American Crime Story [S03 : E03] Sinhala Subtitles | “විශ්වාස නොකළ යුතුයි!” [සිංහල උපසිරැසි සමඟ]
American Crime Story [S03 : E03] Sinhala Subtitles
අද මං ඔබට ගෙන එන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ තුන්වැනි කතාංගයයි. පසුගිය කොටසේදී ඔබ දකින්න ඇති නිව්ස්වීක් සඟරාවේ ඉසිකොෆ් ක්ලින්ටන්ගේ අනාචාරයන් ගැන කරුණු විමසමින් ලින්ඩා ට්‍රිප් හඹා යන අන්දම. ඒ වගේම ජනාධිපතිවරණය ජයග්‍රහණය කර දෙවැනි වරටත් ධුරයට පත්වන ක්ලින්ටන් යළි තමන්ව ධවල මන්දිරය වෙත කැඳවන තෙක් බලාසිටින මොනිකා ලුවින්ස්කිගේ අපේක්ෂා භංග වන හැටිත් ඔබට මතක ඇති.
ඒ වගේම කැත්ලින් විලී ජනපතිගෙන් තමන්ට වුණු ලිංගික අතවර ගැන ඉසිකොෆ්ට හෙළි කර ලින්ඩාගෙන් එයට සාක්ෂි ලබාගන්න ලෙස පැවසුවත් ලින්ඩා එයට මැදිහත් වන්නට අකමැති වෙනවා. අද කතාව එතැන් සිට ඉදිරියට යන අන්දම ඔබට දැකගන්නට හැකි වෙයි.
කැත්ලින් විලී ලෙස රංගනයෙන් දායක වන එළිසබෙත් රේසර් සහ කැත්ලින් විලී පිළිවෙලින් (වමේ) මයික් ඉසිකොෆ් ලෙස රංගනයෙන් දායක වන ඩැනි ජෙකොබ්ස් සහ මයික් ඉසිකොෆ් (දකුණේ)
[box]
අද පළ වන කතාංගය ගැන:
- තුන්වැනි කොටස: “Not to Be Believed” – “විශ්වාස නොකළ යුතුයි!”
- අධ්‍යක්ෂක –Michael Uppendahl
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2021 සැප්තැම්බර් 21
- IMDb Ratings – 6/10
[/box]
එහෙනම් අපි අද කතාව වෙතට යොමු වෙමු. අද කතාව ඇරඹෙන්නේ මැතිව් ඩ්රජ් නම් මාධ්‍යවේදියාව හඳුන්වා දෙමින්. ඔහු විවිධාකාර ජනප්‍රිය පුද්ගලයන් හා බැඳුණු විවිධ ආන්දෝලනාත්මක ඕපදූප Drudge Report නම් සිය පුවත් වෙබ් අඩවියේ පළ කරන පුද්ගලයෙක්. ඔහු රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් ද වනවා. මින් පෙර හඳුන්වා දුන් කන්සර්වේටිව් නීතිඥ කණ්ඩායමක්, මැතිව් ඩ්රජ්ගේ නිවසේ රාත්‍රී සාදයකදී ඔහු හමුවෙනවා. මෙහිදී පෝලා ජෝන්ස් නඩුවෙන් ඇරඹි කැත්ලින් විලී ගේ චෝදනා සමඟින් ඉදිරියට යන බිල් ක්ලින්ටන්ගේ කාන්තා අපචාර නඩු ගැනත් සාකච්ඡා වෙනවා. එහිදී නිව්ස්වීක් සඟරාවේ මයිකල් ඉසිකොෆ් සමඟ තවත් කාන්තාවක් ද මාධ්‍යයට කරුණු කියා ඇති බව මැතිව් ඩ්රජ් දැනගන්නවා.