අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රබුද්ධ කේසර විතානගේවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Ahsoka [S01 : E07] Sinhala Subtitles | “සිහින සහ උන්මාදය” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Ahsoka Season 01 Sinhala SubtitlesAhsoka Season 01 Sinhala Subtitles

අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ සත්වැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට මහා අද්මිරාල් ත්‍රෝන් අසෝකාගේ පැමිණීම ගැන සැක මත පෙරිඩියා වෙත පැමිණෙන ඕනෑම තාරකා තල්මසෙක් විනාශ කරන්නට නියෝග කරනවා ඔබට මතක ඇති. ඒ වගේම සබීන්ට මුඩුබිමෙහි ජීවත්වෙන ඇයගේ පරණ මිත්‍රයා වන එස්රා බ්‍රිජර්ව හමුවෙනවා. අද කතාව එතැන් සිට….

[box]
අද පළ වන කතාංගය ගැන:

සත්වැනි කොටස – “Part Seven: Dreams and Madness”- සත්වැනි කොටස: සිහින සහ උන්මාදය
අධ්‍යක්ෂණය – Geeta Vasant Patel

තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 26, 2023
IMDb Ratings – 7.8/10

[/box]

Ahsoka Season 01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. පහුගිය කොටසේදී නැව ජනරජයේ බලඇණිය එක්ක හේරා ආයෙත් කොරුසන්ට් වෙත ගියා මතක ඇති. එතැනදී නඩු ඇසීමකදි සෙනෙට් සභික සියොනෝ යෝජනා කරන්නේ ජනරජයේ සෘජු විධානයට එරෙහිව යාම නිසා හේරාව යුධ අධිකරණය හමුවට කැඳවිය යුතු බව. නමුත් හේරාගේ සහ අසෝකාගේ මිත්‍ර පාර්ශවයේ සෙනෙට් සභික වරියක් වන ලියා ඔර්ගානා C-3PO නම් වන ඇයගේ ප්‍රොටෝකොල් ඩ්රොයිඩ්වරයාව එවනවා හේරාගේ ක්‍රියාමාර්ග වැරදි සන්නිවේදනයක් නිසා සිදු කෙරුණු බවට ව්‍යාජ සාක්ෂියක් සමඟින්. මෙයින් පස්සේ අධිකරණය හේරාව නිදහස් කරනවා. ඉන්පස්සේ හේරා සහ මෝත්මා සාකච්ඡා කරන්නේ ත්‍රෝන්ගේ යළි පැමිණීමේ තර්ජනය කොතෙක් දුරට සත්‍යයක්ද යන වග. මේ අතරේ සබීන්ට නැවතත් එස්රා බ්‍රිජර් හමුවෙන නිසා ඔවුන් එකිනෙකා සමඟ තොරතුරු කතා කරනවා. පර්ග්‍රිල් තල්මසුන් එක්ක පෙරිඩියා වෙත පැමිණන අතරේ, ත්‍රෝන්ගේ හමුදාව විසින් රෝපණය කළ බෝම්බ ක්ෂේත්‍රයකට මුහුණ දෙන්නට අසෝකාගේ යානයට සිදුවෙනවා. බෝම්බ වලින් ගැලවෙන්න තල්මසුන් වෙනත් තැනකට ගමන් කරන්නට කළින් අසෝකාගේ යානය තල්මසාගේ මුඛයෙන් එළියට එනවා. ඔවුන්ට බෝම්බ ක්ෂේත්‍රයෙන් ගැලවෙන්නට හැකි වෙයිද? සුන්බුන් ක්ෂේත්‍රය තුල ඇද වැටෙන යානය නිරුපද්‍රිතව ගොඩබාන්න හැකි වෙයිද? අසොකාට සබීන් ඉන්න තැන හොයාගන්න හැකි වෙයිද? මේ අතර ත්‍රෝන් විසින් එවන බේලන්, ෂින් සහ ත්‍රෝන්ගේ භට කණ්ඩායම් වල ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට එස්රා, සබීන් සහ නෝටිගේ කණ්ඩායමට හැකිවෙයිද? මේ සේරම අද කොටසින් මේ දේවල් බලමු.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E07.720p.DSNP.WEBRip.x264-GalaxyTV [233 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

‘May the force be with you!’

‘බලවේගය ඔබ සමඟ වේවා!’

Ahsoka Season 01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 464 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Ahsoka Season 01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

One thought on “Ahsoka [S01 : E07] Sinhala Subtitles | “සිහින සහ උන්මාදය” [සිංහල උපසිරැසි සමඟ]

  • Nalaka Pushpakumara

    thank you very much

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *