Apur Panchali (2014) | අපූගේ ගීතය.. [සිංහල උපසිරැසි සමඟ]
1955 ඉන්දියානු සිනමාවට අමතක කළ නොහැකි වසරක්. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අති විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් එළි දැක්වුණේ ඒ වර්ෂයේයි. ඒ බෙංගාලි සිනමාවේ වැදගත් සංධිස්ථානයක් වූ Pather Panchali නැමැති චිත්‍රපටයයි. මේ චිත්‍රපටයට අප අඩවියෙන් සිංහල උපසිරැසි ලබා දී තිබෙනවා. වැඩි විස්තර මෙතනින් බලාගන්න.
ඒ වගේම මේ සිනමා කෘතිය අති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන අතරම ඔහු ඉන්දියානු සිනමාවට අමතක කළ නොහැකි ළමා රංගන ශිල්පියෙක් දායාද කරනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අපූ ලෙස ලොව පුරා රසික ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ ඔහු Subir Banerjee ය. Aparajito (1956) සහ Apur Sansar (1959) ලෙස අපූ චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය වුවත් මොහුට දායක වන්නට හැකිවන්නේ පළමු චිත්‍රපටයට පමණයි. එහෙත් පළමු චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක සිත් තුළට දැඩිව කා වැදුණු අපූ අදටත් ප්‍රේක්ෂක හදවත් තුළ ජීවත් වෙනවා.
ඔයාලට මේ ලබා දෙන චිත්‍රපටය, ඒ කියන්නේ Apur Panchali චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ Subir Banerjee මහතාගේ ජීවිතය ඇසුරිනුයි .
Parambrata Chatterjee තරුණ සුබීර් බැන්ර්ජි ලෙසත්
Ardhendu Banerjee මහලු සුබීර් බැන්ර්ජි ලෙසත්
Parno Mitra සුබීර් මහතගේ බිරිඳ ආශිමා බැන්ර්ජි මහත්මිය ලෙසත්
Gaurav Chakrabarty ආකෝ ලෙසත්
රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය Kaushik Ganguly විසින්. ඔහුට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා 44 වෙනි International Film Festival of India හිදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවුණා. මේ චිත්‍රපටය තුළ දැක්වෙන්නේ සුබීර් බැනර්ජි මහතාට උපහාර දැක්වීමට ජර්මනි රජයෙන් ආරාධනාවක් ලැබුණු අවස්ථාවකදී එය ඉදිරිපත් කිරීමට පැමිණෙන ආකෝ නම් තරුණයාට බැන්ර්ජි මහතා තම ජීවිතයේ විවිධ අත්දැකීම් පවසන අයුරුයි. Indradeep Dasgupta විසින් තමයි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම මෑත කාලයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන Arijit Singh මේ චිත්‍රපටය සඳහා ගීතයක් නිකුත් කර තිබෙනවා. ඒ හැරෙන්න වෙනත් ගීතයක් මේකෙ දැක්වෙන්නේ නෑ. IMDb අගය 8.2ක්.
ඒ වගේම කියන්න ඕන මේක මේ ඩවුන්ලෝඩ් ගාණ බලාගෙන කරපු චිත්‍රපටියක් නම් නෙවෙයි. මම මේක භාරගත්තේ හොඳ නිර්මාණයක් ඔයාලට ලබා දෙන අදහසින් විතරයි. මේක නිතර දකින්න ලැබෙන මල් ගස් වටේ දුව දුව සිංදු කියන ජාතියේ චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක බොහොම සංවේදී කතාවක් ඇතුළත් මානව දයාවෙන් නරඹන්න ඕන චිත්‍රපටයක්. මම යෝජනා කරනවා වෙනසකටත් එක්ක බලන්න කියලා. කැමති අය අපූ චිත්‍රපට ත්‍රිත්වයත් නරඹනවා නම් වඩා හොඳයි අවසාන වශයෙන් ස්තුති කරන්න ඕන සමීර කරුණාරත්න අයියට මට මේ චිත්‍රපටය භාර දුන්නට. ඒ වගේම හැරෙන තැපෑලෙන් පිළිතුරු එවපු හසන්ත අයියටත් ස්තුතියි. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක් !
[button link=”http://i.oc.gs/effio” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2439 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks brother..
Aparajito ….
Apur sansar…
Me dekatath subtitles denna…
thanks machn
කරුණාකර Aparajito (1956) සහ Apur Sansar (1959) ඇතුළත්ව අපූ ත්‍රිලොජිඑකම ලබාදෙන්න
machoo.. cant dwnldd this movie.. mokada aula..??
මමත් බලනෝ …………. කව්ද මේ වගේ වෙනස් විදියේ ෆිල්ම්ස් අත අරින්නේ…… sub එකට බොහොම ස්තුතියි…. බයිස්කෝප් එකට ජයෙන් ජය….
බොහොම ස්තුතියි සහෝ.පුළුවන් නම් මල්ගුඩි දවස tv සීරිස් එකේ ඒවත් දෙන්ඩ
සහෝ රාජ් කපුර් ගේ Baiscope එකක් දෙන්නකෝ
බොහොම ස්තුතියි!
අනිත් චිත්‍රපට දෙකත් දෙන්න.
Aparajito (1956)
The World of Apu (1959)
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamayi kolloo..
thankss sub ekata!!
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. මේ වගේ කෙනෙක් සබ් දාන්න අදි මදි කරන චිත්‍රපටියක් අපි වෙතට ගෙනාව එකට බොහොම පිං. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි නියමයි මම මෙවගේ ඒව බලන්න කැමතියි
ලැබුණ වෙලාවක බානවා
තෑන්ක්ස් සබට
මෙන්න මේ වගෙ දේවල් තමයි සිද්ධ වෙන්න ඕන.මම ගාව කතා තුනම තියෙනවා.සබ් වලට බොහොම ස්තූතියි!!
ස්තුතියි සබ් එකට.
එල අදිත
Waar කියලා පකිස්තාන් ෆිල්ම් එකක් තියෙ
පොඩ්ඩක් බලන්නකො
සබට තුති
ඔබට ජය……..
හොද නිර්මාණයක් ලබා දුන්නට ස්තුති.
උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
Thanks
ADITHA saho watinama wadak……..thank u soooo much. digatama sub denn.jaya wewa……
නියමයි අදිත සහෝ.. 😛
මේ වගේ වටිනා නිර්මාණ දිගටම ලබා දෙමු.
සිනමා රසිකයෙක් විදිහට එක රාමුවකට කොටු විම ලොකු අපරාදයක්.
ලංකාවේ සිනමා රසිකයින්ගෙ ලොකුම අඩු පාඩුව එකයි.
රාමුවකට කොටු නොවුනු රසිකයන් වෙනුවෙන් මේ වගේ නිර්මණ ගෙන එම සම්බන්දව මගේ ආචාරය.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
අනිත් නිර්මණ දෙක සදහාද ඔබගේ වටිනා කාලය කැප කරන ලෙස ඉල්ලා සිටිනවා.
හිතුවට වඩා කස්ටිය ෆිලුමට කැමතියි වගේ නේ?
ඔන්න එහෙනම් මාත් බලනවා 🙂 තැන්කූ !!!
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
බොහොම ස්තුතියි සහෝ මේ වගේ හොද film 1ක් දුන්නට ,
Godak hoga film 1k wage…thank you sub dunnata……….
ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ඊලග එකත් ඉක්මනට දෙන්න..
මේ වගේ ඒවත් අපේ සයිට් එකට දෙනවට
බොහොම ස්තූතියි.
බාගත කරන ප්‍රමාණය අඩු වෙයි කියලා හිතුවත්,
මේ වගේ වටිනා නිර්මාණයකට සබ් දුන්න එකනම් ගොඩක් වටිනවා.
නැවතත් කියනවා බොහොම ස්තූතියි සහෝ.:)
බොහොම ස්තුතියි සහෝ, අර සිනමා ත්‍රිත්වයෙන් පලමු වැන්න මම බැලුවා, නියම එකක්, ඔයා මේකට උපසිරසි දෙන්න හිතපු එකනම් වටිනවා, බාගන්න පිරිස ගැන නොහිතා, මමත් කිසිම දවසක් බාගන්න පිරිස වැඩිවෙන්න කියල ෆිල්ම් සබ් කරන්නේ නැහැ, කිහිප දෙනෙක් හරි බලන්න ඉන්නවනේ කියල හිතල කරන්නේ. ශාන් සහෝ කියපු කතාවට මාත් එකඟයි, පරණයි කියල කොච්චර වටින කතා අපේ අය අරන් බලන්නේ නැද්ද? අද හදන චිත්‍රපට වලට වඩා සමහරවිට ඒවා දහස් ගුනයක් හොඳයි, හැකිනම් අර ත්‍රිත්වයේ ඉතුරු දෙකින් එකක් වත් දෙන්න බලන්න, ජයවේවා.
මම හින්දි ඒවා සාමාන්‍යයෙන් බලනවා හරි අඩුයි, නමුත් මේ වගේ ඒවානම් නොබලා ඉන්නේ නැහැ.
අහ්, මේ දීල තියෙන්නෙ………..
මං නම් මේක සැරයක් බලලයි ඉන්නෙ. කොහොමවුණත් මේ වගේ දුලබ වටිනා නිමැවුම්වලට සිංහල දීම නම් බොහොම වටිනවා අදිත. ඔන්න එහෙනම් දෙවැනි සැරේට ඔයාගේ සබත් එක්ක මේක මං ආයෙම බලනවා. මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ……….
thanx
mn hithanne balla thiyenawa ayeth balanawa thanks
හොඳම හොඳ වැඩක්. . මමත් ගොඩක් කැමති සලරුවක්.. අපරාජිතෝ හා අපූර් සංසාර් සලරූ දෙකටත් උපසිරැසි දෙන්න කියලා ඉල්ලනවා.. ජය..
මේවනෙ FILM. ඔබට ජයවේවා!
හොද වැඩක් සහෝ…………..
ජය වේවා
ස්තුතියි ආදිත්‍ය සහෝ!
ජය වේවා!
අති විශිෂ්ට චිත්‍රපටයක් බොහොම ස්තුතියි!
අති විශිෂ්ට චිත්‍රපටයක් බොහොම ස්තුතියි
මෙන්න මේ වගේ වටිනා චිත්‍රපට අපිට දෙන එක ගැන මම අගේ කොටසලකනවා. කමාන්ටු අඩු වුනත් සැලෙන්න එපා. හොඳ නිර්මාණ රස විඳින්න පුළුවන් අය තවමත් අපි අතර ඉන්නවා. ඔයාට පුළුවන්නම්, malgudi days හරි අන්න ඒ වගේ හොඳ කතා ටිකකටත් සබ් දෙන්න. ඒ වගේම ඉදිරියේදී තව තවත් ඔය වගේ වටිනා සිනමා නිර්මාණ බයිස්කෝප් එකෙන් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. උපසිරැසියට බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ජය වේවා බයිස්කෝප්!
ඔන්න ඉතින් අපි නම් මේ වගේ ඒවා තමයි වැඩිපුර බලන්නේ,ඒ නිසා සබ් එක අරගන්නවා.
බොහොම තුති සබ් එක කරලා දුන්නට.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
වටිනා වැඩක්
බොහෝ දෙනෙක් නොබලන බව දැන දැනම ෆිල්ම් එහෙකට උපසිරසක් කරන එක තමා කරන්න අමාරුම වැඩේ ඉතින්
අවාසනාවට ලංකාවේ බොහොමයක් සිනමා රසිකයින් එක රාමුවකට කොටුවෙලා
හොද නිර්මානයක අගය තේරුම් ගන්නේ ටික දෙනයි
බොහොම ස්තුතියි අදිත සහෝ
පැරණි ඒවා දෙකත් දෙමුකෝ නේ 😀
එල මල්ලි…සපිරි ෆිල්මක් දීලා තියෙන්නෙ…ජය වේවා…!