MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Child’s Play 3 (1991) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 3 [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

Child's Play 3 (1991)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හය වන උපසිරසියත් ගේනවා ඔයාලට. ඉතින් මේක මම කලින් දුන්න Child’s Play චිත්‍රපට මාලාවේම තුන් වැන්න. Fantasy, Horror, Thriller ගණයට අයිති වෙන IMDb අගය 4.9 ගත්ත ජනප්‍රිය චිත්‍රපටියක්. මේක බැලුවට පස්සේ ඔයාලට බයිස්කෝප් එකේ දැනට දීල තියන Bride of Chucky (1998), Seed of Chucky (2004)Curse of Chucky (2013) කියන ඒවා අනුපිළිවෙලින් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ චිත්‍රපට එකතුවත් සම්පුර්ණයි.

මේකෙ කතාව පටන් ගන්නේ දෙවෙනි කොටසේ කතාව සිදුවෙලා අවුරුදු අටක් ගිය තැන ඉඳල. ඇන්ඩි දැන් තරුණ වයසේ. හමුදා පාසලක එයා ඉගෙන ගන්නේ. ඒ අතරෙන් චකි නිර්මාණය කරපු සෙල්ලම් බඩු කොම්පැනිය බෝනික්කෝ ආපහු හදන්න පටන් ගන්නවා. එයාට ඒකට ගන්නේ පරණ අමු ද්‍රව්‍ය. ඉතින් චකිගේ කොටසුත් එතන තියනවා. ඉතින් බෝනික්කා නිර්මාණය උනාම එයාගේ අර නපුරු ආත්මයට ආපහු ජිවය ලැබෙනවා. ඉතින් චකි ඇන්ඩි ගෙන් පලි ගන්න බලන ගමන් කල්පනා කරනවා වෙනත් එයා ගැන දන්නේ නැති ළමයෙක් ගෙ ශරීරයට රිංගන්න. ඉතින් මොනවද වෙන්නේ. ඇන්ඩි ඒකට ඉඩ දේවිද මේ පාර චකි පරද්දන්නේ කොහොමද කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා.

ඔයාලට පොඩි දෙයක් පැහැදිලි කරලා දෙන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මම දන්නවා ඔයාලට මේ දවස් වල වීඩියෝ පිටපත් හොයාගන්න ලොකු ගැටළුවක් තියනවා කියල. එත් එකට එච්චර කලබල වෙන්න දෙයක් නැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ලැබෙන උපසිරසි ෆයිල් එකේ නම ගුගල් කරන එක විතරයි. එහෙම නැත්නම් ඔයාලට නමින් නොකිව්වත් ඔයාල දන්න ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් තියනවා. ඒවාට ලොග් වෙලා චිත්‍රපටි හොයන්න තියන තැන නම ඇතුලත් කල ගමන් ඔයාලට ඒක දකින්න පුළුවන්. මම විශේෂයෙන් මේක කියන්නේ මට නොවුනත් මම දැක්කා ඔයාල අපේ උපසිරසි ලබාදීපු සමහර යාළුවන්ට දොස් කියානවා, චිත්‍රපටිය හොයා ගන්න බැ කියල. එත් ඔයාල විනාඩි දෙක තුනක් ගුගල් එකේ හොයල බැලුවනම් ඔයාලට ඒක ලේසියෙන් හොයා ගන්න පුළුවන්. මොකද මේ උපසිරසි කරන අපිත් චිත්‍රපට හොයා ගන්නේ එහෙමයි.

මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ ආර්නෝල්ඩ් රඟපාන තවත් සුපිරි චිත්‍රපටියක්. ඉතින් ඒකෙන් හමුවෙන්න බලාපොරොත්තුව ඇතිව සමුගන්නම්.

 

බුදු සරණයි…!

