Berserk (1997) [S01 : E17 & E18] Sinhala Subtitles | කූටෝපක්‍රමය රැවටූ උපාය [සිංහල උපසිරසි]
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 17 සහ 18 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
අවුරුදු සියයක් තිස්සේ සටන් වැදියත් යටත් කර ගැනීමට නොහැකි වුනු ඩොල්ඩ්‍රි බලකොටුව අල්ලා ගැනීමේ සටන මෙහෙයවීම රජතුමා විසින් ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලියට පවරනවා. පරාජයේ පැත්තට වැඩි බරක් තිබුනු මේ සටන ග්‍රිෆිත්ගේ සහ උකුසු කල්ලි කමාන්ඩර්වරුන්ගේ දක්ෂකම නිසාම ජයග්‍රහණයේ සම්භාවිතාව නැවතත් උකුසු කල්ලිය පැත්තට හැරුනා. කලින් සටන් කිහිපයකදීම උකුසු කල්ලිය අතින් පැරැදුනු සර් ඇඩොන් ඔන්න මේ සටනටත් ඩොල්ඩ්‍රි බලකොටුව වෙනුවෙන් සටන් කරනවා.
බලකොටුව පැත්තෙන් ග්‍රිෆිත්ගේ මුල් කාලයේ යුධමය වශයෙන් වාසි දායක මිතුරෙක් වුනු ආණ්ඩුකාරවරයෙක්ගේ අණ යටතේ ජෙනරල් බොස්කොන් නම් කෙනෙක් තමයි සතුරු හමුදාවට අණ දීම සිද්ධ කළේ. දරුණු අන්දමින් පැවතුනු සටනේ අවසාන අදියර ගට්ස් සහ ජෙනරල් බොස්කොන් අතර පැවතුනා. ඒ අතරෙදි බලකොටුව ඇතුළත කැස්කා සහ සර් ඇඩොන් අතර සිද්ධ වුනු සටනින් ඇඩොන් මරණයට පත්වෙනවා. ඉන් පසුව පරාජය අභියසටම ගිය ගට්ස්, අමරණීය සොඩ්ගේ පොඩි උදව්වක් නිසා ජෙනරල් බොස්කොන්ව මරණයට පත් කරන්න සමත් වෙනවා. ඒත් සමඟින් සටනේ ජය උකුස්සාගේ කල්ලියට හිමි වෙනවා.
ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලිය මේ වෙනකොට අසීරු සටන් බොහොමයක් ජය ලැබුවා වගේම ඒ නිසා රජතුමාගේ සිතත් දිනා ගත්තා. තනතුරු තානාන්තරත් ග්‍රිෆිත් වගේ සාමාන්‍ය කෙනෙක්ට ලැබුනු නිසා රාජ සභාවේ කිහිප දෙනෙක් ඉන්නෙ හොඳ හිතකින් නම් නෙමෙයි. ටිකෙන් ටික ඉහළට එන කෙනෙක්ව වට්ටන්න කිහිප දෙනෙක් එකතු වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ග්‍රිෆිත් වෙනුවෙනුත් මේ වගේ දෙයක් රහසේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ වතාවේ ප්‍රභල පුද්ගලයෙක් මේ ග්‍රිෆිත්ට එරෙහි සැලැස්මට එකතු වෙනවා. යුධ ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ලබන ග්‍රිෆිත්ට මීළඟට මොකක් වේවිද? ග්‍රිෆිත්ට එරෙහි මේ සැලසුම මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 19 සහ 20 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitles
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 352 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි.