Chalo (2018) Sinhala Subtitles | මායිමකින් වෙන් කළ නොහැකි ආදරය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද උපසිරැසි අරන් අවේ මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම බ්ලොක්බස්ටර් ලේබල් එක අලව ගන්න හැකියාව ලැබුණු තෙලුගු චිත්‍රපටයට. ආය කියන්න නම් දෙයක් නෑ. අනිවාර්යයෙන් අරන් බලන්න කියලා තමයි කියන්නේ. ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි.
මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළේ 2018 පෙබරවාරි 2 වෙනිදා සිටයි. Romantic, Comedy කියන කාණ්ඩ යටතේ නිකුත් කෙරුණු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Venky Kudumula විසින්. ඒ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. සංගීතය Mahati Swara Sagar ගෙන්. ලස්සන සින්දු ටිකකුත් තිබ්බත් ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සින්දු වලට සබ් කරලා තිබ්බේ නෑ. ඉතින් අන්තර්ජාලයෙන් සින්දු වල ඉංග්‍රීසි පරිවර්තනයක් තිබ්බේ “Choosi Chudangane” කියන හොඳම සින්දුවට විතරයි. ඉතින් ඒකටත් කාළ රාමු හදලා උපසිරැසිය ඇතුලත් කරලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ Naga Shaurya(හරී ලෙසින්) සමගින් Rashmika Mandanna(කාර්තිකා ලෙසින්). ඉන්දියානු රුපියල් කෝටි 3 ක බජට් එකකින් කෝටි 24 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා දෙන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. එමගින් තම දිවියේ වැඩිම දළ ආදායම් උපයා දුන් චිත්‍රපටය බවට පත් කර ගන්නට Naga Shaurya හට හැකියාව ලැබුණා. විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් මේ චිත්‍රපටයට මේ වන විට Imdb දර්ශකයේ 7 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා.
කතාව ගැන බැලුවොත්, අපේ කතා නායකයා වන හරී, අත දරුවා කාලෙදි අඬනකොට නලවන්න එයාගේ අම්මා තාත්තට තමයි බාර දෙන්නේ. තාත්තා පුතාව නලවගන්න කරන්නේ “පුතේ මේ මාමාට එකක් ගහන්න” කියලා හරීගේ අතින් අල්ලන් අහල පහල ඉන්න අයට ගහන එක. එතකොට හරී හිනා වෙලා අඬන එක නවත්වනවා. ඉතින් ඔය පුරුද්ද දිගටම යනවා. තරුණ වයසට ආවට පස්සෙත් කොහේ හරි රණ්ඩුවක් දැක්කොත් කාගෙද, මොනාටද කියන එක අදාලා නෑ අහුවෙන හැම එකාටම ගහනවා. දවසක් පොලිසියට මාට්ටු වුනාට පස්සේ පොලිසියෙන් අවවාද කරනවා “ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට වියදම් කරන ඔයාගේ තාත්තා මේ ගැන දැනගත්තොත් මොනවා වෙයිද” කියලා. එතකොට හරී කියනවා “පොඩි කාලෙදිම ගහන්න උන්න්දු කරේ එයා තමයි සර්” කියලා. එතකොට පොලිසියෙන් නියෝග කරනවා මෙයා ආපහු රණ්ඩු වලට පැටලිලා අහුවෙන ගානට, මෙයාගේ තාත්තාව කූඩුවට දාන්න කියලා. 😛 තාත්තා පොලිස් කූඩුවේ ඉඳන් කියන කතාවකින් තමයි මේ කතාව පටන්ගන්නේ. දිගටම මේක කරන්න බැරි නිසා හරීව ඉගෙනුම ලබමින් හිටිය කොලේජ් එකෙන් තිරුපුරම් වල කොලේජ් එකකට මාරු කරගන්නවා. තිරුපුරම් කියන්නේ ආන්ද්‍රා-තමිල්නාඩු මායිමේ තියෙන ගමක්. මේ ගම මැදින් තමයි ඒ පළාත් දෙක වෙන් වන සීමාව තියෙන්නේ. සීමාවෙන් එක පැත්තක තෙලුගු අය,අනිත් පැත්තේ දෙමළ අය. මේ දෙගොල්ලෝ එකාට එකා නයි වෛරෙන් ඉන්නේ. ඉතින් ඔය වගේ ගමකට තමයි මෙයාව යවන්නේ.
ඉතින් මේ ගමේදි තමයි හරී ට කාර්තිකාව මුණගැහෙන්නේ. ඉතින් මේ ගමට ගිහිල්ලා මොන වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න හරීට සිද්ද වෙයිද? කාර්තිකාව මුණගැහෙන්නේ කොහොමද? මොන වගේ ආදර කතාවක් ගලාගෙන යයිද? ඒවා ඉතින් බලලම අත් විඳින්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28649 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
THANKS SUB EKATA
බොහෝම ස්තුතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට…ජයවේවා “” !
සබ් එක හැදුවද බ්‍රෝ
Thanks
geetha chalo week end party eke sinhala sub hadala dennako
ba
thanks sub ekata jayawewa……….
Thanx sinhala subtitles ekata
good job mcn thanks
Supiriii
ela
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thnq brthr
thank
සුපිරි
Thank you very much..
Very nice bro thanks ❤️❤️❤️❤️……..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx for your sub
Mewala films kohenda appa hoyaganne….
Thank you
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
ජයෙන් ජය.
sub ekt thnx bro <3
Thank you
bohoma sthuthi sahooo jaya ..
THANKZ SAHO
Thank you Bro
Thanks….
ela..ela..saho..
Subata thanks…
Jaya wewa…!!!
super……..
sub akata thanks saho
Thanks bro
telugu nm bamak thama…subata thanks saho…keep it up…
ස්තුතියි කිව්වා උපසිරසියට….
ඔන්න අරගන්නවා.. ජයෙන් ජය..!!!
thanks
ඇයි බං සබ් දෙන්න පරක්කු වෙන්නෙ ගොඩක්.
කරන දේ නම් මිල කරන්න බැරි තරං වටිනවා..ආය එකෙ දෙකක් නෑ
ඒත් ෆිල්ම් එකෙ හොද කොෆියක් ඇවිත් මාසයක් ඇතුලත වගේ සබ් එක දෙන්න පුලුවන්නම් එල..
බොහොමත්ම ස්තූතියි සහෝ …………..
Thankyou
බොහොම ස්තූතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ඔන්න අපිත් බාගත්තා හොඳේ. තැන්කු වේවා, තව එකක් ඉක්මනටම කරමූ නේද
Thanks machan
Thanks machan
සබ් එකට ස්තූතියි සහෝ…
tnx mcn