Army of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘත්තගත වු සොරුන් [සිංහල උපසිරසි] 100*
ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න සිංහලෙන් ඕන භාෂාවක චිත්‍රපටයක් බලන්න ඕන කෙනෙක් ගොඩ වදින්නේ අපේ වෙබ් අඩවියට කියලා අපි හොදාකාරවම දන්නවා. උසස් තත්වයේ උපසිරැසි ලබා දෙනවට මුලින්ම අපේ උපසිරැසි නිර්මාණකරුවන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඒ නිසා තමයි මමත් අද ආසාවෙන් උපසිරසිකරණයට යොමුවෙලා ඉන්නේ. මම මුළින්ම බයිස්කෝප් පවුලට සම්බන්ධ උන විදිය මගේ 50* වෙනි උපසිරසි ලිපියේ සඳහන් කරලා තියෙන නිසා ආපහු ඒ ගැන කියන්නේ නෑ. මේ වැඩේ අවුරුදු තුනක් තිස්සේ කරද්දි ගොඩක් අයගේ අදහස්/ගුරුහරුකම් ලැබුනා ඒ වගේම හොඳ යාළුවෝ පිරිසකුත් මුණගැහුනා. ඒ හැමෝටම මේ වෙලාවේ මම ස්තූතිපූර්වක වෙනවා ලබා දුන්න සහයෝගයට. ඉසිර අයියට සහ රොයිලි අයියවනම් අමතක නොකර බෑ. අනිත් යාළුවෝ හැමෝම නම් වශයෙන් සඳහන් කරන්න බෑ එක්කෙනෙක් හරි මඟ හැරෙන්න පුළුවන් නිසා. බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලේ හැමෝමවම ආදරෙන් මතක් කරනවා. එයාලා හැමදාමත් අපේ අඩු පාඩු පෙන්වලා දෙමින් අළුතින් එන නිර්මාණ ගැනත් නිරතුරුවම දැනුවත් කරනවා. අපේ Mini/ Cancelled අදින සංගමේ සෙට් එකේ හැමෝමත්, බයිස්කෝප් අඩවියට එක උපසිරසියකින් හෝ දායක උන සියළුම උපසිරැසිකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි හැමදාම උපසිරැසි ගන්න, හැමදාම කොමෙන්ට් කරන අපේ වෙබ් අඩවිය ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ් අඩවිය බවට පත් කරන්න දායක උන බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාවත් හදවතින්ම ස්තූතීවන්ත වෙනවා.
මේ වසරේ නිකුත් උන වෙනස්ම ආකාරයේ සුපිරිම ෆිලුමක් වෙන Army of the Dead (2021) බැලුවා නේද ? බලලා නැත්තම් දැන්මම බලන්නකෝ. මේ Army of the Dead චිත්‍රපටයේ ප්‍රීක්වල් සිනමාපටයක් විදියට තමයි මේ Army of Thieves චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්. මේ ෆිලුමේ කතාව ලියන්නෙත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Zack Snyder විසින්මයි. මෙය අධ්‍යක්ෂනය කරන්නේ Matthias Schweighöfer විසින්. 2021 ඔක්තෝම්බර් මස 29 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.4ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 93% මනාපයකුත් කුණු තක්කාලි අගය 71%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන Matthias Schweighöfer විසින්මයි. ඊට අමතරව Game of Thrones, Fast & Furious චිත්‍රපට මාලාවේ රැම්සි ලෙස එක්වූ Nathalie Emmanuel “ග්වෙන්” ලෙසත්. Ruby O. Fee “කොරීනා” ලෙසත් Stuart Martin “බ්‍රැඩ් කේජ්” ලෙසත් Guz Khan “රොල්ප්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
වැඩි විස්තර සහිත ලිපියක් ලියන්නේ නෑ දැනටමත් පරක්කු වෙලා තියෙන නිසා. අන්තර්ජාලයට හොඳ කොපියක් නිකුත් උනත් දවසක් පරක්කු වෙනකන්ම, ඒකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් තිබුනේ නෑ. ඒ නිසා පරක්කු උනාට සමාව අයදිනවා. ඒ වගේම මගේ දෙවන කඩයිම මතක් කරලා ඒ වෙනුවෙන් මට මේ චිත්‍රපටිය වෙන කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. උපසිරැසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. කිසිම මූල්‍යම හෝ වෙනත් වාසියක් නැති මේ වැඩේට ඔයාලගේ අදහස් තමයි වටින්නේ. ඒ නිසා තමයි මේ දක්වා උපසිරසි කටයුතුවල යෙදෙන්න ශක්තියක් ලැබෙන්නෙත්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.. ජය වේවා !!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 40150 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
thanks mchn godak
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
100 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Niyamai, jaya weewaaaa..!!
Ela kolla, niyamai sub eka””’
100 කඩඉමට හදවතින්ම සුබ පතනවා මලේ. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thanks for Sub!
