Berserk (1997) [S01 : E03 & E04] Sinhala Subtitles | උකුස්සාගේ කල්ලිය! [සිංහල උපසිරසි]
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
Berserk S01 Sinhala Subtitles
“කාළ අසිපත්කරුවා ආවා” කියන පණිවිඩය දෙන්න යම් කිසි පුද්ගලයෙක් සර්පයෙකුගේ වේෂය ගන්නා යක්ෂයෙක් එක්ක හැප්පෙන විදිහ අපිට පසුගිය ආරම්භක කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ සටනේ අවසානයෙන් පස්සෙ, එක් වරම අපි ගියේ ඒ පුද්ගලයාගේ යොවුන් වියට. ඒ අනුව සර්ප වේෂය ගත්තු යක්ෂයා එක්ක සිද්ධ වුනු සටන වර්තමානය බව අපිට තේරුම් ගන්න පුලුවන්. ඊට පස්සෙ නව යොවුන් වියේ ඉන්න ඒ පුද්ගලයාව පෙන්නුවායින් මේ දිග ඇරෙන්නෙ අතීත කතාවක් බව පැහැදිලි වෙනවා. ඉතින් මේ පුද්ගලයා නමින් “ගට්ස්”. කුලී හේවායෙක් විදිහට වැඩ කරන සටන් කරුවෙක්. ඒ කියන්නෙ තෑගි මුදලකට අනුව සටන් කරන අසිපත් ශිල්පියෙක්.
Berserk S01 Sinhala Subtitles
මේ ගස්ට්ගේ තියෙන විශේෂත්වය තමයි වෙන කිසි කෙනෙක් පාවිච්චි කරන්නෙ නැති, වෙන කිසි කෙනෙක්ට හසුරුවන්න බැරි විදිහේ සහ කිසි තැනක දකින්න ලැබෙන්නෙ නැති විදිහේ ප්‍රමාණයෙන් විශාල කඩුවක් පාවිච්චි කරන එක. මේ කඩුව හසුරුවන්නම වගේ ලැබුනු ශක්තියක් සහ වේගයක් ගට්ස්ට උපතින්ම වගේ උරුම වෙලා තිබුනා. මෙන්න මේ වටපිටාව උඩ තමයි ගස්ට්ව තව කෙනෙක්ගේ ඇසට ගැටෙන්නෙ. එයා තමයි “උකුස්සාගේ කල්ලිය” කියන දක්ෂ කුලී හේවා කණ්ඩායමේ නායකයා වෙන “ග්‍රිෆිත්”. වැඩි පිරිසක් තරුණ වයසේ අයගෙන් සැදුම් ලත් මේ කල්ලියේ ග්‍රිෆිත් පවා තරුණයෙක්.
ගට්ස්ගේ හැකියාව දකින ග්‍රිෆිත්, තමන්ට එකතු වෙන්න කියල යෝජනාවක් ගට්ස්ට ඉදිරිපත් කරනවා. හැබැයි ගට්ස් නම් ඒ යෝජනාව එච්චර ලේසියෙන් පිළිගන්නෙ නෑ. ඒ වෙනුවෙන් ද්වන්ධ සටනක් ගට්ස් යෝජනා කරනවා. මේ සටනින් කවුරු දිනාවිද? ශක්තිමත් ගට්ස් උකුස්සාගේ කල්ලියේ සාමාජිකයෙක් වේවිද? නරඹන්න මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 05 සහ 06 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitles
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 633 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තූතියි.