Castlevania [S02 : E05 & E06] Sinhala Subtitles | සුරක්ෂිතාගාරය සහ බලකොටුව..! [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්..!
ඉතිං අපි කලින් කොටසෙ දැක්ක කර්මෙලා සහ ගෝඩ්බ්‍රෑන්ඩ් ඩ්‍රැකියුලාට එරෙහිව වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය. මොවුන් විශ්වාස කරන්නෙ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීම හොඳ අදහසක් නෙවෙයි කියල. ඒ වගේම ඩ්‍රැකියුලා උමතු වෙලා කියල ඔවුන් විශ්වාස කරනව. මේ නිසා කර්මෙලා ඩ්‍රැකියුලාගෙන් බලය පැහැර ගන්නා ආකාරයක් ගැන පිඹුරුපත් සකස් කරනව. හැබැයි ඩ්‍රැකියුලාගෙ ප්‍රධාන යුධ නිළධාරීන් අයිසැක් සහ හෙක්ටර් මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් ආකාරයකට. ඉතිං ඒ අනුව ගෝඩ්බ්‍රෑන්ඩ්ට මේ කුමන්ත්‍රණය වෙනුවෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනව. ඒ අනුව ගෝඩ්බ්‍රෑන්ඩ් හට මේ කුමන්ත්‍රණය නිසා ජීවිතය අහිමි වුණා. ඒ අතරෙ අලූකාඩ් ඇතුළු පිරිස බෙල්මොන්ට් සුරක්ෂිතාගාරයට ඇතුළු වුණා.
ඉතිං ඔන්න අද බලාගන්න පුළුවන් කර්මෙලා තමන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මුලික අඩිතාලම දාන හැටි. මේකට ඇයට හෙක්ටර්ගෙ සහය ලැබෙනව. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නෙ ඩ්‍රැකියුලා බල්කොටුව බ්‍රෙයිලා කියන නගරය වෙත අරගෙන යන්න. එතැන ඉඳල තමයි කර්මෙලා තමන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නෙ. මේ අතරෙ සයිෆා බෙල්මොන්ට් සුරක්ෂිතාගාරය තුළින් බොහෝ වටිනා විස්තර හොයා ගනු ලබනවා. ඒ වගේම ඔවුන් සුරක්ෂිතාගාරය තුළ ඉන්න අතරෙ දරුණු ප්‍රහාරයක් එල්ල වෙනව. සයිෆා සහ අලූකාඩ් අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක යෙදිල ඉන්න නිසා, මේ ප්‍රහාරයට තනිවම මුහුණ දෙන්න ට්‍රෙවර් හට සිදු වෙනව. ඇති නේ කිව්ව. එහෙනම් අවසාන කොටස් දෙකෙන් ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3533 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
උපසිරසියට බොහෝම ස්තූතියි.
Thnx mchan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you bro !
THANKS.X FILES SEASON 7 8 SINHALA SUB DENNAKO
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේ කතාව ඉක්මනින් ගේන්න මහන්සි වෙනවට බොහොම ස්තූතියි සහෝ! ✌❤
ජය වේවා!