අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Berserk (2016) [S01 : E01 & E02] Sinhala Subtitles | අඳුරේ සරනා අසිපත්කරුවා [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

 

Berserk (2016) Cover

Berserk S01 Sinhala Subtitles

ලෝක ඇනිමෙ සමාජයේ අතිශයින් ජනප්‍රිය වගේම වන්දනාමානයට පවා ලක් වෙන ඇනිමෙ එකක් නම් කරන්න පුලුවන් නම් ඒ අතරේ “Berserk” කියන නම ඉහළින්ම තියෙනවා. ඒක ඒ තරමටම ඒ තැනට පත් වුනේ Kentaro Miura සෙන්සේ අතින් ලිය වුනු Berserk මන්ගාව නිසාම නොව 1997 වසරේදී නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාව නිසාවෙනුයි. එහි අවසානයෙන් පසුව මීළඟට කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක ඇනිමෙ රසිකයින්ට හරිම බලාපොරොත්තු සහගත දෙයක් වුනා. ඉන් අවුරුදු 14 කට පස්සෙ ඒ Berserk මන්ගාවම පාදක කරගෙන ඇතැම් සිදුවීම් වෙනස් කරමින් චිත්‍රපටය ත්‍රිත්වයක් නිකුත් වුනා. ඒ චිත්‍රපට ත්‍රිත්වයත් පෙර කතා මාලාවම වගේම නමුත් ටිකක් දරුණු ඛේදනීය අවසානයක් එක්ක අවසන් කළා. ඒ අවසානයෙන් පස්සෙ කතාවේ වෙන්නෙ මොකක්ද? ඔන්න ඒ අවසන් නොවූ අඳුරු ෆැන්ටසියේ ආරම්භයයි මේ අරන් එන්නේ.

මේ Berserk ඇනිමෙ මාලාව නැරඹිය යුතු පිළිවෙළ මතක් කරනවා නම් Berserk (1997) කතා මාලාව, Berserk: The Golden Age Arc 1-The Egg of the King Movie (2012), Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey Movie (2012) සහ Berserk: The Golden Age Arc III-The Advent Movie (2013) යන චිත්‍රපට තුනටත් පස්සෙ තමයි මේ Berserk (2016) කතා මාලාව දිග හැරෙන්නෙ. ඒ කියන්නෙ Berserk: The Golden Age Arc III-The Advent Movie (2013) චිත්‍රපටයේ අවසානයෙන් පසුව සිද්ධ වෙන සිදුවීම්වලට තමයි මේ Berserk (2016) කතා මාලාව එකතු වෙන්නෙ. ඒ අනුව ඔයා මේ කතා මාලාව නරඹන්න කලින් මම ඉහත කියපු Berserk (1997) කතා මාලාව සහ චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙළින් නරඹා තිබීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා.


Kentaro Miura ගේ Berserk මන්ගාවේ The Golden Age Arc එකට පසුව එන මීළඟ Sequel Arc එක වෙන Conviction Arc එක ඇසුරු කරගෙන මේ Berserk (2016) ඇනිමෙ කතා මාලාව නිර්මාණය වී තිබෙනවා. IMDB දර්ශකයේ 6.7 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 6.32 ක අගයක් ලබා ගන්න මේ කතා මාලාව සමත් වෙලා තිබෙනවා. Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිවෙන මේ කතාවේ ඇනිමේෂන් නිර්මාණ කටයුතු GEMBA සහ Millepensee යන ස්ටූඩියෝ දෙක විසින් සිද්ධ කර තිබෙනවා. ඒ වගේම කතාවේ Music දක්ෂ Music producer කෙනෙක් වගේම composer කෙනෙක් වෙන Shiro Sagisu විසින් හසුරුවලා තිබෙනවා. ඔහු Gainax ස්ටූඩියෝව සමඟ එක්ව Neon Genesis Evangelion කතා මාලාවට තම දායකත්වය සපයා තිබෙන නිසා මේ කතා මාලාවේ Music, BGM ගැන සැකයක් තියාගන්න දෙයක් නම් නෑ. Berserk (2016) හි ආරම්භක තේමා ගීතය වෙන “Inferno” ගීතය 9mm Parabellum Bullet සංගීත කණ්ඩායම perform කරද්දී, අවසාන තේමා ගීතය වෙන “Meimoku no kanata” ගීතය Nagi Yanagi ගායිකාව විසින් perform කරනවා. ඒ ගීත දෙකත් මේ කතාවට හොඳ රසයක් ලබාදෙන ගීත දෙකක් වෙනවා. ඒ වගේම කතාව අපි පෙර අත්විඳි සුපුරුදු රසයන් සමඟින් R+ Mild Nudity යටතේ Rate වී තිබෙන බවත් මතක් කරනවා.

