Black (2015) Sinhala Subtitles | කලුවෝ [සිංහල උපසිරසි]
ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මගේ 16 වෙනි සබ් එක අරගෙන ආවා, දන්නවනෙ මම කාලයක් මේ වැඩෙන් අයින් වෙන්න හිතල ආයෙත් ආවා දාල යන්න බැරි මිනිස්සු ටිකක් නිසා. හැබැයි මේ පාර නම් සමහරවිට මේ මගේ අන්තිම එක වෙන්නත් පුළුවන්.ඒකට හේතුව මේ ලිපිය ලියන මම මේ වෙද්දි කොරෝනා රෝගියෙක්.
අදට මම පොසිටිව් වෙලා හතරවෙනි දවස යන්නෙ.. මුල් දවස් දෙකේ තරම් අමාරු නැති උනත් මේ වෙද්දි හුස්ම ටිකක් ලාවට හිරවෙන ගතිය එනවා, ඒත් මට තදටම අමාරුවක් නෑ,හොස්පිටල් ඉඩ මදි නිසා ගෙදර තමයි ඉන්නෙ. කාමරේට වෙලා ලොක් වෙලා ඉද්දි දවල් දවසෙම කරන්න දෙයක් නෑ. ඒක නිසා මම මේ ෆිල්ම් එක කරන්න හිතුවා.. මට ගොඩක් රෝග ලක්ෂන එන්නෙ රෑට. දැන් මේ ලියුම ටයිප් කරද්දිත් අවුලක් නෑ, ඒත් රෑ එක දෙක වෙද්දි තමයි හුස්ම වලට දුවන්න ගන්නෙ.. මම නම් හිතන්නෙ නෑ මම මැරේවි කියල, සමහරවිට කියන්නත් බෑ. කොහොමත් අපි මැරෙනවනෙ කවදහරි, ඒක නිසා මම ලෑස්තිපිටම ඉන්නෙ.
එහෙනම් අද මම ගෙනාපු ෆිල්ම් එක බෙල්ජියම් රටේ එකක්, IMDB 7.1 ක් අරගෙන තියෙන මේක සුපිරිම එකක් කියල කටපුරා කියන්න පුළුවන්. කතාව ගැන නම් මම කොහොමත් කියන්නෙ නෑ කියල ඔයාල දන්නවනෙ. ඒක නිසා ෆිල්ම් එක බලලම ඉන්න කියල මම ආරාධනා කරනවා. වර්ගවාදයට හොඳම කණේ පාරක් මේ ෆිල්ම් එකෙන් ගහල තියෙනව, ඒක බලද්දි ඔයාලට තේරෙයි. ඒක නිසා බලලම ඉන්න.
ඒ වගේම කියන්න ඕන මේ ලෙඩේ සුළුවට හිතන්නෙපා.. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.උණුවතුර බොන්න. මාස්ක් එක දාන්න. හැමෝම බේරෙමු. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ජීවත් වෙලා හිටියොත් ආයෙත් හම්බෙමු, මම යන්නම ගියොත් මම හිතනව මම ඔයාල හැමෝගෙම හොඳ මතකයක් වේවි කියල. එහෙනම් හැමෝටම නිරෝගී සුවය වේවා. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරනයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1404 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
Phir se 2015 hindi movie ekata movie ekath ekkama sinhala sub dennako
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉක්මන් සුවය ලැබෙිවා !
dan oyata saneepa athi kiyala hithanawa. sub ekata thanks
get well soon bro…..
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
get well soon brother……
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
get well soon
ඉක්මනට සනීප වෙයි අයියට!!! ලෝකෙ හැමෝමවත් !!!
Get well soon bro…
Get well soon bro..
බුදුසරණයි වෙවෙකිව ඉන්න
get well soon machan….!
Thanks and get well soon
Get well soon brother ❤️
ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට..දැන් මට හොඳටම හොඳයි.ඔයාල හැමෝටමත් නිරෝගී සුවය ලැබේවා..
එහෙම නම් එච්චරයි…
Get Well soon bro…
get well soon bro
ඉක්මන් සුව පතමි!
සුබවාදීව හිතමු!!
Godak sthuthi….ikman suwaya prarthana karanawa..budu saranai..
ikman suwaya labewa……
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Parissamen godak mahansi Venna epa.
get well soon bro
get well soon brdh
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.උපසිරැසියට ස්තූතියි.
