MENU

AllFeatured ArticlesIndian Box office HitsMaxxASinhala Subtitleඑළක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටප්‍රබුද්ධ කේසර විතානගේවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Agni (2024) Sinhala Subtitles | ගින්නෙන් නොදැවුණු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 10 votes.
Please wait...
Agni (2024) Sinhala Subtitles
සුබ දවසක් මිත්‍රවරුනි. මේ මගේ 132 වැනි සිංහල උපසිරැසි නිර්මාණයයි. අද මං අරගෙන ආවේ 2024 දෙසැම්බර් 06 වැනිදා නිකුත් වුණු අලුත්ම හින්දි සිනමා පටයකටයි. ඒ තමයි සම්මානනීය සිනමා අධ්‍යක්ෂක රාහුල් දොලාකියා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද, රිතේෂ් සිධ්වානි සහ ෆර්හාන් අක්තාර් විසින් Excel Entertainment සහ Amazon MGM Studios යටතේ නිෂ්පාදනය කරන ලද Agni (2024) නැමැති ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයයි. කිසිදා පොදු සමාජයේ ඇගයීමට ලක් නොකෙරෙන, අවම වේතනයක් යටතේ රැකියා කරන, එහෙත් ඕනෑම මොහොතක ගිනිගැනීමේ අනතුරක් ඇතිවූ විට අන් අයගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ගිණි නිවන භටයන් වෙත ලබාදිය යුතු නිසි ගෞරවය ඔවුන් වෙත ලබාදීමේ වැදගත්කම මේ Agni (2024) සිනමාපටයෙන් අපට කියාදෙනවා. ගිණි නිවන හමුදාවේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ දේශපාලනඥයන්ගේ හිතවතුන් ලෙස ක්‍රියාකරන පොලිස් නිළධාරීන්ගේ ක්‍රියාකාරිත්වය අතර ඇතිවන ඝට්ටනයන් අතිශය රසවත්ව යොදාගනිමින් උද්වේගකර ලෙස ගලායන කතාවක් පාදක කරගෙන මේ සිනමා පටය නිර්මාණය කර තියෙනවා. IMDb දර්ශකයේ 7.4/10 අගයක් ලබාගත් Agni (2024) චිත්‍රපටය විචාරයකයන්ගේ සහ රසිකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වුණා. විශේෂයෙන් පරෙල් ගිණි නිවන ස්ථානයේ ප්‍රධානියා ලෙස විත්තල් රාවෝගේ චරිතය නිරූපණය කරන ප්‍රතීක් ගාන්ධිගේ තාත්වික රංගනය බෙහෙවින් විචාරක පැසසුමට ලක් වුණා.
රාහුල් දොලාකියාට අග්නි සිනමාපටය නිර්මාණය කරන්නට ආභාෂය ලැබෙන්නේ එක්සත් ජනපදයේදී වාර්තා වැඩසටහනක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසුවයි. 2021 වසරේදී,  දොලාකියා නිව්ජර්සි වලදී සේවයේදී ජීවිත පරිත්‍යාග කළ පොලිස් නිළධාරීන් සහ ගිණි නිවන භටයන් අගයමින් කෙරුණු උත්සවයක් වාර්තාගත කළා. ඒ වගේම දොලාකියා කියවා තිබුණා ගිණි නිවන භටයෙක් වීමේ ආශාවෙන් සිටි ආබාධිත පිරිමි දරුවෙකු එක් දිනක් සඳහා ෆයර් මාෂල් තනතුරක් පිරිනැමීමෙන් ඇගයීමට ලක් කෙරුණු අවස්තාවක් ගැන. ගිණි නිවන භටයන් ගැන ගෞරවය පළ කෙරුණු මේ සිදුවීම් දැකීමෙන් පසුව, දොලාකියා මුම්බායි නගරයේ ගිණි නිවන භටයන්ගේ තත්වය අධ්‍යයනය කළා. ගිණි නිවන භටයන් සමඟ ඔහු කළ සංවාද වලදී, තමන් ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම් සමාජය විසින් අමතක කර දැමීම ගැන ගිණි නිවන භටයන් තුල ඇති දැඩි කළකිරිම ගැන ඔහු දැනගත්තා.
“අපේ සමාජය විසින් මේ මිනිසුන්ව හැම විධියෙන්ම නොසලකා හැර තියෙනවා,” දොලාකියා මාධ්‍යයට ප්‍රකාශ කළා. “දිල්ලියේ එක් ගිණි නිවන භටයෙක් මට කියනවා ගිණි නිවන භටයන් අවම වැටුපක් යටතේ දැඩි කැපවීමෙන් වැඩ කරන බවත්, මං ඒ විෂය කරගනිමින් වාර්තා වැඩසටහනක් කළ යුතු බව.” අනතුරුව, ඉන්දියාවේ ගිණි නිවන භටයන් හදිසි තත්වයන්ට අනුව ප්‍රතිචාර දක්වන අන්දම සෙවීමට අධ්‍යයනයක් දියත් කෙරුණා. සිනමා පටයේ පසුතලයන් මුළුමනින්ම තාත්වික ලෙස පෙනෙන දර්ශන තල ලෙස ඉදි කර තිබුණේ නිෂ්පාදන සැලසුම්කරු සමිත් බාසු විසින් මෙහෙවනු ලැබූ කණ්ඩායමක් විසින්.  අධ්‍යයන කණ්ඩායම හොයාගත් තවත් දෙයක් තමයි ගිණි නිවන භටයන් සිනමාපට වල මෙන් කණු දිගේ ලිස්සා යමින් ගොඩනැඟිලි වලින් පහළට නොයන බවයි. ඒ ක්‍රමය පැරණි ක්‍රමයක් වන අතර දැන් එය භාවිතයේ පවතින්නේ නැහැ. ඒ නිසා සිනමාපටයේ ද එවැනි දර්ශන පටිගත කර නැහැ. ඒ වගේම මේ නිර්මාණ කණ්ඩායම කළ තවත් වැදගත් නිර්මාණශීලී කාර්යයක් තමයි, චිත්‍රපටයේ පෙන්වන ගිණි නිවන භටයන් හිස් ආවරණ පැළඳගෙන සිටියත් මුහුණු ආවරණ හෝ මුඛ ආවරණ භාවිතා කරන්නේ නැහැ. ඒ ගිණි නිවන අතරතුර ඔවුන්ගේ මුහුණු වල ඉරියව් ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට හැකිවන අන්දමින්. ඔවුන්ගේ රූගත කිරීම් 2022 වසරේ මාස දෙකක් පමණ කාලයක් කෙරී තිබුණා. ඒ වගේම තමයි අග්නි චිත්‍රපටයේ ක්‍රියාදාම ජවනිකා වලදී සත්‍ය ගින්දර භාවිතා කර තිබෙනවා. 
“මෙහි සත්‍ය ගින්නෙන් පැනනගින සත්‍ය දුම සමඟ සජීවීකරණය කළ ව්‍යාජ දුමත් එක් කර තිබෙනවා. මට අවශ්‍ය වුණේ එය වඩා තාත්වික අන්දමින් නිරූපණය කරන්න. මට අවශ්‍ය වුණේ ගින්දර එක් තැනක නොරැඳී ව්‍යාප්ත වන අන්දම පෙන්වන්න. අපි දිගින් දිගටම යම් යම් දේ ගිණිබත් කළා. ඒවගේම VFX සමාගම් හතරක් මේ සිනමාපටය වෙනුවෙන් වැඩ කළා.”  රාහුල් දොලාකියා මාධ්‍යයට කිව්වේ එහෙමයි.
 
