Breaking Bad [S01 : E01] | නරකෙන්ම කරමු – ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
ලෝකයේ අංක 1 Tv Series එක බලමුද? එහෙනම් ඉතින් ඔයාලා ඇවිත් තියෙන්නේ හරිම තැනටයි. මේ වෙන තෙක්ම ලෝකයේ අංක 01 ටිවි සිරියස් එක වුන Breaking Bad කතා මාලාවේ සිංහල උපසිරස අද ඉදන් මම ඔයාලට ගේනවා. Imdb දර්ශකයේ 9.5 ඉතා විශාල ප්‍රසිද්ධියක් දිනාගෙන තියෙන මේ කතාව 2009 ඉදන් 2013 දක්වා American Movie Classics (AMC) නාලිකාවේ විකාශනය වුනා. මේ කතාව බලපු අය නම් ගොඩක් ඇති. ඔයා බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න. මොකද කොච්චර ටිවි සිරියස් බැලුවත් වැඩක් නෑ Breaking Bad බැලුවේ නැත්නම්. 😀 ඔයාලට අද ඉදන් දවසට එක කොටස ගානේ මේ කතාව ලැබෙන නිසා ලේසියෙන් බලන්න පුලුවන් වේවි. එහෙනම් මුල ඉදන්ම පටන් ගමු මේ කතාව… . .
වොල්ටර් වයිට්, ඇමරිකාවේ ජිවත් වෙන ඉස්කෝලයක උගන්වන සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයෙක්. එයාගේ බිරිද වුන ස්කයිලර් සහ පුතා වුන වොල්ටර් ජූනියර් එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙන වොල්ටර් හදිසියේම අසනීප වෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාගේ පෙනහළුවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ මදිවට මෙයා ඉක්මන්ම මැරිලා යනවා කියලා තමයි මෙයාගේ දොස්තරලා කියන්නේ. එතකොට මෙයාගේ බිරිදයි පුතයි ජිවත් වෙන්නේ කොහොමද? වොල්ටර්ගේ හිතට එන පළවෙනි ප්‍රශ්නය තමයි ඒ. මේ අතරේ වොල්ටර් එයාගේ මස්සිනා වුන එහෙමත් නැත්නම් පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරියෙක් වුන හැන්ක් එක්ක මෙත් කියන කුඩු ජාතිය හදන හොර තිප්පලක් වටලන්න යනවා. මේ ගමනින් වොල්ටර්ගේ ජීවිතය ගොඩක් දුරට වෙනස් වෙනවා. ඇත්තටම මෙයාට මොකද වුනේ? කොයි වගේ විදියට එයාගේ ජිවිතය වෙනස් වුනේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 74058 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
128 thoughts on “Breaking Bad [S01 : E01] | නරකෙන්ම කරමු – ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]”