AFRICA (2013) [E02] with Sinhala Subtitles | අප්‍රිකාව…. වනගත මහද්වීපය [සිංහල උපසිරසි සමඟ]
අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2/10 අගයක් ලබා ගෙන ඇති අතර ඇමෙරිකා, චීන හා ප්‍රංශ නාළිකාවල විකාශය කර තිබෙනවා. මෙම අප්‍රිකා වැඩසටහන වසර 4 ක් පුරා රූගත කර ඇති අතර සෑම කොටසක් අවසානයේ ම eye to eye නමින් විනාඩි 10 ක පමණ රූගත කිරීමේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ඇතුලත් කර තිබෙනවා. තව මගේ පරිවර්තනය ගැන කිවුවොත් දෝෂ අඩුපාඩු ඇති… කරුණාකර ඒවා නොසළකා හරින්න.
ඉතින් සොබාදහම පිළිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමට කැමති අය සඳහා එක් එක් කොටස ගැන කෙටි හැඳින්වීමක් මෙන්න…….
01. කලහාරි (Kalahari)
නිරිතදිග අප්‍රිකාවේ වනජිවීන් සහ භූදර්ශන පිළිබඳ. ප්‍රථම වරට ස්ටාර්ලයිට් කැමරා භාවිත කරමින් කළු රයිනෝවන්ගේ හැසිරීම් නිරික්ෂණය කිරීම, කාන්තාර ජිරාෆ් ඇතුළු සුවිශේෂ සතුන්ගේ චර්යාවන්, නැමීබියාවේ අද්භූත වෘත්ත, භූගත පොසිල ජලය රැඳි අති විශාල මකරාගේ සුසුම් ගුහාව ආදී දෑ පිළිබඳ.
Eye to eye – කළු රයිනෝවන් සහ ජිරාෆ් සටන රූගත කළ අවස්ථාව.
02. සැවනා (Savannah)
නැගෙනහිර අප්‍රිකාවේ විශාල තෘණභූමි, යමහල්, රුවෙන්සෝරි ග්ලැසියර් කඳු මුදුන්, ලවණ විල්, මහා පැළුම් නිම්නය, විල්ඩබීස්ට් සතුන්ගේ සංක්‍රමණය, ඇම්බොසලි තැන්නේ අලි, කඳුකර ගෝරිල්ලන් සහ මෙම කටුක පරිසර තත්ත්වයන් තුළ ජීවීන් තම ජීවිතය රැක ගැනීමට දරණ උත්සාහයන් ආදී දෑ පිළිබඳ.
Eye to eye – ඉඩෝරය නිසා මිය යමින් සිටින අපි පැටවෙකු රූගත කළ අවස්ථාව සහ රුවෙන්සෝරි කඳු මුදුනට ගිය ගමන.
03. කොන්ගො (Congo)
අප්‍රිකාවේ මැද….සමකය ආසන්නයේ අප්‍රිකානු කොන්ගො ද්‍රෝණියේ සාරවත් වැසි වනාන්තර තුළ සිදුවන පැලෑටි අතර ආලෝකය සඳහා වන තරඟය, මීපැණි සොයන චිම්පන්සීන්, පිකතාටි කුරුල්ලන්, අලි ගම්මානය සහ කොන්ගො වනය සයුර හමුවන තැන ආදී දෑ පිළිබඳ.
Eye to eye – කොන්ගෝවේ රූගත කිරීම්වල දුෂ්කරතාවයන් පිළිබඳ.
04. කේප් (Cape)
එකිනෙකට වෙනස් වූ දියවැල් දෙකක බලයට මැදිවුණු දක්ෂිණ අප්‍රිකාව, මාබු කඳුවැටියේ සමනළුන්, අප්‍රිකානු පෙන්ගුවින්, ග්‍රේට් වයිට් මෝරුන්, කොළ කැස්බෑවන් සහ springbok නර්ථනය ආදී දෑ පිළිබඳ.
Eye to eye – නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් දූපත් හි කොළ කැස්බෑවන්ගේ පළමු මිනිත්තු කිහිපය රූගත කළ අවස්ථාව.
05. සහරා (Sahara)
ලොව විශාලතම කාන්තාරය…ග්‍රැවි සීබ්‍රාවන්, නග්න මොලි මීයන්, සහරාව හරහා යුරෝපය දක්වා සංක්‍රමණය වන වටු කුරුල්ලන්, කාන්තාර කිඹුලන්, ගමන් කරන පුනරුත්පත්ථි පැලෑටි, හරිත යුගයෙන් ආ සත්ත්ව කැටයම් සහ ගිනිගහන මධ්‍යහ්නයේ කෑම සොයන රිදී කුහුඹුවන්, ගී ගයන වැලි කඳු ආදීය පිළිබඳ.
Eye to eye – මාස 18 තිස්සේ ටියුනිසීයාවේ චලන වැලි කඳු රූගත කළ ආකාරය සහ ඊජිප්තුවේ රිදී කුහුඹුවන් රූගත කිරීම.
06. අප්‍රිකාවේ අනාගතය (The Future)
හොර දඩයම් කිරීම, දේශගුණ වෙනස්වීම, අප්‍රිකා ජනගහන වර්ධනය ආදී කරුණු නිසා අප්‍රිකානු වනජීවයට ඇති බලපෑම්, කළු රයිනෝවන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන් රැක ගැනීම සඳහා පරිසරවේදීන් හා විද්‍යාඥයින් දරණ උත්සාහය, මසායි ගෝත්‍රකයින් සමඟ එක් වී සිංහයින් ආරක්ෂා කිරීම, කොල කැස්බෑ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආදී දෑ පිළිබඳ.
Eye to eye – එල්විස් නැමැති රයිනෝ සහ අන්ධ රයිනෝ පැටවාගේ කථාව රූගත කළ අවස්ථාව සහ David Attenborough මහතාගේ හා රයිනෝ පැටවාගේ සුහද සාකච්ඡාව
දුර්ලභ වන සතුන්….
අවසාන වන වෙරළවල්….
අඳුරු වන රහස්…….
සැහැසිකම……
සුන්දරත්වය….
ප්‍රතාපය….
නොදුටු දසුන්…
නොකියු කතන්දර….
අප්‍රිකාව………
ඔන්න දැන් ඉතින් කට්ටියටම පුළුවන් David Attenborough සමඟින් අප්‍රිකාවේ සංචාරය කරන්න……..
[button link=”https://goo.gl/IpgnPV” type=”icon” “center” newwindow=”yes”] 487 MB (2.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2097 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සුපිරියි…. බොහෝම ස්තූතියි උපසිරැසියට
Thank you mch………
බොහොම ස්තූතියි… !!!
සිංහල සබට බොහොම ස්තූතියි සජීවි……………
ස්තූතියි වේවා සජීවී සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සජීවී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank u very much. Wish u make a new subs for more serious like this.
මේවා තමයි වටින්නේ…නැතුව එක පාරක් ගහපුවාම 10 විසි වෙන ගොන් ෆිල්ම් නෙවේ..අපිට මේවා ආසාවෙන් බලන්න සබ දානවට ඔයාට පිං
niayamai…thanks SAJIVI Sis ..sub ekata..digatama sub demu.jaya wewa……
කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටිය එකක්.
Thanks
pin bro ………………obta
maxxaxaaaa
Thanks for sub.
Thank you!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra