Boy Missing (2016) AKA Secuestro Sinhala Subtitle | වැරදුණු අනතුරු ඇඟවීම [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් හැමෝටම. ඔන්න මාස 4 කට විතර පස්සෙ මගේ 26 වැනි උපසිරැසිය විදියට ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ආවා.
Secuestro කියන නමින් 2016 අගෝස්තු වල මුල් වරට ස්පාඤ්ඤයේ තිරගත වෙන මේ සිනමා පටය පසුව Boy Missing කියන ඉංග්‍රීසි නමිනුත් වෙනත් රටවල තිරගත වෙනවා.
Crime, Drama, Mystery කියන category වලට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mar Targarona. ලියල තියෙන්නේ Oriol Paulo. රංගනයෙන් Blanca Portillo, Antonio Dechent, Vicente Romero වගේ අය දායක වෙනවා. මේ නිර්මාණයට හිමිවෙලා තියන IMDB අගය 6.4 ක්. Thriller බලන්න කැමති අයට හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. අපි කතාව ගැනත් පොඩ්ඩක් බලමු.
ඉස්කෝලෙ වෙලාවේ තුවාල සහිතව පාරෙ ඇවිද ඇවිද හිටපු පොඩි ළමයෙක් රෝහල් ගත කරනවා. එයාගෙන් කිසි කතාවක් ප්‍රතිචාරයක් නැති නිසා පොලීසිය උත්සාහ කරලා අම්මව හොයාගන්නවා. මේ ළමයා ප්‍රසිද්ධ නීතිඥ වරියක් වුණු පැට්‍රිෂියා ඩි ලූකස් ගේ පුතා වික්ටර්. එයා ආවම තමයි දැනගන්නේ මේ දරුවා බිහිරි බව. ශ්‍රවනාධාරක නැතිව එයාට ඇහෙන්නේ නෑ. කතා කිරීමත් දුර්වලයි. ඒත් අම්මා සංඥා භාෂාවෙන් පොලීසියට තොරතුරු අරං දෙනවා. ළමය කියන්නේ ඉස්කෝලෙ ළඟදී කෙනෙක් එයාව පැහැරගත්තා, එයා පැනල ආව කියල. දීපු තොරතුරු අනුව චාලි කියල හොරකම් සම්බන්ධයෙන් දඬුවම් ලබපු කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්නවා.
ඒත් තහවුරු කරන්න සාක්ෂි නැති නිසා එයා නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ එයා ආපහු පුතාගේ පස්සෙන් එනවා කියල පැට්‍රිෂියා පැමිණිළි කරනවා. ඒත් සාක්ෂි නැතිව රඳවාගන්න බෑ කියල තමයි පොලීසිය කියන්නේ. ඉතින් එයා රාවුල් කියල කෙනෙක් හම්බවෙලා ඉල්ලනවා චාලි පුතා පස්සෙන් එන එක නවත්තන්න අනතුරු ඇඟවීමක් කරන්න කියල. මේ රාවුල් කියන්නෙත් මෙයාලට සම්බන්ධ විශේෂ කෙනෙක්. කොහොම වුණත් චාලි බය කරන්න ගත්ත මේ තීරණය නිසා එයාලට නොහිතපු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.
ඉතින් ඇත්තටම දරුවව පැහැරගත්තේ චාලි ද, රාවුල් කියන්නේ කවුද, චාලි බය කරන්න ගිහින් මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ දේවල් වලටද කියල මේ ෆිල්ම් එක බලලම දැනගන්න.
ඉතින් ආපහු ඉඩ තියන වෙලාවක සබ් එකක් අරං එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. එතකන් අපි හැමෝම මීටරෙන් ඉඳගෙන, මූණ වහගෙන, අත් හෝදගෙන ආරක්ෂා වෙලා ඉමු. බයිස්කෝප් කණ්ඩායම ඇතුළු හැමෝටම ලෙඩ රෝග වලින් තොර සුවබර දිවියක් වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3163 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
Thanks ……..good luck ……………
Thanks sub ekata
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි උපසිරැසියට…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks jayawewa……!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!