවියේ රූප අඳින එක කවුරුත් හිතුවෙ ඒක පිටසක්වලයින්ගේ වැඩක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි කියල පෘථිවියේම ඉන්න “රැඩිකල් එඩ්වඩ්” කියන පොඩි පිරිමි ළමයාම හොයා ගන්නවා. පොඩි වුනාට මේ රැඩිකල් එඩ්වඩ් කියන්නෙත් හැකර් කෙනෙක්. මෙයාගෙ උදව්වෙන් අන්තිමේදි මේ චන්ද්‍රිකාවටත් වැඩේ දෙන්න ස්පයික් සමත් වුනත්, චන්ද්‍රිකාව ජීවී ස්වරූපයක් නෙමෙයි නිසා බවුන්ටිය දෙන්නෙ නෑ කියන බලධාරීන්ගේ තීරණය නිසා මේ බවුන්ටියත් ලැබෙන්නෙ නෑ. ඒත් රැඩිකල් එඩ්වඩ්ට නම් අන්තිමේදි බිබොප් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබෙනවා. ඒ වගේම ජෙට්ගේ ගම වෙන ගැනිමෙඩෙ වලදී බවුන්ටි හන්ටින් එකක් සිද්ධ වෙනවා. ඒකෙදි අල්ලගන්න වුනේ අතීතයේදී ජෙට් එක්ක හිටපු කෙල්ලෙක්ගේ පෙම්වතෙක්. ඒ අතීතය අතීතයටම භාර කරලා ජෙට් ඒ බවුන්ටියත් අල්ලගෙන කෙල්ලටයි ගැනිමෙඩෙවලටයි සමු දීලා යනවා.
බිබොප් කණ්ඩායම අභිරහස් අදෘශ්‍යමාන තර්ජනයකට මුහුණ දෙනවා. මේ නිසා කණ්ඩායමේ එකිනෙකා රෝගී වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ස්පයික් විතරයි. කතාවේ මුලදී අපිට දකින්න ලැබුනු ජූලියා කියන නම ඇසූ පමණින් ස්පයික් කලබල වෙන පාටක් අපිට දකින්න ලැබුනා. ඒ වගේම ජූලියාව හොයන බවකුත් දකින්න ලැබුනා. ඔන්න එක පාරටම ආයෙත් ජූලියා කියන නම කරලියට එනවා. කවුද ජූලියා කියල කියන්නෙ? මොකක්ද මේ ජූලියා සම්බන්ධ සිදුවීම? ස්පයික් ජූලියාව හොයාගනීවිද? බිබොප් කණ්ඩායම මුහුණ දෙන තර්ජනය මොකක්ද? ස්පයික් ඒ තර්ජනයට තනියම මුහුණ දෙන්නෙ කොහොමද? මේක ටිකක් අද්භූතජනක වගේම උද්වේගයෙන් යුතු කතාවකින් සමන්විතයි. නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.
“See You Space Cowboy…”

Cowboy Bebop [S01 : E11 & E12] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 798 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි…