Burning Bright (2010) with Sinhala Subtitles | රුදුරු ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න මුකුත්ම ක්‍රමයක් නෑ. දොර, ජනෙල් ඔක්කොම ලෑලි ගහලා අවහිර කරලා. කෙටියෙන්ම කිව්වොත් කලින්ම සැලසුම් කරපු ඉතාමත්ම සූක්ෂම මිනීමැරුමක්.
ඒ ඔක්කොමත් හරියි කියමුකෝ. පොඩ්ඩ ඇත්නම් තරහා ගිහින් යකා නටන පොඩි මන්ද මානසික මල්ලි කෙනෙකුත් ඔයාට ඉන්නවා. එයාගෙ කරදරේ ඔක්කොටම එහා. කොටියා ඔය දෙන්නා පස්සෙන් පන්නගෙන එනකොට මල්ලි බඩගිනියි, කෑම ඕනි කියලා කෑ ගහනවා. ඇත්තමයි ඔයා වුනා නම් ඒ වෙලාවට මොනවා කරයිද කියලා ඔයාටවත් හිතාගන්න බෑ නේද? සමහරවිට මල්ලිගේ ලෙඩේ අමතක කරලා කන පුරෝලා එකක් ගහයි ”කෑ නොගහ හිටු” කියලා. ඉතින් එහෙම නොකර පුදුම විදිහෙ ආදරේකින් තමන්ගේ මල්ලි ටොම්වත් බලාගන්න අක්කා කෙනෙක් තමයි ”කෙලී” කියන්නේ. මල්ලි වෙනුවෙන් මෙයා කොච්චර කැප කිරීම් කරනවද කිව්වොත් තමන්ගෙ උසස් අධ්‍යාපනේට පවා ආයුබෝවන් කියන්නයි කෙලී හදන්නේ තමන්ගෙ මල්ලිව බලාගන්න ඕනි හින්දම. ඒ වගේ සංවේදී කතාවකුත් මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙනවා. තවත් කියවන්න ගියොත් කතාව මෙලෝ රහක් නැතිවෙයි. ඒ හින්දා ඔයාලම අරන් බලන්නකෝ මේ දේවල් සිද්ධවෙන්නෙ කොහොමද? මේ දරුණු සැලසුම කාගෙ අදහසක්ද? මල්ලිවත් බේරගෙන තමන්ටත් බේරෙන්න කෙලීට පුළුවන් වෙයිද කියලා..
IMDB දර්ශකයේ 5.9 ක අගයක් දිනාගන්න සමත් වෙලා තියෙන Drama/ Horror/ Thriller ගණයට වැටෙන මේ චිත්‍රපටයේ කෙලීගේ චරිතයට Briana Evigan වගේම ටොම්ගේ චරිතයට Charlie Tahan පණ පොවනවා. කෙලී එහෙම නැත්නම් Briana Evigan තමයි Step up කතා මාලාවේ ඇන්ඩිගේ චරිතයට පණ පොවන්නේ.
එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටමත්, බයිස්කෝප් අඩවියටත් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
burning.bright.2010.720p.bluray.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2981 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you brother
Thank you
elama bro…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
Thanks bro……jayawewa…..!
Supiri film ekak saho.jaya wewa obata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි .
…
Oka e dawas wala dvd wala baluwa matakai
Post eka dakiddima matak una
Sab eka damma ekata stuthi saho
Watinawa
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
ජය!
elama saho thanks
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
පට්ට පිලුමක්නෙ මචං. එල එල. ජයවේවා. බබොහෝම පිං.