MENU

18+AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධරොෂාන් ශමීර ජයසිංහසිංහල උපසිරැසි

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 10 votes.
Please wait...

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..

සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ.

Braddock: Missing in Action III

කර්නල් බ්‍රැඩ්ඩොක් වියට්නාමයේ සිටින අතර එක් වියට්නාම් තරුණියක් හා පෙමින් බැඳෙනවා. සයිගොන් නුවර කඩා වැටෙද්දි සිදුවන කලහකාරී සිදුවීමෙන් කර්නල් බ්‍රැඩ්ඩොක් තුවාල ලබා හදිසියේ පිටත්ව යනවා. ඒ වන විටත් ඔහු දැන ගෙන ඉන්නවා තමන්ගේ බිරිඳ බෝම්බ ප්‍රහාරයකින් මියගිහින් කියලා. වසර 12කට පසු හදිසියේම ඔහුට දැනගන්න ලැබෙනවා ඔහුගේ බිරිඳ සහ පුතා තවමත් තාඩන පීඩන මැද වියට්නාමයේ ජීවත්වෙන බව. කවදාවත් ආපහු වියට්නාමයට නොයන්න සිටි කර්නල්ගේ වියට්නාම් ගමන ඇරඹෙන්නේ මෙතනිනුයි…

සුපුරුදු පරිදි කර්නල් ජෙම්ස් බ්‍රැඩ්ඩොක් ලෙස චක් නෝරිස් රංඟනයෙන් එකතු වන අතර Aki Aleong, Yehuda Efroni සහ Roland Harrah ඇතුළු රංඟන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී ඇත. මෙහි කතාව රචනා කර ඇත්තේ James Bruner සමඟින් Chuck Norris ය. සුපුරුදු ලෙස නිෂ්පාදනයෙන් Menahem Golan සහ Yoram Globus එක්වන අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චක් නෝරිස්ගේ බාල සොහොයුරු වන Aaron Norris විසිනි.

1988 ජනවාරි 22 වන දින එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය ආරම්භක සති අන්තයේදී ඩොලර් 2,210,401 ක් ලබා ගනිමින් බොක්ස් ඔෆිස් හි අංක 5 ස්ථානයට පත්වීමට සමත් වී ඇත. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 103 කි. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 4.9 ක්, Rotten Tomatoes 40% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1510 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

17 thoughts on “Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    අම්මෝ චක් නෝරිස් අයියාගේ ෆිල්ම් එකක්
    එයාගේ තව පරන ෆිල්ම් ගොඩක් තියෙනවා ඒවාටත් සබ් දෙන්න

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • A r perera

    මේක බලන්න ඕන .කලින් වෙන සයිට් එකකින් මුල් කොටස් සබ් එක්ක බැලුවා තුන් වෙනි කොටස නොතිබිණි …ඔබට ස්තුතිය

    Reply
  • රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා.
    මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

    Reply
  • උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    චක් නොරිස් ගේ ගොඩක් ෆිල්ම් නැහැනේ. ටිකයිනේ තියෙන්නේ. හරියට බෲස්ලීගේ වගේ. ඒ නිසා සහෝට පුලු පුලුවන් විවේකී වෙලාවට චක් නොරිස් ගේ ෆිල්ම් ටික එකින් එක සබ් කරන්න පුලුවන් නම් නම් ලොකු දෙයක්. සහෝ ඇරෙන්න මේ ෆිල්ම් වලට සබ් කරන්න වෙන කවුරුවත් නෑනේ බයිස්කෝප් අඩවියේ. සහෝ ලොකු සේවාවක් මේ කරන්නේ.

    චක් නොරිස්

    (Breaker! Breaker!-1977) (Good Guys wear Black-1978) (A Force of One-1979) (The Octagon-1980) (An Eye for an Eye-1981) (Silent Rage-1982) (Lone wold Mcquade-1983) (Code of Silence-1985) (Invasion U.S.A.-1985) (Forest Warrior-1996)

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න වෙලාවක් තියනවා නම්.

    වෑන් ඩෑම්

    Black Eagle – 1988
    Street Fighter – 1994

    ආර්නොල්ඩ්

    Hercules in New york – 1970
    Red Sonja – 1985

    සිල්වෙස්ටර් ස්ටැලෝන්

    Rhinestone – 1984
    Tango & Cash – 1989

    ජෙට් ලී

    Shaolin Temple – 1982
    Kids from Shaolin – 1984

    ජැකී චෑන්

    Island of Fire – 1990
    (Huo shao dao)

    Crime Story – 1993
    (Jung on zo)

    Reply
  • ප්‍රබුද්ධ

    සුපිරියි මේ ෆිල්ම් සෙට් එක පොඩි කාලේ ITN එකෙක් බැලුවා නියමයි….පුලුවන්නම් චක්නෝරිස්ගේ Delta Force ෆිල්ම් සෙට් එකට සබ් දෙන්න…ගොඩක් ස්තුතියි…

    Reply
  • supiri macho 3ma dunna ikmanatama.. Thanks

    Reply
  • Brother puluwn nm parans serial killer type eke movies tikak dennko….
    Chuck noris hitpu serial killer parana ekakuth mta bluwa wge mthakai

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සුපිරි ෆිල්ම් තුනක් චක් නෝරිස්ගෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *