Better Call Saul [S02 : E05] Sinhala Subtitles | වැඩකාරයන්ට බොරු බැහැ! [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්, මේ තමයි Better Call Saul දෙවන කතා මාලාවේ 05 වෙනි කොටස. මේ කතා මාලාව අවසන් වෙන්න තව කොටස් 5 ක් ඉතුරු වෙලා තියෙනවා.
එහෙනම් පසුගිය කොටසෙන් මොකද වුනේ කියලා බලමුකෝ.
කලින් කොටස පටන් ගන්නේ මයික් ගෙන්. ඒ මයික් ඇහැකුත් අල්ලගෙන රෑ වෙලා ගෙදර එනවනේ. ඒ කරලා බලද්දී හොදටම මූණේ එකපැත්තක තුවාල. ඉතින් ඒ වගේම මයික් සාක්කුවෙන් පෙන්ඩන්ට් එකකුත් ගන්නවා අතට. ඉතින් මේ මොකද වුනේ කියන පුදුම කිරිල්ලත් එක්කයි මේ කොටස පටං ගත්තේ.
ඔය අතරතුර ජිමීට ක්ලිෆ් සහ එයාගේ අනිත් හවුල්කාරයන් එක්ක මීටින්ග් එකට යන්න වෙනවනේ. මොකද තුන්වෙනි කොටසේදී ක්ලිෆ් කතා කරලා කියනවනේ එයාලට කියන්නේ නැතුව මේ ප්‍රදර්ශණය කරපු වෙළඳ දැන්වීම ගැන කතා කරන්න අනිත් දවසේ උදේම ඔෆිස් එකට එන්න කියලා. ඉතින් මෙතනදී ජිමීට ගොඩක් ලොකු අමාරුවක වැටෙන්න වෙනවා. හැමෝටම මෙහෙමයි මෙහෙමයි කිය කියා අකුර ගානේ පැහැදිලි කරන්න වෙනවා. ඒත් ජිමීට ක්ලිෆ් ඇතුලු කණ්ඩායම තේරුම් කරලා දෙනවා මේ කරපු දේ වැරදි දෙයක් කියලා. ඉතින් ක්ලිෆ් ඇරෙන්න අනිත් අය කැමති වෙනවා ජිමීව එයාලගේ ඩේවිස් ඇන්ඩ් මේන් ආයතනයෙන් අස් කරලා දාන්න. ඒත් ක්ලිෆ් ජිමීට දෙවනි අවස්ථාවක් දෙනවා. ඒ එයාගේ වැරදි හදාගන්න.
ඉතින් ඔහොම කතාව යනකොට මේ ගින්දර HHM එකෙත් පත්තු වෙනවා. හෝවඩ් චක්වත් ලඟ තියාගෙන කිම්ව දෙන්නගේම ලගට ගෙනල්ලා බනිනවනේ හොදටම. කිම්ට ජිමී මේ දැන්වීම පෙන්නුවානම් ඇයි එයාලව දැනුවත් කරේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම චක්ට මෙතන කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දී පාලනය ගොඩක් දුරට කරන්නේ හෝවඩ් නිසා. ඉතින් හෝවඩ් තීරණය කරනවා කිම්ව ලිපිද්‍රව්‍ය සකස් කරන තැනට දාන්න.
මයික්ට තුවාල වෙලා කියලා ඉස්සෙල්ලම පෙන්නුවනේ. ඉතින් මැදදී මයික්ට සිද්ධ වුනේ මොක්කද කියන එක ආරම්භ වෙන්න ගන්නවා. මයික් යනවා නචෝව හම්බවෙන්න. නචෝ කාවද මරණ්න ඕන, මොකක්ද විස්තරේ කියන හැමදේම එයාගේ සැලැස්මත් එක්කම මයික්ට කියනවනේ. ඇත්තටම නචෝට මරණ්න ඕන තමන්ගේම සහායකයාව. ඒ ඔහුගෙන් නචෝට කරදරයක් වෙයිද කියන බය නිසාවෙන්. නචෝ කියන්නේ වෙඩි තියලා මරලා දාන්න කියලයි.
මේ අතරතුර ජිමී යනවා කිම්ව හොයාගෙන. මොකද තමන් කරපු වැරැද්ද නිසා කිම් දුක්වෙනවා කියලා ජිමී හොදාකාරවම දන්න නිසා. ඉතින් HHM එකට රෑ යනකොට කිම් අමාරුවෙන් බරටම වැඩ. ජිමී එතනදී තීරණයක් ගන්නවා තමන්ම ගිහින් චක් හම්බවෙලා මේ ගැන කතා කරනවා කියලා. නමුත් චක්ගේ ගෙදරට යද්දී චක්ට ආපහු අසනීප වෙලා. ඉතින් ජිමී කියන්නේ උණුවෙන හදවතක් තියෙන මනුස්සයෙක්නේ. ජිමී තරහ මරහ පැත්තකට දාලා චක්ට ලෙඩේ හොඳ කරගන්න උදව් කරනවා. ඒ කරලා අනිත් දවසේ උදේ වෙනකම්ම චක් ගාවට වෙලා ඇහැරිලා ඉන්නවා එයාට හොඳ වෙනකම්. ඊට පස්සේ තමයි කිම්ගේ කතාව ඇදලා ගන්නේ. ඉතින් ජිමී තරයේම චක්ට කියනවනේ තමන් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක කිම්ගෙන් පිටකරන්න එපා ඒක මගෙන් පිටකරන්න කියලා. මගෙන් කියන්නේ ජිම්ගනේ. ඒ වගේම ජිම් තීරණයකට ඇවිත් චක්ට කියනවා ඩේවිස් ඇන්ඩ් මේන් එකෙන් අයින් වෙන්නම්, කිම්ව ආපහු හිටපු විදිහටම උඩට ගන්න කියලා.
