Berserk (1997) [S01 : E05 & E06] Sinhala Subtitles | දෛවයේ ලියවුනු යක්ෂයා [සිංහල උපසිරසි]
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
Berserk S01 Sinhala Subtitles
තමන්ට එකතු වෙන්න කියල කරපු ග්‍රිෆිත්ගේ යෝජනාව පැත්තකට දාලා ද්වන්ධ සටනක් අරඹපු ගට්ස් අන්තිමේදි ඒ සටනින් පරාද වෙලා ග්‍රිෆිත්ගේ උකුස්සාගේ කල්ලිය කියන කුලී හේවා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා. ග්‍රිෆිත්ගේ නායකත්වය අනුව කරපු වැටලීමක් ගට්ස්ට අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරපු සටනක් වුනා. ග්‍රිෆිත්ගේ සටන් උපක්‍රම, සේනා හැසිරවීම වගේම සටන් ගැන තියෙන විශ්වාසය ගට්ස්ට ලොකු ආගන්තුක දෙයක් වුනා. ඒ අතරෙ ගට්ස්ගේ අතීතය ගැනත් අපිට දැනගන්න පුලුවන් වුනා.
Berserk S01 Sinhala Subtitles
ගම්බිනෝ කියන කුලී හේවා නායකයා යටතේ හැදී වැඩුනු ගට්ස්, කුඩා කාලයේ ඉඳන්ම කඩු සටන් පුහුණු වෙනවා. ඒත් සටනකින් තුවාල වී එක්තැන්වන ගම්බිනෝගේ උමතුව නිසාම ගට්ස් අතින් ගම්බිනෝ මරණයට පත් වෙනවා. මළ මිනී අතරින් ඉපදුනු දරුවෙක් විදිහට හඳුන්වපු ගට්ස් ළමා කාලයේ පටන් නින්දා අපහාස කරදර අඩුවක් නැතුව විඳපු කෙනෙක් බව අපිට දකින්න පුලුවන් වුනා. ඒ අතීතයෙන් පස්සෙ, කොහොමින් කොහොම හරි ටිකෙන් ටික දවසින් දවස ග්‍රිෆිත් එක්ක අදහස් බෙදා ගනිමින් අත් දැකිම් ලබා ගනිමින් සටන් වැද අවුරුදු තුනක් වෙන්නත් වෙලා. ගට්ස්ට ග්‍රිෆිත් විසින් වැටලීම් අණ දෙන නිළධාරී තනතුරත් ලබා දෙනවා.
Berserk S01 Sinhala Subtitles
ග්‍රිෆිත් සහ ගට්ස් සටන් වැද ජීවත් වුනු මේ රාජධානිය තමයි “මිඩ්ලන්ඩ්” නමින් හැඳින්වූයේ. අතීතයේ ඉඳලම මිඩ්ලන්ඩ් සහ අසල්වැසි “ටියුඩර්” නම් අධිරාජ්‍යය අතර සටන් පැවතුනා. උකුස්සාගේ කල්ලිය මේ සටන වෙනුවෙන් මිඩ්ලන්ඩ් පැත්තේ සිට සටන් කළා. දැන් ග්‍රිෆිත්ට හොඳ කාලයක් උදා වෙමිනුයි තියෙන්නෙ. හැම දෙයක්ම අත් කරගන්නේ මහන්සියෙනුයි. ග්‍රිෆිත් හොයන මේ ලෝකයේ තමන් අයිති තැන මොකක්ද? තමන්ගෙ කොච්චර දුරක් යන්න පුලුවන්ද? ගට්ස් වෙනුවෙන් මොන විදිහේ දෙයක් ඔහුගේ ඉරණමේ ලියවෙලා තියෙනවද?
Berserk S01 Sinhala Subtitles
මිඩ්ලන්ඩ් සහ ටියුඩර් අතර යුද්ධය සමඟින් තරමක් විශාල ගණයේ වැටලීම් කිහිපයකටයි මේ සූදානම් වෙන්නේ. ඒත් එක්කම අද්භුත අධිමානුෂික දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුනොත්…? මීළඟට මොන විදිහේ දේවල් සිද්ධ වේවිද? නරඹන්න මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 07 සහ 08 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitles
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 513 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි.
supiriyak