American Crime Story [S02 : E01] Sinhala Subtitles | විලාසිතාව වූ මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]
American Crime Story [S02:E01] Sinhala Subtitles
මේ වතාවේ මම සිංහල උපසිරැසි ගැන්වුයේ 2018 වසරේ නිකුත් කෙරුණු, සාහසික දාම ඝාතකයෙක් විසින් කළ බිහිසුණු මිනීමැරුම් මාලාවක් හා බැඳුණු සත්‍ය කතාවක් පාදක ගනිමින් නිර්මාණය වුණු සම්මානනීය ටෙලිවෘතාන්තයක් වන The Assassination of Gianni Versace කතාමාලවටයි. ලෝකප්‍රකට Versace ඇඟලුම් සන්නාමයේ නිර්මාතෘ විලාසිතා සැලසුම් ශිල්පී ජියානි වර්සාචි, සුප්‍රකට ව්‍යාපාරික ලී මිග්ලින් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් ඝාතනය කළ, ඇන්ඩ්රූ කුනානන් නම් දාම ඝාතකයා ගැනයි මේ ටෙලිනාට්‍යයෙන් කියැවෙන්නේ. මුළු ඇමරිකා එක්සත් ජනපදයම පීරමින්, එතෙක් දියත් කරුණු එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම FBI ලුහුබඳිම අසාර්ථක කරමින් සැඟවී සිටින්නට තරම් දක්ෂතාවයක් තිබුණු ඇන්ඩ්රූ කුනානන් එකල FBI Most Wanted Top Ten ලැයිස්තුවට ඇතුළත් ලාබාලතම පුද්ගලයා ලෙස හැඳින්වුණා. මෙම ටෙලිනාට්‍යයේ පිටපත ලිවීමේදී මොරින් ඕත් විසින් රචනා කළ Vulgar Favors: Andrew Cunanan, Gianni Versace, and the Largest Failed Manhunt in U.S. History නැමැති ගවේෂණාත්මක කෘතිය පාදක කරගෙන තිබෙනවා.1997දී ඇන්ඩ්රූ කුනානන් විසින් සිදු කළ ඝාතන හතරක් ගැන ජනමාධ්‍යයේ දකින මොරින් ඕත් කුනානන් සහ ඔහුගේ ඝාතන ගැන ගවේෂණ කරමින් උත්සහ කළේ Vanity Fair සඟරාවේ පළ කිරීමට අවශ්‍ය සත්‍ය කතාවක් ගොඩනඟා ගැනීමටයි. ඇය එය සිදු කිරීමෙන් පසූ Vanity Fair සංස්කාරක මණ්ඩලය එහි කරුණු සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කරමින් සිටින අතරතුරදීම 1997 ජූලි 15 වැනිදා කුනානන් විසින් ඔහුගේ ඝාතන දාමයේ පස්වැන්න වශයෙන් ජියානි වර්’සාචිව මයාමි නගරයේ ඔහුගේ මන්දිරය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කෙරුණා. ඉන් දෙවසරකට පසුවයි ඇය Vulgar Favors: Andrew Cunanan, Gianni Versace, and the Largest Failed Manhunt in U.S. History සම්පූර්ණ කතාන්දරය පොතක් ලෙස පළ කළේ. මහත් ආන්දෝලනයට තුඩුදුන් එම ග්‍රන්ථයේ කතුවරිය වන මොරින් ඕත් මෙම ටෙලිනාට්‍යයේ නිර්මාණ උපදේශිකාවක් ලෙස ද දායක වී තිබෙනවා.
Vulgar Favors ලේඛිකා මොරින් ඕත්
2018 ජනවාරි 17 දිනයේ FX කේබල් රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරුණු මෙහි මුල්ම කතාංගය Views මිලියන 2.2ක් ලබාගන්නට සමත්ව තිබෙනවා. අනතුරුව විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වුණු මේ ටෙලි නාට්‍යය විවිධ ජාත්‍යන්තර සම්මාන උළෙල වලදී සම්මාන පිට සම්මාන දිනාගන්නට සමත් වෙනවා. ඇන්ඩ්රූ කුනානන්ගේ චරිතය නිරූපණය කළ Darren Criss මේ චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයට 9 වරක් නිර්දේශ වී ඉන් 6ක්ම දිනාගන්න සමත්ව තිබෙනවා.
ඇන්ඩ්රූ කුනානන් (දකුණේ) සහ එම චරිතය නිරූපණය කළ Darren Criss (වමේ)
Primetime Emmy Awards – 2018
-
- Outstanding Limited Series
- Outstanding Lead Actor in a Limited Series or Movie – Darren Criss
- Outstanding Directing for a Limited Series, Movie or Dramatic Special – Ryan Murphy (for “The Man Who Would Be Vogue”)
Primetime Creative Arts Emmy Awards – 2018
-
- Outstanding Casting for a Limited Series, Movie or Special – Courtney Bright and Nicole Daniels
- Outstanding Contemporary Costumes – Lou Eyrich, Allison Leach, Rebecca Guzzi and Nora Pedersen (for “The Man Who Would Be Vogue”)
- Outstanding Hairstyling for a Limited Series or Movie – Chris Clark, Natalie Driscoll, Shay Sanford-Fong and Helena Cepeda
- Outstanding Makeup for a Limited Series or Movie (Non-Prosthetic) – Eryn Krueger Mekash, Robin Beauchesne, Silvina Knight, David Williams, Ana Lozano and Tym Buacharern
TCA Awards – 2018
-
- Outstanding Achievement in Movies, Miniseries and Specials
American Film Institute Awards – 2018
-
- Top 10 Television Programs
Gold Derby Awards – 2018
-
- Best Miniseries
- Best Miniseries/TV Movie Actor – Darren Criss
- Best Miniseries/TV Movie Supporting Actor – Cody Fern
- Best Miniseries/TV Movie Supporting Actress – Judith Light
Screen Actors Guild Awards – 2019
-
- Outstanding Performance by a Male Actor in a Miniseries or Television Movie – Darren Criss
Critics’ Choice Television Awards – 2019
-
- Best Limited Series
- Best Actor in a Movie/Limited Series – Darren Criss
Writers Guild of America Awards – 2019
-
- Long Form – Adapteod – Maggie Cohn and Tom Rob Smith
Satellite Awards – 2019
-
- Best Miniseries
- Best Actor in a Miniseries or TV Film – Darren Criss
- Best Ensemble: Television
Golden Globe Awards – 2019
-
- Best Miniseries or Television Film
- Best Actor – Miniseries or Television Film – Darren Criss
Producers Guild of America Awards – 2019
-
- David L. Wolper Award for Outstanding Producer of Limited Series Television
GLAAD Media Awards – 2019
-
- Outstanding TV Movie or Limited Series
2019 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ සම්මාන ලද ඩැරන් ක්‍රිස් සහ අධ්‍යක්ෂක රයන් මර්ෆි

ඇන්ඩ්රූ පිලිප් කුනානන් සොයා එක්සත් ජනපදයේ බෙදා හැරුණු අත්පත්‍රිකා
- පළමු කොටස – “The Man Who Would Be Vogue” | විලාසිතාව වූ මිනිසා…
- අධ්‍යක්ෂක – Rayan Murphy
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 ජනවාරි 17
- IMDb Ratings – 8.3/10
දිවංගත ජියානි වර්සාචි (වමේ) සහ එම චරිතය නිරූපණය කළ Édgar Ramírez (දකුණේ)

වර්සාචි ඝාතනය කළ මොහොතේ තැබූ පතොරම් කැබැල්ලක් විසි වීමෙන් මියගිය පක්ෂියා (වමේ) සහ කුනානන් විසින් අත්හැර දැමුණු රතු ෂවලට් ට්‍රක් රථය (දකුණේ)
පොලිස් විමර්ෂණ ඉදිරියට කෙරෙමින් පවතිද්දී නොවැලැක්විය හැකි අන්දමින් වර්සාචිගේ පෞද්ගලික ජිවිතයේ කරුණු ද එළියට එනවා. ඔහු හා ඔහුගේ සහකරුවා වන අන්තෝනියෝ අතර තිබුණු සමලිංගික සබඳතාවය, ඔහු තවත් පුරුෂයන් වර්සාචි කරා ගෙන ආ අන්දම. මේ කරුණු සමඟ ඝාතනයේ සැකය ඔහු ඇසුරු කළ පුද්ගලයන් වෙතද එල්ල වෙනවා. මේ අතර ට්‍රක් රථයේ හිමිකම ඔස්සේ ඝාතකයා ගැන හෝඩුවාවක් ලැබෙනවා. එම රථය විලියම් රීස් (Gregg Lawrence) නම් වෙඩි තබා ඝාතනයට ලක් වුණු සොහොන් පාලකයාගෙන් සොරකම් කළ එකක් බව හෙළි වනවා. විලියම් රීස් ඝාතනයේ සැකකරු වන ඇන්ඩ්රූ කුනානන් (Darren Criss) වර්සාචි ඝාතනයට ද සම්බන්ධ බව ඒ අනුව සොයා ගැනෙනවා. Executive Style Murder හෙවත් මරණ දණ්ඩන ශෛලියේ ඝාතනයකට අනුවයි ජියානි ඝාතනය වන්නේ. (Executive Style Murder කියන්නේ මිනීමරුවා, ඝාතනයට ගොදුරු වන පුද්ගලයා සමීපයට පැමිණ, ආයුධයක් පෙන්වා ඔහු යටත් කරගෙන, පලා යාමට ඉඩක් නොතබාම ඝතනයට ලක් කිරීමයි. එහිදී ඝාතනයට ලක් වන තැනැත්තා තමන් මරණයට පත්වන බව ඊට සුළු මොහොතකට පෙර දැනගන්නවා. බොහෝ විට මේ සඳහා යොදා ගැනෙන ආයුධය තුවක්කුවයි.) අනතුරුව ආරම්භ වන්නේ රට පුරාම මහා පරිමාණයෙන් කුනානන් සොයා දියත් කෙරෙන මහා ලුහුබඳිමයි. කුනානන් ඊට හසූ වනු ඇතිද? ජියානිගේ මරණයෙන් පසුව ලෝකප්‍රකට House of Versace ව්‍යාපාරයේ සියලු වගකීම් හිමිවන්නේ ඩොනටෙල්ලා වර්’සාචි (Penélope Cruz) ටයි. ඇය ඒ අභියෝගය කෙසේ ජයගනු ඇතිද? අන්තෝනියෝ සහ ඩොනටෙල්ලා අතර ඇතිවන ගැටුම් වර්’සාචි ඝාතනයෙන් පසුව තවත් උග්‍ර වනු ඇතිද? අද කතාව බලන්නකෝ එහෙනම්.
ඇන්ඩ්රූ කුනානන් ගැන සොයමින් පළ කෙරුණු අත් පත්‍රිකාවක පළවූ ඡායාරූප දෙකක් (වමේ) සහ ටෙලිනාට්‍යය වෙනුවෙන් එහි ප්‍රතිනිර්මාණය කෙරුණු පින්තූර දෙක (දකුණේ)
American Crime Story [S02:E01] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1671 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තුතියි !
විශේෂයෙන්ම මේ විස්තරය මාර විධියට වටිනවා.
ඒකෙන් තමා කෙනෙක්ව මේක බලන්න පෙළඹෙන්නේ.
බොහොම ස්තුතියි මචං!
සබට බොහෝම ස්තූතියි මචං…
මේකෙ 1වෙනි සීසන් එකක් තියෙනවද මචං… ඒකෙයි මේකෙයි සම්බන්දයක් තියේද…..
පළවෙනි සීසන් එකේ Bluray අප්ඩේට් එක ඉක්මණින් දෙන්නම්. පළවෙනි සීසන් එකෙයි මේකෙයි සම්බන්ධයක් නැහැ.කතා දෙකක්.
තැන්ක්ස් මචං රිප්ලයි එකට.. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේකෙ වීඩියෝ එක දාලා නෑනේද තාම… ඒකත් පොඩ්ඩක් බලන්න කියනවද ඇඩ්මින ට… ☺☺♥♥
මේකේ සීසන් 1 එකේ ඩවුන්ලෝඩ් ලින්ක් හොයා ගන්න නෑ,. ඒ හිංදා සීසන් 1 එකේ සබ් සින්ක් කරනගමන් තියෙන්නේ සහො. සීසන් 1 එක දීපු ගමන් මේ ටික දෙනවා සහො
එළ එළ මචං… ☺☺♥♥
තෑන්ක්ස් රිප්ලයි එකට සහෝ…