100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා සහෝ. ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
~ ජය ~
ela bn..
100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් යුරාන් අයියෙ. 🤗
පෞද්ගලික වැඩත් සාර්ථක කරගන්න වගේම දිගටම උපසිරැසිකරණයේ නියැලෙන්න ශක්තිය ලැබේව කියල ප්‍රාර්ථනා කරන ගමන්ම,
thanks….
ඇයි බන් මුල ඉඳන් අගටම යුරාන් ධනුක කියලම වැටෙන්නේ, උඹේ නම විතරනේ බන් බැලෙන්නේ
කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙන්න අයියේ.. හෙන කාලෙකින් මේ සයිටට ආවේ.. දෙවෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා එහෙනම්.. තව තවත් කඩඉම් පසු කරන්න කාලය, ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සයිට් එකේ ඉන්න හොඳටම සබ් කරන කෙනෙක්.. ඒ වගේම හොඳ යාලුවෙක්.. ජය වේවා අයියේ..
Thank You very much Sub ekata, Jaya Wewa! Thawa hodata wad tika kranna. Again bro Thanks a lot!
මේං බොලේ 100වෙනි උපසිරැසියත් දාලා!!
මගේ ටේස්ට් එකට ගැළපෙන චිත්‍රපටිම සබ් කරන හින්දද මන්දා, පෞද්ගලිකව හොඳට හුරුපුරුදු නමක් තමයි ඉතින් යුරාන් කියන්නේ… ඒ වගේම බොහොම නිහතමානී සහ මිත්‍රශීලී චරිතයක්.
150ත් ඉක්මනටම ඇචීව් කරගමු.
සියලුම වැඩ කටයුතු හොඳටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ උපසිරැසියෙන් මුණ ගැහෙමු.
ජය වේවා යුරාන් අයියේ!!
උණුසුම් සුබ පැතුම් මල්ලී…
ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ඒ වගේම වැඩ කටයුතු හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
Thanks
100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Film එකේම උබේ නමනේ බන් යන්නේ..
කුහකයා
සිරාවටම බන්
vasi brother
Jaya wewaaa!!!
100 ට උනුසුම් සුභ පැතුම් සහෝ.. බොහොම ස්තූතියි උපසිරසියට
100වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ.. ඉදිරියටත් අපි වගේ ෆිල්ම් බලන උන්ට මේ වගේ උපසිරැසි අරගෙන එන්න කාලය ලැබෙන්න කියලා ප්‍රාර්තන කරනවා.. කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා…
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
100 වැනි උපසිරැසියට සුභ පැතුම්.තව තවත් හොද නිර්මාණවලට උපසිරැසි සපයන්න ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා
Sub eka iwara wenakan hadapu ekage nama danna epa bm
Thanks for the sub!!!!
Ublage nam danna epa ban film eka purawata balannath epa wenawa redda
Thanks brother
Thanks bro sub ekata
බලන මිනිස්සු ගැනත් හිතල.sub එක හදපං .. 100 sub eka අරක මේක හැම එකම යටින් tag කරල තිබ්බම film එක බලන්න ඉඩක් නෑ… any way thank you .
danna awa reply eka 😀
danna awa comment eka 😀
THANKS ELA MACHAN
THANKS
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
බොහොම ස්තුතියි සබ් එකට…
ඒ වගේම සුභ පැතුම් 100 වෙනි සබ් එකට…
සබ් එකේ පටන් ගැම්මේ ඉදන් ඉවර වෙනකම්ම නම වැටෙනෝ
Want sardar udam sub plaease
Congratulation brother
Niyamai jayaweva
Congratulation brother
Congrats bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා….❤️❤️❤️
ෂුබපැතුම් ෂහෝදරයා
100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මචෝ…
බයිස්කෝප් නිසා සෙට් වුන තවත් එල කොල්ලෙක් තමයි ඉතින්…
සබ්වල ගුණාත්මකභාවය ගැනත් කියන්න දෙයක් නෑ. නියමයි…
බයිස්කෝප් පවුලත් එක්ක එකතුවෙලා දිගටම සබ් දෙමු ආ….
ජය!
ස්තුතියි උපසිරැසියට (යුරාන් ධනුක) Baiscopelk ….
Tnx Bro…Good Luck…Stay Safe…
Thanx
2වන කඩයිමට සුබපැතුම්
thanks 100 sub
Good Luck Bro… Keep it up……!!!
දෙවන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
සහෝ උපසිරසි ලබාදුන් ත්‍රිලර් , හොරර් වර්ගයේ ෆිල්ම් බොහෝමයක් බලලා තියෙනවා
ඉදිරියටත් එවැනිම ෆිල්ම් ලබාදෙන්න කියලා ඉල්ලන ගමන් සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!
මේකේ කලින් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නෑ… ආයේ දාන්ට පුලුවන්ද???
