Cosmos: A SpaceTime Odyssey [S01 : E12] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]
අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.
මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.
මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.
ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.
මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.
ඒ වගේම,
විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,
ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…
ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…
ඉතින්…
එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…
[button link=”http://tinyw.in/uH0A” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/scam” type=”icon” “center” newwindow=”yes”] 273 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/pPLc” type=”icon” “center” newwindow=”yes”] 999 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/pB0l” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3013 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godakk Sthuthi..Jaya wewa!!
thank you
Thanks For Sub…Good Luck
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
වටිනා කතා මාලවක්… උපසිරැසියට ස්තුතියි ………….
Aththatama Cosmos series eka godak vadagath. Meka parivarthanaya karapu okkotama godaak sthutii…
සබට බොහොම ස්තුතියි සජීවි 😛 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි 🙂
tnx
නියම වැඩක්
මම ආසායි
අනිවා ගනනවා
ජය
නියමයි. සුභපැතුම් .. !
මේ කොටසත් ඉක්මනින් දුන්නට ස්තුතියි සහොදරී…. ඊලග කොටසින් ඉවරයි නේද.. Through the Wormhole කියලා Science Channel එකේ ගිය මේ වගේම Documentary එක්ක තියනවා.. ඔයාට පුලුවන්ද එක්ත් දෙන්න…. :):):)
නියමයි සජීවී සහෝදරී.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks dear sub ekatahh… digatama sub demu.
Thanks.
🙂
ela ela.tawa 1ine,me wage TV show denna tawath.jaya wewah
isthuthi
tnx sajeevi..nodanna godak de denagaththa me series eken..digatama karagena yanna…