GOD BLESS BROTHER!
තෑන්ක්ස් සබ් එකට සහෝ….. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😷
Get Well soon malli.
ඉක්මනින් සනීප වෙන්න පාර්ථනා කරනවා සහෝ..අසනීපයෙන් හිටියත් උපසිරැසි දුන්න එකට ගොඩාක් ස්තූතියි ඒක ලොකු වැඩක් ආදරෙයි
Get well soon.
නිරෝගි සුවය ඉක්මනින්ම ප්‍රාර්තනා කරනවා සහෝ!!!
උපසිරසියටත් බොහොම ස්තුතියි
get well soon. wish you a bright future
ikmanata sanipa weyn mchn
GET WELL SOON
ඔබට නිදුක් නීරෝගී, දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා. ඔබට හැකි ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවා ! බුදු සරණයි ! සියළුම දෙවියන්ගේ පිහිටයි.
get well soon malli…
get well soon machan
ඉක්මනින් සනීප වෙයන් කොල්ලෝ
ඉක්මනින් සුවපත් වේවා
මල්ලි, හැකි ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ikman suwaya labewa
GET WELL SOON
good luck.
Get well soon!
ඉක්මන් සුව ලැබේවා…. !
ඉක්මන් සුව.
අපිට දිගටම ඔයාගෙ උපසිරැසි ඕනි.
ඉක්මන් සුවය පතමි
get well soon brooo
ඉක්මන් සුව
Ikman Suwa Bro..
ඉක්මන් නීරෝගී සුව පතනවා සහෝ
සබටත් තෑන්ක්ස් සහෝ
ikmanin suwawenna kiyala prarthana karanawa
thnks mcho parissamin inna bs
God bless you man..keep strong
උපසිරසියට බොහොම ස්තුතියි. ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා. නිරෝගී සුව ලැබේවා.
කොරෝනා උවදුරෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි!
උපසිරසියටත් ස්තුතියි සහෝ
මචo හොදට හුමාලෙ අල්ලපන් දෙහි කොල එහෙම දාල,පුලුවන් තරම් විටමින් C ගනින් 1000mg උනත් කමක් නෑ දවසට,ඉගුරු කොත්තමල්ලි සුදුලුණු තම්බල බීපන්,පස්පන්ගුව තම්බල බීපන්, පුලුවන් තරම් හොදට කාපන් හැමතිස්සෙම. ඔය ලෙඩේට බය වෙන්න එපා පලවෙනි දේ ඒක නිකන් උන කැස්ස හෙම්බිරිස්සාවක් විදිහට හිතපන්. අනික සෙම ගතිය අඩු කරන සිoහල බෙහත් වර්ග ගනින් මේකට ගැලපෙන බෙහෙත් වර්ග අපේ සිoහල වෙදකමේ ඕන තරම් තියෙනව අපේ මිනිස්සුන්ට හොද මදි උනාට.ඔලුව රිලැක්ස් වෙන එක කොයි ලෙඩේටත් හොදයි,මේ සේරම අත්දැකීමෙන් කිඋවෙ මචo කැන්සර් 2ක් එක්ක දියවැඩියාවත් තියෙන අම්මව පොසිටිව් වෙලා දවස් 6ක් ගෙදර තියාගෙන ඉදල තමා නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනිච්චෙ, බුදුන්ගෙ දෙවියන්ගෙ පිහිටෙන් අම්ම හොදින් ඉන්නව අම්මට පස්සෙ මට පොසිටිව් උනා අම්මව ගෙදර ගේන කොට මාව අරන් ගියේ අද අපි දෙන්න RECOVER වෙලා මාස 5කට වැඩි අම්මයි මායි හොදවෙලා ආවට පස්සෙ ගමේ මිනිස්සු අම්මට කිඋවෙ”ඔයාට මොකුත් උන්නැති හින්ද අපිත් දැන් කොරෝන වලට බය නෑ කියල”ඔන්න ඔහොමයි මිනිස්සු.පුලුවන් තරම් සිoහල බෙහෙත් පාවිච්චි කරපන් ඒක තමා හොදම.පරිස්සමින් ඉදපන් බුදු සරනයි.
Sthuthiy machan.danata godak hondai ban.ammatath saneepa wei ikmanatama.
supiri