Sub akta thanks
thanks a lot saho sub ekata
100ට උණුසුම් සුබ පැතුම් මචන්.
thnx sago.
100 උපසිරැසියට සුබ පැතුම් සහෝ ❤️❤️❤️
100 වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්…
තවත් උපසිරසි නිර්මාණය කරන්න අවැසි කාලය වේලාව ශක්තිය සහ ඉක්මණින්ම ඉදිරි කඩඉම්වලටත් යන්න ලැබේවා…
~ ජය වේවා ~
100වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින්ම යන්න ලැබේවා..උපසිරැසිය බොහොම ස්තූතියි..
100 වෙනි උපසිරැසියට සුභපැතුම්.
150 වෙනකම් වැඩිපුර අලුත් – පරණ Thriller Horror ෆිල්ම් දෙනවා නේද?
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Congratulations sago issarahatath ohoma krgena yn
Thanks Brother, Congratulation on your acheivement, Keep it up.
100 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම්
ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසයට සුබ පතනවා. මෙතැනින් නොනැවතී ඉදිරියටම කරගෙන යන්න ලැබෙනවා කියා පාර්ථනා කරනවා.
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්
Name tag eka vinadiyak withara thibila ain wenna danna barida? Ekath ekka mulu film ekama baladdi film eke sub ekath ekka awul
100 කඩයිමට හදවතින්ම සුබපතනවා..
ඊලග උපසිරැසියෙන් හමුවෙමු..❤️❤️
100* වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් යූරාන් අයියා!
ඉදිරියටම යමු ඔහොම තව කඩයිම් පහු කරන ගමන්.
සබට තුති අහ්, බලාගෙන හිටියේ එනකම්..!✌
නියමයි❤
Thank you…!
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
100ට සුභ පැතුම්!!!
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මුලින්ම සියවෙනි සිංහල උපසිරැසි නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එකතුකරනවා.බයිස්කෝප් සිංහලෙන් පවුලේ දැන හඳුනාගන්නට ලැබුණු තවත් දක්ෂ උපසිරැසිකරුවෙක් වගේම බාල සහෝදරයෙක් විදියට යුරාන් මල්ලිව අඳුන්වන්න පුළුවන්,ගොඩාක් වෙලාවට චිත්‍රපටියක සිංහල උපසිරැසි බාගත කරගන්න ගියාම යුරාන් මල්ලිගේ සිංහල උපසිරැසි නිර්මාණයක් නම් කිසිම සැකයක් නැතුව බාගත කරගත්තාට පාඩුවක් නම් වෙලා නෑ, ඒතරමටම සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට තෝරාගන්නා සිනමාපට උසස් රසවින්ඳනයක් පෞද්ගලිකව මට නම් ලැබෙනවා. ඒබව විශේෂයෙන්ම සඳහන් කරන්නම ඕන දෙයක්,ඒ වගේම ඕනම වෙලාවක උපසිරැසි නිර්මාණයකදි යම් උදව්වක් ඉල්ලුවාම කිසිම පැකිලීමක් නැතුව බෑ නොකියා ඉක්මණින්ම උදව්වට එන කෙනෙක් විදියටත් මල්ලිව අඳුන්නලා දෙන්න පුළුවන්, අවසාන වශයෙන් තවත් කෙනෙකුගේ සිනමා රසවින්ඳනය උදේසා තමන්ගේ වටිනා කාලය කැපකර වෙහෙස මහන්සි වී ඔබ විසින් කරන්නාවූ මේ සේවාව වෙනුවෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉඳිරි අනාගත සැලසුම් සියල්ල සාර්ථකම වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.
100වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
මෙතනින් නොනැවතී ඉක්මනටම අනික් කඩයිම්වලටත්
යන්න ලැබේවා කියා පතනවා. උපසිරසියට තුති. ඔබට ජය!
Denakan balan idiye thanx for the sub
100’වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් යුරාන්.
පුද්ගලික වැඩ කටයුතු කරගෙන යන අතරේ, මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!!!
Thanks…
jaya wewa!❤️
100 වෙනි උපසිරසයට ජයවෙවා මචො. තව ෆිල්ම් 1000 ට සබ් ගහන්න හැකිවෙවා කියලා සුබපතනවා.
tnx bn sub ekata
thanks for sub
꧁ⓞⓖⓐⓤⓐⓘⓝ꧂
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
බුදු සරණයි!
100 වෙනි උපසිරැසියට සුබපැතුම්..
Thanku ❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
සබට තුති සහෝ
100 වෙනි කඩයිමට සුබ පතනවා.
ජය වේවා
සුබ පැතුම් broo 100 වෙනි උපසිරැසියට.
සුබ පැතුම් යුරාන් ධනුක සහෝ 100 වෙනි උපසිරැසියට. ඉදිරියේදී තව තවත් කඩයිම් වලට යෑමට හැකිවේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!