විට්ටල් රාවෝ ලෙසින් ප්‍රතීක් ගාන්ධි (වමේ), සමඟ සමිත් සාවන්ත් ලෙසින් දිව්‍යෙන්දු (දකුණේ)
අපි දැන් චිත්‍රපටයේ කතාව වෙතට යොමුවෙමු. විට්ටල් රාවෝ කියන්නේ මුම්බායි ගිණි නිවන හමුදාවේ ප්‍රධානියා. ඔහුගේ බිරිඳ රුක්මණී සහ පුතා වන අමර් (අම්යා) සමඟ ජීවත්වෙනවා. රුක්මණීගේ සහෝදරයා පොලිස් පරීක්ෂක සමිත් සාවන්ත් මුම්බායි පොලිසියේ නම දිනාගත් එහෙත් මුරණ්ඩු පොලිස් නිළධාරියෙක්. අපරාධයක සත්‍ය අපරාධකරු කවුරුන් වුණත් සාවන්ත් කවුරුහරි සැකකරුවෙක්ව අල්ලාගෙන තර්ජනය කර බියගන්වා පාපොච්චාරණ ලබා ගන්නවා. එසේ වැරදි මිනිසුන් අල්ලාගනිමින් ඔහු තමන්ගේ කීර්තිනාමය ව්‍යාජ ලෙස ගොඩනඟා ගන්නවා. එහෙත් ජීවිත පරිත්‍යාගයෙන් ගිණි නිවන හමුදාවේ සේවය කරන විට්ටල් රාවෝ තමන්ගේම පුතා වන  අමර්ගේ   ඇසින් වීරයෙක් නෙවෙයි. අමර්ගේ එකම වීරයා මාමා සාවන්ත් පමණයි. ඔවුන් දෙදෙනාම එකිනෙකා රුස්සන්නේ නැහැ. මේ අතර හදිසියේම මුම්බායි නගරයේ ගොඩනැඟිලි ගණනාවක අසාමාන්‍ය අන්දමේ ගිනිගැනීම් දාමයක් සමීප දිනවල සිදුවීමත් සමඟ, විට්ටල්ගේ ගිණිනිවන දෙපාර්තමේන්තුව කාර්යබහුල වෙනවා. පරීක්ෂණ දියත් වීමත් සමඟ මේ ගිනිගැනීම් කිසිවෙකු විසින් ගිණි තැබීමක් විය හැකි බව නිරීක්ෂණය වෙනවා. පොලිස් පරීක්ෂක සමිත් සහ ගිණි නිවන භට විට්ටල් එකිනෙකා සමඟ ගැටෙමින් මේ දාම ගිණි තබන්නා සොයමින් පරීක්ෂණ මෙහෙයවනවා. අවසානයේ ඔවුන්ට ගිණි තබන්නා සොයාගත හැකි වෙයිද? මුල සිට අගටම රසවත්ව ගලා යන මේ කතාවත් එහෙනම් නරඹන්නකෝ.

එසේ නම් යළිත්  උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
Agni (2024) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1398 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Agni (2024) Sinhala Subtitles

2 thoughts on “Agni (2024) Sinhala Subtitles | ගින්නෙන් නොදැවුණු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේකට සිංහල සබ් දුන්නට…….
    …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *