American Crime Story [S03 : E02] Sinhala Subtitles | “ජනාධිපතිතුමා මාව සිපගත්තා!” [සිංහල උපසිරැසි සමඟ]
American Crime Story [S03 : E02] Sinhala Subtitles
සුබ දවසක් හිතවතුනි.හොඳයි එහෙම නම් මේ ගෙන එන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ දෙවැනි කතාංගය. පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇත්තේ මොනිකා ලුවින්ස්කි ලින්ඩා ට්‍රිප් සහ FBI විසින් කොටු කරගත් ආකාරය. තමන්ව උගුලකට හසුවුණු බව දැනගන්නා මොනිකා ලුවින්ස්කි ලින්ඩා ට්‍රිප්ට ශාප කරනවා. මෙහෙම දෙයක් වෙන්න පසුබිම සැකසුණේ කොහොමද? වසර කිහිපයකට කළින් ලින්ඩා ට්‍රිප්, ධවල මන්දිරයේ සේවය කරමින් සිටින අතර ඇය ධවල මන්දිරය තුලදී දකින යම් යම් සිදුවීම් හෙළි කරන අන්දමින් පොතක් පළ කිරීමේ හැකියාව සලකා බලනවා. සාහිත්‍ය ප්‍රකාශිකාවක් වන ලුසියැන් ගොල්ඩ්ස්බර්ග් ඇයට හමුවන්නේ මේ අතරයි. කෙසේ වෙතත් ධවල මන්දිරයේ සේවය කළ වින්ස් ෆොස්ටර්ගේ අබිරහස් දිවිනසාගනිමෙන් අනතුරුව, යම් අබිරහස් හේතුවක් මත ලින්ඩා ට්‍රිප්ව ධවල මන්දිරයෙන් පෙන්ටගනය වෙත මාරු කෙරෙනවා. මේ අතර ජනපති ක්ලින්ටන් ආකන්සාස් ආණ්ඩුකාරයාව සිටි සමයේ තමන් වෙත කරන ලද ලිංගික ඇරයුමක් ගැන ඔහුට එරෙහිව නඩු කියන්නට ඉදිරිපත් වෙන පෝලා ජෝන්ස් නම් හිටපු රාජ්‍ය සේවිකාව කරළියට එනවා. ඇයත් ඇයගේ සැමියාත් නීතිඥයන්ගේ උපකාරයෙන් නීති මාර්ගයෙන් සටන ඇරඹීමට පියවර ගත හැටිත් ඔබ දකින්නට ඇති. කිසියම් හේතුව නිසා ධවල මන්දිරයෙන් පෙන්ටගනය වෙත මාරු කෙරෙන ආධුනිකාවක වුණු මොනිකා ලුවින්ස්කි, ලින්ඩා ට්‍රිප් සමඟ හමුවන්නේ මේ අතරයි. ඔවුන් දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් ගොඩනැඟෙන අන්දමත් ඔබ පසුගිය කොටසින් දකින්නට ඇති. තමන්ට රහසිගත පෙම්වතෙක් සිටින බව මොනිකා ලින්ඩාට පවසනවා. එහෙත් ඒ කවුරුන්දැයි ඇය හෙළි කළේ නැහැ. 1996 ජනාධිපතිවරණ වැඩසටහනෙන් පසුව තම පෙම්වතා මොනිකාව නැවත ධවල මන්දිරයට ගෙන්වා ගන්නා බව මොනිකා ලින්ඩාට පවසනවා. අද කොටසින් එතැනින් ඉදිරියට විස්තර කෙරෙනවා.
වින්ස් ෆොස්ටර් ලෙස රංගනයෙන් දායක වන මැතිව් ෆ්ලොයිඩ් මිලර් (වමේ) සහ ධවල මන්දිර නියෝජ්‍ය නීති උපදේශක ලෙස කටයුතු කළ දිවංගත වින්ස් ෆොස්ටර් (දකුණේ)
[box]
අද පළ වන කතාංගය ගැන:
- දෙවැනි කොටස –“The President Kissed Me!” – “ජනාධිපතිතුමා මාව සිපගත්තා!”
- අධ්‍යක්ෂක –Michael Uppendahl
- මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 සැප්තැම්බර් 14
- IMDb Ratings – 6/10
[/box]
අද කතාවට යොමු වෙමු. 1995 නොවැම්බර් මාසයේ, ධවල මන්දිරයේ ආධුනිකාවක ලෙස සේවයට එක්වන මොනිකා ලුවින්ස්කි සහ ඇයගේ සගයන්, එවකට ක්‍රියාත්මක වුණු රජය වසා දැමීමේ ක්‍රියාවලිය නිසා වඩා වැඩි වගකීම් දැරීමට අනුයුක්ත කෙරෙනවා. මේ රජය වසා දැමීම 1996 වසරේ ඇය-වැය විවාද වලදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති බිල් ක්ලින්ටන් සහ රිපබ්ලිකන් කොංග්‍රසය අතර අධ්‍යාපනය, පරිසරය සහ මහජන සෞඛ්‍යය වෙනුවෙන් මුදල් වෙන් කිරීම ගැන ඇතිවුණු ඝට්ටනයක් නිසා ඇති වුවක්. මේ නිසා 1995 නොවැම්බර් 14 සිට නොවැම්බර් 19 දක්වා, සහ 1995 දෙසැම්බර් 15 සිට 1996 ජනවාරි 06 වැනිදා දක්වා අනුපිළිවෙලින් දින 05ක් සහ දින 21ක් වසා තැබුණා. දෙවැනි වසා තැබීමෙන් පසුව රිපබ්ලිකන් කොංග්‍රසය ක්ලින්ටන්ගේ අයවැය යෝජනා වලට එකඟ වුණා. රජය වසා තැබුණු මේ කාලය තුලදී බිල් ක්ලින්ටන් සමඟ සමීපව හමුවන මොනිකා තුල ඔහු කෙරෙහි තදබල ආදරයක් ඇතිවෙනවා. ඇය එය ජනාධිපතිවරයාට හෙළි කිරීමෙන් අනතුරුව සිදු වන්නේ කුමක්ද? ඇයගේත් ජනපති ක්ලින්ටන්ගේත් හමුවීම් ගැන ඉව වැටෙන යම් බලධාරියෙක් ඇයව ධවල මන්දිරයෙන් පෙන්ටගනයට මාරු කරනවා. අනතුරුව බිල් මොනිකාට පොරොන්දු වන්නේ 1996 ජනාධිපතිවරණයෙන් පසුව යළි ඇයව ධවල මන්දිරයට ගෙන්වා ගන්නා බවයි. මොනිකා පෙන්ටගනයේ අකමැති රැකියාව භාරගන්නේ බිල්ගේ මේ පොරොන්දුව නිසයි. කෙසේ වෙතත් රජය වසා තැබීම බිල් ක්ලින්ටන්ට දේශපාලන වාසියක් ඇතිවෙන්නට හේතු වුණේ, එකී වසා තැබීමේ වරද රිපබ්ලිකන්වරුන්ගේ යැයි ජනතාවට හැඟී ගිය නිසයි. මේ නිසා 1996 ජනාධිපතිවරණයෙන් බිල් ක්ලින්ටන් නැවත වතාවක් ඇමරිකානු ජනාධිපති ධුරයට පත් වුණා. එහෙත් මොනිකාව නැවත ධවල මන්දිරයට කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මේ අතර ශෝකයෙන් පීඩිතව සිටින මොනිකා ජනපති සමඟ තමන්ට ඇති සම්බන්ධය ලින්ඩාට හෙළි කරනවා. ආන්දෝලනාත්මක පොතක් සඳහා කරුණු සොයමින් සිටින ලින්ඩා එයට කෙළෙස ප්‍රතිචාර දක්වනු ඇතිද? මේ අතර ජනපති ක්ලින්ටන්ට එරෙහිව පෝලා ජෝන්ස්ගේ සටන සුසන් කාපෙන්ටර් මැක්මිලන්ගේ සහයෝගය සමඟින් ඉදිරියට ඇදෙනවා. රූපවාහිනියේ පෙනී සිටීම වෙනුවෙන් පෝලාගේ පෙනුම ඔප් නංවා ගැනීමට සුසන්ගේ නොමඳ සහය හිමිවෙනවා. මේ අතර ජනපතිගේ සිපගැනීමට ලක්වුණු කැත්ලින් විලී නම් රාජ්‍ය සේවිකාව එයට එරෙහිව මාධ්‍යයට කරුණු කියන්නට ඉදිරිපත් වෙනවා. ඒ අතර ඇය ධවල මන්දිරයට අමතා ක්ලින්ටන්ට පවසන්නේ ජනමාධ්‍යය තමා පසුපස හඹා එන බවයි. ඇයගේ දෙබිඩි නාටකය ජනපතිට හෙළි වුණු පසු ඔහු ඇය කෙරෙහි ප්‍රතිචාරය ලෙස කුමක් කරනු ඇතිද? අද කතාවත් බලලම ඉන්නකෝ.
1996 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු බිල් ක්ලින්ටන් ජනහමුවකට ගිය අවස්තාවක මොනිකා ලුවින්ස්කි මෙනවිය හමුවූ අවස්ථාවක් (ඉහළ) සහ එය ටෙලිනාට්‍යයේ ප්‍රතිනිර්මාණය කෙරුණු අන්දම (පහළ)
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E02.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 355 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Brother.. Good job…. ♥♥
……………………