Better Call Saul [S02 : E04] Sinhala Subtitles | තුවක්කු තිබ්බට මොළෙත් තියෙන්න එපැයි! [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙන් වෙච්ච දේ ඉක්මනටම මතක් කරගමු.
දැන් මේ දෙවෙනි කතා මාලාව මුල ඉදන් බලන්න ගත්තානම් ඔයා මේ වෙද්දි දන්නවනේ ජේම්ස් මැක්ගිල් ඩේවිස් ඇන්ඩ් මේන් නීතිඥ ආයතනයේ රැකියාවක් කරනවා කියලා. එයාගේ රස්සාව තමයි සැන්ඩ්පයිපර් වල ඉන්න අයව එකතු කරලා එයාලට ගැලපෙන විදිහට සාක්ෂී එකතු කරගන්න එක. ඉතින් පසුගිය කොටස පටං ගද්දිම ජිමී දාන ලොකු සෙල්ලමක් ඔයාලට දකින්න පුලුවන් වෙනවනේ. මොකද ජිමී යවන ලියුම් වලට කිසිම කෙනෙක්ගෙන් උත්තර ලැබෙන්නේ නැහැ. ඉතිං ජිමීට මේක තමන් විසින්ම කරගන්න ඕන කියලා හිතලයි සැන්ඩ්පයිපර් වල කට්ටියක් ගමනක් යනකොට ඒ වාහනේ එලවන ඩ්‍රයිවර්ට පගාව දීලා වාහනේ කැඩුන විදිහට වාහනේ නතර කරලා ජිමී ඒ වාහනේ ඇතුලට නගින්නේ. ඉතින් ජිමීට ඕනවුනා එක කාන්තාවකගෙන් විශේෂයෙන්ම මේ සාක්ෂිය එකතු කරගන්න. ඒ තමයි අර්මා කියන්නේ. නමුත් ජිමීගේ කතාවෙන් අනිත් අයත් එයාලගේ විස්තර සේරම අදාල ගමන අවසානයේදී ජිමීට දෙනවා කියලා ඔයාලා දැක්කනේ.
නමුත් HHM එකේදී තියෙන රැස්වීමේදී ජේම්ස් ගැන උජාරුවෙන් ක්ලිෆ් කතා කරද්දි චක් ඒකට හරස් ප්‍රශ්ණ වගයක් අහනවා. කොහොමද මෙච්චර දෙනෙක්ව එකපාරටම එකතු කරගත්තේ, අදාල නඩුව ඇහෙනකොටයි මේකට මේ විදිහේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ වගේ දේවල් ගැන. ඉතින් ජිමී මේකට දිගටම බොරු කියන්න ගියත් කිම්ගේ අමුතු හැසිරීම නිසා ජිමී බොරු කියන්නේ නැතුව චක් කියපු දේ හරියි කියලා පිළිගන්නවා. හැබැයි ඒ ජිමී බොරුවක් කරා කියලා පිළිගන්නේ නැතුව ඒ විදිහට නඩුවක් කරගෙන ගියොත් එයාලට නඩුව දිනවගන්න වෙන්නේ නැහැ කියන පදනමේ ඉදගෙන විතරයි චක් කියන දේ පිළිගත්තේ. ඒ වගේම ජිමී මෙතනදී කියනවා ආය තවදුරටත් සැන්ඩ්පයිපර් වල කට්ටියව හම්බවෙන්නේ එයාවත් එයාගේ කණ්ඩායමේ කාවවත්ම යවන්නේ නැහැ කියලා. ඒ වගේම ඒකට වෙන ක්‍රමයක් ජිමී හොයාගන්නම් කියලත් එතන රැස්වීම අතරතුර කියනවා. අනික් කාරණය තමයි මෙතනදී කිම් කොච්චර කැපකිරීමක් කරාද කියලා රැස්වීම අවසානයේදී ජිමීට පෙන්නලා දෙනවා ජිමීට ඩේවිස් ඇන්ඩ් මේන් නීතිඥ ආයතනයේ රස්සාව අරගෙන දෙන්න.
මේ Better Call Saul කතා මාලාව මුල ඉදන්ම ඒ කියන්නේ පලවෙනි සීසන් එකේ ඉදලම බලන කෙනෙක් නම් දන්නවා මයික්ට කවුරුවත් නැහැ කිව්වට මයික්ට පවුලක් තියෙනවා කියලා. ඉතින් මයික්ට ඒ ගෙදර ගෑණු කෙනාගෙන් වෙනස් තේරෙනවා. ප්‍රශ්ණය හොයලා බලනකොට එයාට විස්තර කරන විදිහට හැමදාම රෑට ගෙදරට වෙඩි තියෙන සද්ද ඇහෙනවලු. ඉතින් මේකට පිලියමක් විදිහට මයික් මුලු රැයක්ම එදා රෑ ඇහැරලා බලාගෙන ඉන්නවා ඇත්තටම මොකක්ද මේ වෙන්නේ කියලා. හැබැයි වෙඩි තියන සද්ධයක් කෙසේ වෙතත් කාර් එකකින් පත්තර පාන්දර බෙදාගෙන යනවා කියලනම් එයා දැකගත්තා. ඒත් එයා ගෙදරට යද්දි ගෙදර ඉන්න කාන්තාව මයික්ට පෙන්නනවා බිත්තිය අයිනෙන් උණ්ඩයකින් සිද්ධ වෙච්ච විදිහේ බිත්තිය හිල්කරගෙන ගිහින් තිබුන තැනක්. ඉතින් මයික්ට මේ ගැන මොකක්ද කියන දේ හිතාගන්න බැරිව යනවා.