 

 

Child's Play 3 (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3053 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Child’s Play 3 (1991) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 3 [සිංහල උපසිරසි සමඟ]

  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Thathsarani Nimsara

    Good job

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    Reply
  • helakumara

    asanka and bc lk thanks ///////////////////////////

    Reply
  • අසින්ත

    Thanks මන් දැන් බලන්නෙ, පට්ට Film series එක 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔබ වැනි උපසිරසි නිර්මාණ ශිල්පියෙක් මෙම වෙබ් එකට පැමිණ සිටීම ඉතාමත්ම අගය කරන්නට ඕන. ඔබගේ නිර්මාණ බොහොමයක් මා නැරඹුවා. ගොඩක් ස්තුතියි! ඒ වගේම ඔබගේ තෝරා ගැනීම් ඇත්තෙන්ම අනර්ඝයි.

    Reply
  • පරණ වුනත් මේවා සුපිරි චිත්‍රපටනේ. අපි මේවා බලනවා. ඔන්න ඉතින් බෑවා! ගොඩාක් ස්තූතියි සබ් වලටනම්…….

    Reply
  • බොබී

    ෆිල්ම් එකතු සම්පූර්ණ කරන එක නම් ලොකු දෙයක්. අපි සමහර සීරීස් ගන්න හදනකොට මුල ඒවාට සිංහල සබ් නෑ. කවුරු වුනත් පිළිවෙලකට වැඩ කරන්න දන්න සහෝදරයෙක්. ඔහොම දිගටම වැඩ කරගෙන යමු. අනාගතයට සුභ පැතුම්!

    Reply
  • කාටවත් නොදැනිව සයිඩ් එකෙ වෙනසක් කරන එකම කොල්ල.
    ස්තුතියි සහෝ මෙ කරන වැඩෙට නම්.

    Reply
  • සබ් එකට ස්තූතියි.

    Reply
  • මම ඔබ උපසිරැසි ලබා දුන් Child’s Play (1988) සහ Child’s Play 2 (1990) බැලුවා. ඒ දෙකම පට්ටයි. මට වෙලාව යනවා දැනුනෙත් නෑ. ඒවා පැරණි වුනත් හරිම නිර්මාණශීලී ලස්සන චිත්‍රපට. එකම කාලයකට කොටු නොවී මම නම් පැරණි චිත්‍රපට හැමදාටමත් නරඹනවා. වර්තමානයේ බිහිවෙන හොඳ චිත්‍රපට වගේම 1920 ගණන් වල ලස්සන පරණ චිත්‍රපටිත් මම බලනවා. මට එතකොට සුන්ධර අතීතෙකට ගියා වගේ දැනෙනවා. අපි දැකපු නැති තව පරණ ලස්සන ෆිල්ම් කොච්චරවත් තියනවාද… ඉදිරියටත් මෙසේ පරණ ඒවාට සබ් ලබා දෙන්න කියා මම ඉල්ලනවා සහෝ. ජය පතමි. බුදු සරණයි!

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි.

    Reply
  • praneeth madu

    tnx saho..keep going mcn

    Reply
  • ස්තුතියි උපසිරැසියට සහෝ.ජය වේවා!

    Reply
  • Udara Damith B\K

    බො බොහොම ස්තූතියි
    හො

    ස්තූ
    ති
    යි

    Reply
    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

      Reply
  • පරණ ඒවාට sub දාන එකේ අලුත් film වලට sub දාන්නකෝ

    Reply
    • Withanage Priyantha Dayakeerthi

      (ඔබලාට අලුත් ඒවාත් දෙන අතරතුර, පැරණි චිත්‍රපට ප්‍රිය කරනා අප වෙනුවෙන්ද ඉක්මනින් සබ් එකක් දාන්න ඉන්න එකම සොයුරාත් ඔය පැත්තට පමණක් නම්මා ගන්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටින්නෙමි) මීට පෙර කොටස් දෙකම බැලුවා. මෙම උපසිරසියටත් ස්තුතිවන්ත වෙමි!

      Reply
      • එක අනුමත කරනව මමත්. New මූවී වලට උපසිරැසි ගන්වන්න ඔන තරම් උපසිරැසි කරුවන් දැන් සයිඩ් එකෙ ඉන්න එහෙම එකෙ මෙ සහෝ කරන වැඩෙ අගයනව.. සුපිරි සෙට් එකක් දුන්නෙ , ස්තුතියි කරන්න ඔනෙ එකට

        Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *