අපි ඔබේ උපසිරැ​සි අගය කරමු

Baiscope.lk වෙබ් අඩවියේ සාඩම්බර කතුවරයෙක් වන්න ඔබටත් අවස්ථාවක්..

50 කට වැඩි උපසිරැසි නිර්මාණකරුවන් පිරිසක්
දැනටමත් Baiscope.lk තෝරාගෙන ඇත

ඔබ Movies / TV Series වලට ඇබ්බැහි කෙනෙක්ද?
එසේනම් අපගේ වෙබ් අඩවියේ උපසිරැසි ගැන්විමේ කතුවරයෙක් වීමට ඔබට අවස්ථාව තියෙනවා.
ඔබට ඔබේ දක්ෂතාව තවත් අයත් සමග බෙදාගන්න වගේම ඉන් ආදායමක් උපයන්න අවස්ථාවක්ද ලබාදෙන්න
Baiscope.lk වෙබ් අඩවිය සුදානම් වෙලා ඉන්නවා.

ඔබ කලයුත්තේ කුමක්ද?

ඔබ කැමති, ඔබ මෙතෙක් නරඹපු Movies හෝ TV Series එක ( අපගේ වෙබ් අඩවියේ නොවූ ) උපසිරැසි ගන්වා අපිට එවිම පමණයි. එම චිත්‍රපටය දැනට වෙනත් අයකු වෙන්කරගත් එකක් නොවන බවට මෙතනින් තවුරුකරගන්න. ඒවගේම ඔබ තෝරාගන්න ලද චිත්‍රපටයේ හෝ කතාමාලාවේ මුල් පිටපතට හානි නොවන ලෙස පරිවර්තනය කිරීමට නිරන්තරව උත්සහ කරන්න.

උපසිරැසි එවිමේ ක්‍රම වේදය

චිත්‍රපටයේ ඉංග්‍රීසි Web Rip පිටපතට අදාලව උපසිරැසි ගන්වනලද file එක, (.srt file ) එකක් ලෙස නිර්මාණය කිරිමෙ​න් පසුව එය ZIP ගොනුවක් වශයෙන් සාදා මෙම link එක ඔස්සේ, අනෙකුත් විස්තර සමගි​න් submit කල හැක.

● උපසිරැසි පරිවර්තනය කරන්නේ කොහොමද?

මෙහිදි ඔබගේ තොරතුරු නිවැරිදිව සදහන් කිරිමට වගබලා ගන්න.

ගෙවීම් හා කොන්දේසි

Baiscope.lk ඔබ විසින් එවන ලද උපසිරැසි අපගේ වෙබ් අඩවියේ පල විමෙන් ඔබගේ මුදල් එකතුවිම පටන් ගන්නා අතර එක් උපසිරැසිය​ක් සදහා රු 60 ගෙවනු ලැබෙයි. මෙය ආරම්භක දීමනාවක් පමණක් වන අතර ඔබ එක කරන උපසිරැසි ප්‍රමාණය අනුව එම මුදල ක්‍රමානුකුලව ඉහල යනු ඇත.


මුදල් ලබා ගැනිමෙදී රු.500 වැඩි ශේෂයක් පැවතිය යුතුය අතර ඔබේ ගිණුම් ශේෂය ඔබේ ගිණුම තුලින් පිරික්සිය හැකි අතර එය දින 3කට වරක් යාවත්කාලින වේ. රුපියල් 500 ශේෂය ඉක්මවා ගිය පසු ඔබේ ගිණුම් ශේෂය පිරික්සන ටැබ් එක තුලම ගෙවීම් ක්‍රමවේදය ඉල්ලුම් කල හැකි අතර ඉල්ලුම් කර දින 3ක් ඇතුලත මුදල් ලැබෙනු ඇත.

⚠️ වෙනත් වෙබ් අඩවියකින් ලබාගන්නා ලද උපසිරැසි ඒ අයුරින්ම අපට එවීමේදී හෝ උපසිරැසි වල අර්ථ නිරූපනයන් නොගැලපී ඇත්නම් එම උපසිරැසි අප වෙබ් අඩවියේ පල නොවනු ඇත.

ඔබට විශේෂිත වූ උපකාර සඳහා අපට ලියන්න. ➡️


“නිරන්තරව කතෘ හිමිකම් කඩ නොකිරීමට වගබලාගන්න.”

“Be careful not to infringe on copyright.”