BBC Prehistoric Park [2006: E03] Sinhala Subtitles | පියාපත් හතරේ ඩයිනෝසර යාලුවා! [සිංහල උපසිරැසි සමඟ]
මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා.
”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් සාක්ෂි ගොඩ නැගිලා තියනවා. මට ඕන කරන්නේ අතීතයට ගිහින්.. ඔයාගෙ මුතුන්මිත්තෝ හොයාගෙන, ඒ කිව්වේ කුරුල්ලන් පැවත එන ඩයිනෝසරයන්ව හොයා ගන්න. ඒක ලේසි වෙන එකක් නෑ.”
නයිජල් කිව්වත් වගේ ඒක ලේසි වෙන්නේ නම් නැහැ. ඔහුට ඉන් එකෙක් සොයා ගන්න වසර මිලියන 125 ක් ඈත අතීතයට යන්න සිදු වෙනවා. මයික්‍රොරැප්ටර්ස්ලා එහෙමත් නැත්නම් පියාපත් හතරේ අරුම පුදුම ඩයිනෝසරයන් සිටියා යැයි සැලකෙන එකම ස්ථානය ප්‍රාග් ඓතිහාසික චීනයේ අප්‍රසිද්ධ වනාන්තරයක්. එය පුදුමාකාර ඩයිනෝසරයන්ගේ සහ භයානක ගිනි කඳු සපිරි ස්ථානයක්.
නයිජල් මාවන් කුරුල්ලන්ට බොහෝ සෙයින් ආදරය කරන නිසා මේ චාරිකාව ඔහුට ඉතාමත් සුවිශේෂී එකක්. ඒ විතරක් නෙවෙයි, ඔහු කුරුල්ලන් ගැන දන්නා තොරතුරුත්, පියාපත් හතරේ ඩයිනෝසරයන්ගේ අපූරු තොරතුරු රාශියකුත් මේ ගමන අතරතුරේ දැන කියා ගන්න හැකි වෙයි. එහෙමනම්, නැවතත් හමුවෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
BBC.Prehistoric.Park.3of6.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1333 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
Thanks a lot!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
meke video eka ganna thanak kiyannakooo….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ela bro
thanx sis
sub ekata thanks. ane puluwannam “FRINGE” t.v serious eke ithru tikatah puluwan widihata sub eka denawada
නියමයි….සබ් එකට තැන්ක්ස්….