අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිජපන්බලන්නබියජනකලංකන් Weebsවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | පරම සිහිනය සොයා යාමේ ගමන [සිංහල උපසිරසි] (18+)

Rating: 5.5/10. From 2 votes.
Please wait...
Berserk: The Golden Age Arc I - The Egg of the King (2012) Sinhala SubtitlesBerserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles

ස්වර්ණමය යුගයේ නිමවුනු එනම් තවත් විදිහකට කිව්වොත් 1997 වර්ෂයේදී නිකුත් වුනු අතිශය ජනප්‍රිය වගේම නිතැතින්ම Masterpiece එකක් බවට පත් වුනු Dark Fantasy තේමාවක් රැගත් Berserk ඇනිමෙ කතා මාලාවේ අවසානයෙන් පසුව ඔන්න අපි නැවතත් ඒ Dark Fantasy යට ඇතුළු වෙන්නයි සූදානම් වෙන්නේ. Berserk කතා මාලාවේ ලිපියේ මම සඳහන් කළා වගේම මෙවර මේ අරන් එන්නේ Berserk චිත්‍රපට ත්‍රිත්වයේ පළමු වැනි චිත්‍රපටය. අපි බලමු මේ චිත්‍රපටයේ පසුබිම මොකක්ද කියලා.

Berserk: The Golden Age Arc I - The Egg of the King (2012) Sinhala Subtitles

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Berserk: The Golden Age Arc 1-The Egg of the King නම් මේ චිත්‍රපටය Studio 4°C අතින් නිර්මාණය වී 2012 වසරේදී නිකුත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.5 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.71 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 16 ක් පුරා දිවෙනවා. ඒ වගේම Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.

ඉතින් මේ චිත්‍රපටයේ කතා වස්තුව ගැන කියන එක අවශ්‍ය නෑ කියලයි මගේ හැඟීම. මොකද කියනවා නම් 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ පළමුවැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. තමාගේම හමුදාවක් ගොඩනගන ග්‍රිෆිත් සහ අසාමාන්‍ය ශක්තියක් තියෙන අසාමාන්‍ය කඩුවක් හසුරුවන ගට්ස්ගේ හමුවීමේ පටන් එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වෙනකල් මේ චිත්‍රපටයේ කතාව දිවෙනවා.

ඔයා තාමත් Berserk (1997) කතා මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒ කතා මාලාව මුල සිටම නරඹලා මේ චිත්‍රපටයට එන එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සවිස්තරාත්මකව කතා මාලාවේ විතරයි දකින්න ලැබෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කලින් ඒ කතා මාලාව අනිවාරෙන්ම සම්පූර්ණයෙන්ම නරඹලා එන්න. මේ චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිහිපයක් වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ මීළඟ චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටයෙන් මීළඟට මුණ ගැසෙමු.

Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 953 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles

4 thoughts on “Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | පරම සිහිනය සොයා යාමේ ගමන [සිංහල උපසිරසි] (18+)

  • 2016-17-22 season වලටත් සබ් දෙන්න බොහොම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply
  • Thnx…..මේ anime එකෙන් පස්සේ vinland saga sinhala sub ගේන්න පුලුවන්ද

    Reply
  • ගයාන් ධනුෂ්ක

    Beverly Hills Cop Axel F 2024 ඕන.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *