American Crime Story [S03 : E07] Sinhala Subtitles | “මොනිකා ලුවින්ස්කි ඝාතනය” [සිංහල උපසිරැසි සමඟ]
American Crime Story [S03 : E07] Sinhala Subtitles
කොහොමද හිතවතුනි, අද ඔබට සිංහල උපසිරැසි සමඟින් ගෙන එන්නේ මොනිකා ලුවින්ස්කි – බිල් ක්ලින්ටන් අසම්මත ආදර කතාවේ, Impeachment: American Crime Story කතා මාලාවේ සත්වැනි කොටසයි. පසුගිය කොටසින් ලින්ඩා ට්‍රිප් විසින් තමාව රහසිගතව පටිගත කර FBI නියෝජිතයන්ට ලබා දී ඇති බව මොනිකා දැනගත් අන්දම ඔබ දකින්නට ඇති. ලින්ඩා ට්‍රිප්ගේ මඟ පෙන්වීමෙන්, කෙන් ස්ටාර්ගේ විමර්ෂණ කාර්යාල සාමාජිකයන් සහ FBI නියෝජිතයන් සමඟ මොනිකාව කොටු කරගැනීම සහ ඇයට ලබාදුන් මුක්ති ගණුදෙනුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රිට්ස් කාල්ටන් හෝටලයෙන් පිටව ගිය අන්දම ඔබ දකින්නට ඇති. තම දයාබර මිතුරියක් තමන්ව පාවාදීම නිසා, හදිසියේ හිස මතට තර්ජනාත්මකව කඩා වැටුණු මහා පීඩනය සහ ලැජ්ජාවෙන් සමාජයට මුහුණ දීමට නොහැකි වීමේ ඛේදවාචකය මැද ජීවිතය ගෙවීම අරඹන අන්දමත් ඔබ දකින්නට ඇති. අද කතාව එතැන් සිට ඉදිරියට.
ඩෑන් බැකඩාල්, කෙන් සටාර්ගේ චරිතය නිරූපණය කරමින් (වමේ) ස්වාධින නීති උපදේශක කෙන් ස්ටාර් (මැද වමේ) ෆ්‍රෙඩ් මෙලමඩ්, බිල් ගින්ස්බර්ග් ලෙස රංගනයේ යෙදෙමින් (මැද දකුණේ) නීතිඥ බිල් ගින්ස්බර්ග් (දකුණේ)
අද පළ වන කතාංගය ගැන:
- හත්වැනි කොටස -“The Assassination of Monica Lewinsky” – “මොනිකා ලුවින්ස්කි ඝාතනය”
- අධ්‍යක්ෂක –Michael Uppendahl
- තිර රචනය -Sarah Burgess & Flora Birnbaum & Daniel Pearle
- මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 ඔක්තෝබර් 19
- IMDb Ratings – 8.3/10
අද කතාව වෙතට යොමුවෙමු. මොනිකා ලුවින්ස්කි සහ FBI හමුවීමෙන් පසුදින උදෑසන, ජනපති විලියම් ජෙෆර්සන් ක්ලින්ටන් හෙවත් බිල් ක්ලින්ටන් සාක්ෂි දීමට කැඳවන්නේ, කැත්ලින් විලී සහ පෝලා ජෝන්ස් දෙදෙනාගේ ලිංගික අපහරණ චෝදනා නඩුව වෙනුවෙනුයි. එහිදී ඔහුගෙන් ලුවින්ස්කි සමඟ තිබුණු සබඳතාවය ගැනද විමසනවා. මේ සියල්ල මාධ්‍යයේ පළවීමෙන් පසුව, ඔහු හිලරිට ලුවින්ස්කි සමඟ තමන්ගේ තිබුණු සම්බන්ධය ගැන හෙළි කළද, එයට තමන්ගේ දායකත්වයක් නොතිබුණු බවට පවසනවා. මේ සබඳතාවය ගැන තොරතුරු ජාතික මට්ටමින් රූපවාහිනී නාලිකාවන් හි විකාශය වත්ම, මොනිකා ලුවින්ස්කි සහ ලින්ඩා ට්‍රිප් යන දෙදෙනාම ජනමාධ්‍යයේ පහරදීම් වලට ලක්වනවා. එහිදී මොනිකා ලුවින්ස්කි ක්ලින්ටන් පසුපස හඹායන්නියක ලෙස අර්ථකථනය කෙරෙන අතර, ලින්ඩා ට්‍රිප්ව කර්කශ දුෂ්ඨ ගැහැණියක ලෙස අර්ථකථනය කෙරෙන්නේ, මිතුරියක සමඟ පැවැත්වූ දුරකථන සංවාද හොරෙන් පටිගත කර පසුව විමර්ෂකයන්ට ලබාදුන් නිසයි. ජනමාධ්‍යය මේ ප්‍රශ්නය ඉතා නින්දිත අන්දමින් අර්ථකථනය කරමින් සමාජයේ විකෘත ආශාවන් සන්තර්පණය කරමින් තරඟයට හුදු ජනප්‍රියත්වය හඹා යන අන්දම දැකිය හැකියි. මේ අතර ලුවින්ස්කි සහ ඇයගේ මව වොටර්ගේට් ගොඩනැඟීල්ල තුල සිර වන්නේ, නානාප්‍රකාර ජනමාධ්‍ය කරුවන් කැමරා ආම්පන්න ද සහිතව එම ගොඩනැඟිල්ල වටලන නිසයි. මේ අතර ගින්ස්බර්ග් නම් නීතිඥයා සහ මොනිකා කෙන් ස්ටාර්ගේ කණ්ඩායම ඉදිරියේ ගිවිසුමකට අත්සන් තබන්නට පියවර ගන්නේ ඇයගේ සාක්ෂි වෙනුවෙන් අභිචෝදන මුක්තිය ලබාගැනීමේ එකඟතාවයක් අනුවයි. කෙසේ වෙතත් එයින් පසුව ගින්ස්බර්ග් ජනමාධ්‍යය හමුවේ කෙන් ස්ටාර් විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරනවා. මේ ප්‍රකාශ විනිසුරු කෙන් ස්ටාර්ගේ ගිවිසුම අත්සන් කිරීමට කෙසේ බලපානු ඇතිද? ජනමාධ්‍යයේ ආන්දෝලනයට ක්ලින්ටන් ප්‍රසිද්ධියේ කුමක් පවසනු ඇතිද? ස්ටාර්ගේ නියෝජිතයන්ට ලුවින්ස්කි-ක්ලින්ටන් සම්බන්ධය ඔප්පු කිරීමට හුදෙක් පටිගත කළ හඬ පට ප්‍රමාණවත් වේද? අද කතාවෙන් මේ දේවල් බලලා දැනගන්න.
හිලරි සහ බිල් ක්ලින්ටන් ඔවුන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී (වමේ) සමඟ ටෙලිනාට්‍යයේ එහි ප්‍රතිනිර්මාණය කෙරුණු අන්දම (දකුණේ)
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E07.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 363 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Brother.. Good job…. ♥♥