අනතුරුව ඉසිකොෆ්ගෙන් කැත්ලින් විලී ගැන ආරංචිය ලබාගන්නා ඩ්රජ් සිය අන්තර්ජාල පුවත් වෙබ් අඩවියේ එය පළ කරනවා. මේ අන්දමින් ඉසිකොෆ් විසින් පළ කරන්නට උවමනාවෙන් සිටි වැදගත් පුවතක් ඩ්රජ් විසින් ඔහුගෙන් සොරාගන්නවා. මේ අතර ජනපති ක්ලින්ටන් හමුවුණු මොනිකා ධවල මන්දිරයට තමන්ව යළි කැඳවීමක් කරන්නේදැයි සෙවීමට උත්සුක වෙනවා. තෑගි බෝග ද රැගෙන ජනපති හමුවන ඇයට අසන්නට ලැබෙන්නේ මොනිකා සමඟ ඇති සම්බන්ධය තවදුරටත් ගෙන යා නොහැකි බව බිල් ක්ලින්ටන් කියන අන්දමයි. මෙයින් දැඩි ශෝකයටත් කෝපයටත් පත්වන ඇය, හඬ වැටෙමින් ලින්ඩා ට්‍රිප්ට මේ සියල්ල පවසනවා. අනතුරුව, ලින්ඩා ට්‍රිප්ගේ මඟපෙන්වීමෙන් මොනිකා ජනපති වෙත ලියුමක් යවනවා. ඒ තමන්ට සාධාරණයක් ඉටු කිරීමට රැකියාවක් සොයා දෙන මෙන් ඉල්ලමින්. මොනිකා විසින් දුරකථනයෙන් බෙටී කියුරිට සහ ක්ලින්ටන්ට දෝෂාරෝපණය කරමින් පෙන්වන ආවේගය ඔවුන්ගේ ජීවිත වලට කෙසේ බලපානු ඇතිද? ඇයට රැකියාවක් ලබාගන්නට හැකි වනු ඇතිද?
ලුසියැන් ගොල්ඩ්බර්ග්ගේ චරිතය නිරූපණය කරන මාගෝ මාටින්ඩෙල් සහ ලුසියැන් ගෝල්ඩ්බර්ග් පිළිවෙලින් (වමේ), මැතිව් ඩ්රජ් ලෙස රංගනයේ යෙදෙන බිලී ඊල්නර් සමඟ මැතිව් ඩ්රජ් (දකුණේ)
මේ අතර පෝලා ජෝන්ස් නඩුව ජනමාධ්‍යයේ අවධානය දිනාගැනීමත් සමඟ ක්ලින්ටන් පාර්ශවයෙන් පෝලා ජෝන්ස් නඩුව සමථයකට පත් කරගැනීමට මුදල් ප්‍රදානයක් ලබාදෙන්නට එකඟ වෙනවා. එහෙත් ඇයට සහය පළ කරන කන්සර්වේටිව් බලවේග ඇයගේ සමථයකට පත්කිරීම කඩාකප්පල් කිරීමට ක්‍රියා කරනවා. මේ නිසා කන්සර්වේටිව් ස්ත්‍රීවාදිනියක සුසෑන්ගේ බලකිරීම අනුව පෝලා ජෝන්ස්ගේ සැමියාද පෝලා ජෝන්ස්ට එම මුදල් ප්‍රදානය ප්‍රතික්ෂේප කරන්නට බල කරනවා. පෝලා ජෝන්ස් කුමක් කරනු ඇතිද? ඇයගේ තීරණය ජනපතිට ඇති කරන බලපෑම කෙබඳු වනු ඇතිද? කෙසේ හෝ අවසානයේ ලින්ඩා ට්‍රිප් කැත්ලින් විලී සහ ජනපති අතර වුණු සිදුවීම ගැන මයික් ඉසිකොෆ්ට ප්‍රකාශ ලබා කරනවා. එහෙත් ඒ කැත්ලීන්ට සහයට නොව ඇයට විරුද්ධවයි. කැත්ලින් ජනපති වෙත ආකර්ෂණය වුණු අන්දම සහ ජනපති ඇයව සිපගත් පසු ඇය ප්‍රීතියෙන් සිටි අන්දම ගැන ලින්ඩා ඉසිකොෆ්ගේ සඟරාවට පවසනවා. මෙමඟින් ලින්ඩා කැත්ලීන්ගෙන් යම් ආකාරයක පළිගැනීමක් සිදු කිරීමටත් ඇයව නිරාවරණය කිරීමත් අපේක්ෂා කරනවා. මෙය කැත්ලින් විලීට බලපාන්නේ කෙසේද? අද කතාවෙන් මේ ගැන දැනගන්න.
ක්ලින්ටන්ට එරෙහිව පෝලා ජෝන්ස් නඩුව සම්බන්ධයෙන් මයිකල් ඉසිකොෆ් සහ එවන් තෝමස් විසින් පළකළ පුවත්පත් ලිපියක්.
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E03.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 378 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි මචෝ සබට…….