මේ අතරතුර ජිමී කල්පනා කරනවා සැන්ඩ්පයිපර් වල සේවාදායකයන්ව හම්බවෙන්න යන්නේ නැතුව කොහොමද තමන්ගේ පැත්තට සාක්ෂි එකතු කරගන්නේ කියලා. ඔය අතර තමයි ජිමීට අදහසක් එන්නේ රූපවාහිනී වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කරන එක ගැන. ඉතින් ජිමී තමන්ගේ හායකයා වෙන ඔමර්ගෙන් දැනගන්නවා එයාලා කලිනුත් මේ වගේ වෙළද දැන්වීමක් කරලා තියෙනවා කියලා. ඉතින් ඔමාර්ගේ සහායත් එක්ක ජිමී තමන්ට ගැලපෙන විදිහේ කතාවක් ලෑස්ති කරගන්නවා. ඒ කරලා තාම වෙළද දැන්වීම් සහ වීඩියෝ කරනය ගැන ඉගෙන ගන්න ලමයි දෙන්නෙකුත් පාවිච්චි කරලා ජිමී මේ වෙළද දැන්වීම නිර්මාණය කරනවා. ඉතින් ක්ලිෆ් එක්ක ජිමී මේ වෙළද දැන්වීමක් නිර්මාණය කරන එක ගැන කිව්වට ක්ලිෆ් වැඩි උනන්දුවක් මේ ගැන දැක්කුවේ නෑනේ. ඉතින් ජිමීට ඕන කරන්නේ තමන්ගේ වැඩ පෙන්නන්න. ඒ වගේම HHM එකට ආපු චක්ව පුදුම කරවන්න. ඉතින් ජිමී තීරණයක් ගන්නවා කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතුව, කාගෙන්වත් අවසරයක් නැතුව, කොටින්ම කියනවනම් ඩේවිස් ඇන්ඩ් මේන් ආයතනයෙන්වත්, HHM ආයතනයෙන්වත් අවසරයක් නැතිව ජිමී තමන් මේ නිර්මාණය කරපු වෙළඳ දැන්වීම හොඳ සැලසුම් සහගත වෙලාවක් බලලා රූපවාහිනියේ විකාශණය කරනවා සැන්ඩ්පයිපර් නිවැසියන්ගෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ වැඩේ හිතුවටත් වඩා හොඳට කෙරුනා.
මේ අතරතුර මයික්ට යටින් වැඩක් පැවරෙනවා. මුලින්ම කියන්නේ බොඩිගාඩ් රස්සාවකට මයික් දානවා කියලයි. නමුත් මයික් දන්න කියන කෙනෙක්ම මයික්ව ඉල්ලලා තියෙනවා කියලා පශුවෛද්‍යවරයා මයික්ට කෝල් කරලා කියනවනේ. හැබැයි ඒ කවුද, මොකක්ද ජොබ් එක කියන දේ මයික්ට එයා කියන්නේ නැහැ.
ජිමී පැත්තට ගියොත් අවසාන හරියේදී ජිමී කිම්ට රූපවාහිනී විකාශණය සිද්ද කරාට පස්සේ මේ වෙළද දැන්වීම පෙන්නනවා. කිම් වුනත් ගොඩක් පුදුම වෙනවා ජිමී මේ වගේ දෙයක් කරා කිව්වහම. ඒත් ඔය අතරතුර ක්ලිෆ් ගෙන් කෝල් එකක් එනවා ජිමීට. ජිමීට තේරෙනවා වැඩේ අල වුනා තමයි කියලා. ඉතින් ජිමී කිම් ඉන්න තැන බොරුවට රඟපාලා පැත්තකට ගිහින් ක්ලිෆ්ට තේරුම් කරන්න උත්සාහ කරනවා. නමුත් ක්ලිෆ් දිගටම කෑගහනවා. ඒ කරලා මේ වීඩියෝ එක ක්ලිෆ් සහ ඔහුගේ හවුල්කාරයන් බලන්න ඕන, ඒ නිසා අනිත් දවසේ උදේ 8 වෙද්දි කාර්යාලයට එන්න කියලා. ඉතින් ජිමීට මෙතන මොකවත් කරගන්න බැරිනිසා ආපහු බොරුවට රඟපෑමක් කරගෙන කිම් ඉන්න තැනට ගිහින් ඒ වෙළඳ දැන්වීම දෙන්නා එක්ක ආපහු නරඹනවා.
ඔය අතරතුර මයික් යනවා තමන්වම වැඩකට ඉල්ලපු මනුස්සයාව හම්බවෙන්න. මයික් පුදුම වෙනවා. ඒ තමයි මයික්ව හතුරෙක් විදිහට හදුන්වපු නචෝ තමයි මයික්ව කුලියට අරගන්න ඇවිත් තියෙන්නේ. ඒ වගේම මයික්ට ලැබෙන්නේ කෙනෙක්ව මරණ්න.
ඉතින් ඔතන ඉදන් තමයි අද කොටස දිග ඇරෙන්නේ. සමහරක් විට මේකේ තියෙන බැරෑරුම් වචන සිංහලට හරවපුවාහම තේරුම ඇත්තටම අපි තේරුම් ගන්න විදිහෙන් විකෘති වෙන්න බලනවා. ඒ නිසා සමහර තැන්වල ඒ තේරුම පුලුවන් තරම් සරල කරලයි දාලා තියෙන්නේ ඔබේ රසවින්දනයට බාධාවක් නොවෙන විදිහට හදලා.
එහෙනම් අනිත් කොටසින් හමුවෙමු.
ජයවේවා..!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6197 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thawa
parana tv series tynawa puluwan nm awa walatah diyanm
thnx mcn
සිංහල උපසිරැසියට ස්තූතියි