කතාවේ ආරම්භය ගැන කියනවා නම්, මේ කතාව ඇරඹෙන්නේ ග්‍රිෆිත් තමන්ගේ සියළුම මිතුරන් බිල්ලට දී, ගට්ස්ගේ ඉදිරියේදී කැස්කාව නොමරා මරපු සිද්ධියෙන් පසුවයි. එනම් The Advent චිත්‍රපටයෙන් ගෙනා අවසානයෙන් පසුව දිග හැරෙන කතාවයි. ඒ සිදුවීමේදී ලැබුනු සළකුණ සමඟින් ජීවතුන් අතර ඉන්න දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි ගට්ස්. අනිත් කෙනා තමයි කැස්කා. ඒ සිදුවීමෙන් පස්සෙ ගට්ස් දැන් තවත් ආයුධ කිහිපයක් එක්කයි ගමන් කරන්නේ. ගට්ස්ටම අනන්‍ය වුනු ඒ කඩුව දැන් තවත් විශාලයි. ගට්ස්ගේ මරණය වෙනුවෙන් තාමත් ඒ හඬ, ආත්ම, වේදනා ගට්ස්ගේ පස්සෙන් එනවා. ඒ කරදර වලටත් මුහුණ දෙන ගමන් ගට්ස් කෙනෙක්ව හොයනවා. මේ ගමනේදී ගට්ස්ට අලුත් සහයකයන් කිහිප දෙනෙකුත් එකතු වෙනවා. ඒ ගමනේදී තමයි ගට්ස් අත්‍යවශ්‍ය අපරාධකාරයෙක් බවට නම් වෙන්නේ. ගට්ස්ව අල්ලා ගැනීම වෙනුවෙන් ශුද්ධ යකඩ දාම නයිට්වරු (The Holy Iron Chain Knights) පැමිණෙන්නේ මේ ගමන අතරෙයි. මේ නමින් ඔවුන් නම් කෙරෙන්නේ ඔවුන් ක්‍රිස්තියානි දහමට ආසන්න දහමක් අනුගමනය කරන නිසයි. ඒ වගේම ඔවුන්ගේ විශ්වාසයට අනුව කොහොමත් ගට්ස් කියන්නෙ අපරාධකාරයෙක්. ඉතින් ගට්ස්ව අල්ලගන්න මේ ශුද්ධ යකඩ දාම නයිට්වරුන්ට පුලුවන් වේවිද? තැනින් තැනට යමින් ගට්ස් හොයන කෙනා කවුද? නිමක් නැතුව ගට්ස්ගේ සෙවණල්ල පස්සේ එන ආත්ම වලට ගට්ස් මුහුණ දෙන්නේ කොහොමද? සුපුරුදු අඳුරු ෆැන්ටසිය මෙයින් ඇරඹෙනවා.

2016 වසරේදී නිකුත් කරපු මේ Berserk කතා මාලාව පෙර නිර්මාණ වගේ රසිකයින් ආදරයෙන් වැළඳගත්තේ නම් නෑ. පමණට වඩා CGI භාවිතය නිසා මේ Masterpiece ඇනිමෙ කතා මාලාව විනාශ කළායි කියන වචනය ඇනිමෙ රසිකයින්ගෙන් එල්ල වුනා. මේ කතාව නරඹපු මටත් මේ කතාවේ ඇනිමේෂන් වල ප්‍රශ්නයක් නම් පේන්න තිබුනා. ඒත් ඊට සාපේක්ෂව Music පැත්ත හොඳ තැනක තියෙන බවක් කියන්න පුලුවන්. හැබැයි ඔබ අධ්‍යක්ෂකතුමෙක්ගෙ ඇසින් මේ දිහා නොබලා Berserk කතාවේ මීළඟ වෙන දේ නරඹන ප්‍රේක්ෂක ඇසින් මේ කතා මාලාව නරඹනවා නම් මේ ඇනිමේෂන්වල ප්‍රශ්නය ඒ තරම් ගැටළුවක් නොවේවි. මොකද කියනවා නම් Berserk හි තියෙන භීතිය, ක්‍රියාදාමය, අධිස්වාභාවිකත්වය මුසු වුනු දරුණු ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් මේ කතාවේත් ඒ වගේම දකින්න පුලුවන්. එමෙන්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් වගේම දර්ශනත් අඩංගු වෙනවා. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ [AnimeRG] Berserk (2016) Season 01 (EP 01-12) [1080p] [Dual-Audio] [Multi-Sub] [HEVC] [x265] [Batch] [pseudo] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. නරඹන්න Berserk හි මීළඟ උමතුව. එහෙනම් මීළඟ කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

2 thoughts on “Berserk (2016) [S01 : E01 & E02] Sinhala Subtitles | අඳුරේ සරනා අසිපත්කරුවා [සිංහල උපසිරසි]

  • ආසාවෙන් බලන් හිටියෙ දෙනකම්..හස්සා..හිතාගන්න බෑ මෙහෙම එක දිගට සුපිරි කතාමාලා කොහොම දෙනවද කියලා.ඔයා අති දක්ෂයෙක්

    Reply
  • Ishan Madusha

    නියමයි,
    බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *