අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E06] with Sinhala Subtitles | අතරමං වූ ආත්මයන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Arrow TV S4P3

කවුරුවත් නොහිතපු විදියට සාරා එයාව හිර කරලා තිබුන තැනින් පැනලා ගිහින් තිබුනා. ඔය අතරේ මෙයා සාරා නගරය පුරා එහෙ මෙහෙ ඇවිදමින් ගොඩක් අයට කරදර කරන්න පටන්ගෙන තිබුනා. මේ සාරා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැති වුනාට තඹ කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් පිස්සුවෙන් වගේ පාරේ ඉන්න අයව මරනවා කියලා හැමෝම වගේ දැනගෙන තිබුනා. ඒ පහරදිමකින් බේරුන කෙනෙක් පහර දුන්න කෙනා ගැන විස්තර කියද්දි ලාන්ස් තේරුම්ගත්තා මේ සාරා ගැන කියන්නේ කියලා. එයා ලෝරල්ට බනින්න හදද්දි ලෝරල් අනිත් පැත්තට ලාන්ස්ට බැනලා සාරාව හොයාගෙන යන්න ගියා.

ඔය අතරේ ඔලිවර්ගේ චන්ද ව්‍යාපාරයේ වැඩත් හොදට කෙරීගෙන යනවා. මේ ඡන්දය දිනින්නම ඕනිම හින්දද කොහෙදෝ තියා ඔලිවර්ගේ ඡන්ද වැඩ වලට ඇලෙක්ස් කියන දේශපාලන විශේෂඥයා ගෙන්වාගන්නවා. ඔය අතරේ තමයි සාරා ‍ආයෙමත් මිනිස්සු ඉන්න තැනකට ඇවිත් පහර දෙන්න හදන්නේ. මේ පහර දෙන කෙල්ල හොයාගෙන ඇරෝ ටිම් එක එතනට යනවා. එතනට ගියපු ඇරෝට එයා දැක්ක දෙයින් ඇස් අදහා ගන්න බැරිවෙනවා. මැරුණ සාරා ජිවත් වෙනවා කියලා විශ්වාස කරන එක ගොඩක් අමාරු වැඩක්. කොහොම හරි එයා තේරුම් ගන්නවා මේක වෙලා තියෙන්නේ ලසාර් පිට් එකෙන් කියලා. ඒකට එයා ලෝරල්ට ටිකක් සැරෙන් කතාත් කරනවා. ඒ වගේම මෙයා ලාන්ස් එක්කත් මේ ගැන කතා වෙනවා.

කොහොම හරි සාරාගේ මේ පහර දිම්වල සම්බන්ධය ගැන ෆෙලසිටියි ඔලිවරුයි ගොඩක් හිතනවා. ඒ වෙලාවේ තමයි ඒ දෙන්නට තේරෙන්නේ සාරා මේ පහර දිම් අහම්බෙන් නෙවෙයි කරන්නේ කියලා. ඒ පහර දුන්න හැම කෙල්ලෙක්ගේම හැඩරුව තියාගේ හැඩරුවට සමානයි කියලා එයාලට තේරෙනවා. ඒ වෙනකොටත් එයාලා පරක්කු වැඩියි. සාරා ඇවිත් තියාට හොදටම ගහනවා. තියා වැඩ දන්න නිසා නුලෙන් බේරෙනවා. අන්තිමේට තියාට හොස්පිටල් එකට පවා යන්න වෙනවා. හැබැයි ඉතින් එතනටත් සාරා ඇවිත් තියාව මරන්න හදනවා. ඔලිවර් ඒ ලග පාත හිටපු නිසා තියා නුලෙන් බේරෙනවා. මේ වදයෙන් බේරෙන්න බැරි නිසා සාරාව අල්ලා ගන්න ඇරෝ ටිම් එක සැලැස්මක් හදනවා. තියාව ඇමට තියලා මෙයාලට සාරාව අල්ලගන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් එයාව හොද කරන්නේ කොහොමද කියලා කාටවත් කිසි අදහසක් තිබුනේ නෑ. ඒ නිසා ලෝරල් සාරාට වෙඩි තියලා මරලා දාන්න පවා හදනවා. ඒ වුනාට ඔලිවර් එයාගේ පරණ යාලුවෙක් වුන කොන්ස්ටයින්ට කතා කරලා සාරාගේ ආත්මය නැවත කැදවාගෙන එනවා. ඒ නිසා මෙයාලාට ආයෙමත් පරණ සාරාව ලැබෙනවා.

ඒ වගේම රේගෙ අන්තිම පණිවිඩය අහපු ෆෙලසිටිට ඒ පණිවිඩයේ අමුත්තක් දැනෙනවා. ‍රේ කියන දේට පොඩි බාධාවක් වෙන ශබ්දයකින් එනවා කියලා එයාට හිතෙනවා. ඒ නිසා එයා කර්ටිස්ට කියලා මේ රෙකෝඩ් එක පරික්ෂා කරනවා. එතකොට තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ රේ තවමත් ජිවත් වෙනවා හැබැයි ලොකු කරදරයක ඉන්නේ කියලා…

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය…!

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/VZGzhg” type=”icon” “center” newwindow=”yes”] 288 MB (HDTV.x264.MPEG) කොපිය මෙතනින් බාගන්න[/button]

02B4C27F899425B67737CBEC18EAEDF1B9343D3B

[button link=”https://goo.gl/7V9yYq” type=”icon” “center” newwindow=”yes”] 198 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

480139EB9AAC49245336B408F3B4AC1387CE5FB4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22027 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

33 thoughts on “Arrow [S04 : E06] with Sinhala Subtitles | අතරමං වූ ආත්මයන්. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! 🙂

    Reply
  • බොහොම ස්තූතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!

    Reply
  • ප්‍රදීප්

    සබ් දෙන දෑතට දෙවි පිහිටයි…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

    https://yts.ag/browse-movies

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

    Reply
  • එල.. එල..
    සබට තෑන්ක්ස් සහෝ…
    ජය වේවා..!

    Reply
  • S.K.Ruchiranga

    thz machoo ikmanin dunnata. digatama mehema demu

    Reply
  • Nicol Vishan

    අදනම් කලින්ම දීලා. එළකිරි. මේක එනකන් හිටියේ. සබ් එකට තැන්ක්ස් දිගටම සබ් දෙන්න\

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *