අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රබුද්ධ කේසර විතානගේවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Ahsoka [S01 : E06] Sinhala Subtitles | “බොහෝ දුර ඈතක…” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Ahsoka S01 Sinhala SubtitlesAhsoka Season 01 Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ හයවැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සහ හුයෑන් තරු තල්මසුන් ආධාරයෙන්, මහා අද්මිරාල් ත්‍රෝන් සොයමින් බේලන් සහ මෝගන් ආර්යාව ‘සයෝන්ගේ ඇස’ නම් යානයෙන් පැමිණි ස්ථානය වන පෙරිඩියා වෙත අධිඅවකාශය හරහා යන්නට ගමන් අරඹන අන්දම. ඔවුන් කොහේ යාවිද? අද කතාව එතැන් සිට….

[box]
අද පළ වන කතාංගය ගැන:

හයවැනි කොටස – “Part Six: Far Far Away”- හයවැනි කොටස: බොහෝ දුර ඈතක..
අධ්‍යක්ෂණය – Jennifer Getzinger

තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 19, 2023
IMDb Ratings – 8.1/10

[/box]

Ahsoka Season 01 Sinhala Subtitlesහොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. අධිඅවකාශය හරහා ගමන් ඇරඹු ‘සයොන්ගේ ඇස’ නැමැති යානය, මෝගන්ගේ මිනිසුන්ගේ පුරාණ ගෘහලෝකය වන පෙරීඩියා වෙත එනවා. ඒ ‘පර්ග්‍රිල්’ තල්මසුන් යොදාගෙන මන්දාකිණි අතර ගමන් කිරීම මුල් වරට ආරම්භ කළ, නිශාසොයුරියන් නම්වන මායාකාරියන් සිටි ස්ථානය. ඉන්පස්සේ මෝගන් ආර්යාව, බේලන්, ෂින් සහ සබීන් මහා මව්වරුන් හමුවෙනවා. මහා මව්වරුන් කියන්නේ තවමත් පෙරීඩියාහි ජීවත් වන, ත්‍රෝන්ගේ අනුගාමිකයන් වන නිශාසොයුරියන් තිදෙනෙක්. මෝගන් එල්ස්බෙත් ආර්යාව පෙරිඩියා වෙත කැඳවීමට ඔවුන් ඔවුන්ගේ අඳුරු මායා බලයන් භාවිතා කර තිබුණා. මේ අතර බේලන් ෂින්ට හෙළි කරන්නේ, තමන් ජනකතා වලින් දැනගත් එක්තරා විශාල බලවේගයක් පෙරිඩියාහි සොයන බවයි. ත්‍රෝන් ඔහුගේ තරු සංහාරක කයිමෙරා යානයට නැවත පැමිණෙන අතර සබීන්ට එස්රා සොයාගැනීමට උපකාර කරනවා. ඒ බේලන් විසින් සබීන්ට දුන් පොරොන්දුවට ගරු කරමින්. ඉන් අනතුරුව ත්‍රෝන් බේලන් සහ ෂින්ව ද එළෙසම පිටත් කර හරිනවා. ඒ කුමක් වෙනුවෙන්ද? සබීන්ට එස්රාව සොයාගත හැකි වනු ඇතිද? මුඩුබිමෙහි සැරිසරණ මංකොල්ලකරුවන්ගෙන් සබීන්ට කුමක් සිදුවෙනු ඇතිද? අසෝකාගේ පැමිණීම ත්‍රෝන් දැනගත් පසුව ත්‍රෝන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද?

මේ සේරම අද කොටසින් බලමු.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E06.720p.DSNP.WEBRip.x264-GalaxyTV [182 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

‘May the force be with you!’

‘බලවේගය ඔබ සමඟ වේවා!’

Ahsoka Season 01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 441 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Ahsoka Season 01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *