Chori Chori Chupke Chupke (2001) Sinhala Subtitles | ආදරයට නවාතැනක්… [සිංහල උපසිරසි සමඟ]
2001 අවුරුද්දෙ තිරගත වුනු ජනප්‍රියම වගේම ලස්සනම චිත්‍රපටියක් තමයි මම මගෙ 46 වෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ. මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරල තියෙන්නෙ Khiladi, Baazigar, Soldier, Ajnabee, Baadshah, Aitraaz, Humraaz, 36 China Town, Race, Race 2 Kis Kisko Pyaar Karoon චිත්‍රපටි අද්‍යක්ශනය කරපු Abbas-Mustan. මේ චිත්‍රපටියෙ IMDb අගය 5.4 ක් වෙනවා වගේම 2001 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියක්ද වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය Avan Aval Adhu කියන දමිල චිත්‍රපටියෙ Remake එකක්. රංගනයෙන් දානය වෙන්නෙ Salman Khan, Rani Mukherji, Priety Zinta, Dilip Tahil, Farida Jalal, Amrish Puri සමග Prem Chopra. සංගීත අද්‍යක්ශනය කරල තියෙන්නෙ Anu malik. ගීත ගායනය කරන්නෙ Alka Yagnik, Udit Narayan, Sonu Nigam, Jaspinder Narula සහ Babul Suprio.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රාජ් කියන්නෙ ප්‍රසිද්ද ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්. ඒ පවුලෙ ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නෙ. රාජ්ගෙ සීයට ඕනෙ රාජ්ගෙ මුනුපුරෙක්ගෙ සුරතල් බලන්න. ඉතින් සීයගෙ යෝජනාවකින් රාජ් කසාද බදිනවා ප්‍රියාව. පස්සෙ ප්‍රියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ ගැන පවුලෙ ඔක්කොම බොහොම සතුටින් ඉන්නෙ. දවසක් සිද්ද වෙන අනතුරකින් මේ දරුවා බඩේදිම නැති වෙනවා වගේම නැවත ප්‍රියාට දරුවො ලබන්නත් බැරි වෙනවා. ඒත් මේ දෙන්න පවුලෙ අයට ඒ බව කියන්නෙ නෑ. ඉතින් පවුලෙ අය තව දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා, මේ දෙන්නට වෙන දරුවෙක් අරන් හදාගන්නත් බෑ මොකද රාජ්ගෙ සීයට ඕනෙ රාජ්ගෙ ලේ වලින්ම හැදුනු දරුවෙක්. මේ අතරෙ දවසක් ප්‍රියාට අහන්න ලැබෙනවා දායක මවකගෙන් දරුවන් ලබා ගැනීම ගැන. ඉතින් මේගොල්ලො ඒකට කැමති කෙනෙක්ව හොයනවා. මේ අතරෙ රාජ් ට මුන ගැහෙනවා මදූ ව. මදූ කියන්නෙ ගනිකා වෘත්තියෙ යෙදෙන කෙනෙක්. ඒත් මදූ කැමති වෙන නිසා එයාව ගන්නවා. ඉතින් මෙ තුන් දෙනා හැමෝටම බොරු තොගයක් කියල ස්විට්සර්ලන්ඩ් යනවා. එතන ඉඳන් මේ කතාව තුන් කොන් ආදර කතාව ක් විදිහට බොහොම අපූරුවට ගලාගෙන යනවා.
ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. 47 න් ආයෙ හම්බ වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4927 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
sub eke podi seen ekak tiyanwa wage.dailog tika kalin yanawa film ekata wada
Thank you …. I love this movie…..
බොහොම ස්තුතියි සබට බලපු එකක් උනාට ආයෙත් බලනවා සින්දු ටික ලස්සනයි
බොහොම ස්තූතියි උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
sub ekata bohoma stutie
Meka mama asama ekak mchn.
thanks!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thankx sis. Soldier 1998 ta sub denna.
ස්තුතියි නංගියේ උපසිරැසියට…ඉදිරි නිර්මාණවලටත් සුබපැතුම්…ජයවේවා !!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
I rly admire you sis..tnq u soooo much..keep going..all the best
plz rishtey 2002 720p sub dennako
Thanx sister.Har Dil Jo Pyar Karega me film ekatath sub dannako
supiri aith balateheki thans
Thanks.
thanx sister
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
හින්දි උපසිරැසියක් නම් ඉතින් ““දහරා මුතු අමා” කියන නම තමයි ගොඩක් වෙලාවට දකින්න පුලුවන්.
ජයෙන් ජය.
Old is Gold , Thank you sister .
ela