මේ අතරතුර මයික් යනවා මේ මිණීමැරුමට ගැලපෙන හොඳ තුවක්කුවක් හොයන්න. ඉතින් මේ වැඩෙට් ගැලපෙන ගොඩක් හොඳ තුවක්කු වර්ග කීපයක් මයික්ට පෙන්නනවා. සමහරක් ඒවා මයික්ට ගණං වැඩියි. සමහරක් ඒවා මයික්ට අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ කැමැත්තක් නැහැ. හැබැයි අන්තිමට මයික්ට එක දෙයක් කල්පනා වෙනවා. ඒ ඒ මනුස්සයාව නොමරා මොළෙන් සැලැස්මක් කරලා ඒ මනුස්සයාව හිර කරන එක ගැන. ඉතින් මයික් යනවා නචෝව හම්බවෙන්න. ඒ කරලා නචෝට එයාගේ සැලැස්ම කියනවා. ඒ වගේම කරන්න ඕන දේ ගැනත් කියනවා. හැබැයි ඉතින් නචෝ මේකට කැමති නැහැ. ඒත් කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා නචෝ මයික් ගේ සැලැස්මට කැමති වෙනවා. කොහොමද හරි සැලැස්ම මේ දෙන්නා ක්‍රියාත්මක කරන්න ගන්නවා. නචෝ යනවා ටුකෝ එක්ක තමන්ගේ මත්ද්‍රව්‍ය වල සල්ලි එකතුකරන්න. ඉතින් ටුකෝ සහ නචෝ රෙස්ටුවරන්ට් එක ඇතුලේ ඉද්දී මයික් පොලිිසියට කෝල් එකක් දෙනවා රෙස්ටුවර්න්ට් එකේ වලියක් යනවා. ගොඩක් වෙලාවට පාතාල කණ්ඩායම් දෙකක් අතර වෙන දෙයක් වෙන්න ඕන කියලා. ඒ කරලා මයික් ඒ රෙස්ටුවරන්ට් එක ගාවට යනවා තමන්ගේ කාර් එකේ. එතන නවත්තලා තියෙන ටුකෝගේ කාර් එකේ මයික් හිතලම තමන්ගේ කාර් එක හප්පනවා. ඒ කරලා කිසි දෙයක් වුනේ නැති ගානට මයික් ඒ ටුකෝ සහ නචෝ ඉන්න රෙස්ටුවර්න්ට් එකටම යනවා. ඉතින් මේක දැකපු නචෝට හොඳටම තරහා ගිහින් මයික් එක්ක බැනගන්නවා. නමුත් මයික් සරලවම කියනවා ඉන්ෂුවර්න්ස් එකෙන් වාහනේ හදාගන්න පුලුවන් වෙයි කියලා. නමුත් ටුකෝට ඕන කරන්නේ සල්ලි. මේ හේතුව නිසා ටුකෝ බලෙන්ම මයික්ගේ මුදල් පසුම්බිය ගන්න හදනවා. මේ අවස්ථාවේ නචෝට ඇහෙනවා පොලිසියෙන් එන සද්දේ. ඉතින් පොලිසියෙන් එන නිසා නචෝ ටුකෝට කියනවා යමු කියලා. නමුත් එකපාරටම ක්‍රියාත්මක වෙන මයික් ටුකෝව බලෙන් අල්ලගෙන තමන්ට ගහන්න පුලුවන් වෙන විදිහට ටුකෝට ඉඩ සලසලා දෙනවා. එතකොට පොලිසියට කෙලින්ම පේන්නේ ටුකෝ මේ වයසක මනුස්සයා වෙන මයික්ට හොදටම තඩිබානවා කියලයි.
ඉතින් පොලිසියෙන් ටුකෝව හිරේට දානවා. ඒ දාන්නේ තුවක්කු ලග තියාගැනීම, ගහගැනීම සහ මුදල් පසුම්බිය කොල්ලකන්න හැදුවා වගේ දේවල් වලට. මේ දේවල් අවසානයේ මයික් යනවා නචෝව හම්බවෙන්න ආපහු. ඒ මයික්ට ගන්න තියෙන සල්ලි ටික ගන්න. නචෝ සල්ලි දෙන ගමන් මයික්ට අවවාදයක් දෙනවා. ඒ තමයි ටුකෝව එකපාරින් මරළා දැම්මනම් හොඳයි, හිරේට දැම්මට වඩා කියලා. මයික් අහනවා ඒ ඇයි කියලා. නචෝ කිසි උත්තරයක් දෙන්නේ නැතිව යනවා.
ඉතින් අද කොටස ඔතන ඉදන් තමයි පටන් ගන්නේ. එහෙනම් අනිත් උපසිරැසියෙන් හම්බවෙමු ඉක්මනටම.
ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6422 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother…
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thnx
සිංහල උපසිරැසියට ස්තූතියි
Good work