MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉතිහාසමයක්‍රියාදාමකොරියානුචාමල් කැලුම් අතපත්තුචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 48 votes.
Please wait...

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා.drama/action ගණයට අයත්වෙන මේ චිත්‍රපටිය ද.කොරියාවෙදි විතරක් ඇ.ඩො.මිලියන 88.7 ක ආදායම් වාර්තාවක් තබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම හොඳම චිත්‍රපටිය හොඳම නළුවා, හොඳම පසුතල, හොඳම සහය නළු, හොඳම අධ්‍යක්‍ෂක ඇතුළු සම්මාන 24 ක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙන්නෙ සම්මාන උළෙලවල් 14 කින් වීමත් විශේෂත්වයක්.ඒ වගේම තමයි මේ චිත්‍රපටිය 2017.09.21 චීනයේදී තිරගත වුණත් මේ චිත්‍රපටියට තියෙන ඉහල රේටින් අගයන් සහ ඉහල ඉල්ලුම නිසාවෙන් ඔක්තෝම්බර් තුන්වෙනිදා මේ චිත්‍රපටිය චීනෙන් ඉවත් කරල තියෙනවා. ඒ චීන සිනමාවට හානියක් වෙයි කියන බයට.අනිත් විශේෂම දේ තමයි මේ චිත්‍රපටිය සම්පුර්ණ සත්‍ය කතාවක් වටා ගෙතුණු නිර්මාණයක්.

හොඳයි ඉතින් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.. 1980 කියන්නෙ කොරියාවෙත් කැරලි කෝලහාල වුණු ඇදිරිනීතිය පනවපු කාලයක්.ඉතින් මේ කාලේ, තමන්ගෙ වයස 11 වයස දුවත් එක්ක ජීවත්වෙන බිරිඳ මැරුණු ටැක්සි රියැදුරෙක් තමයි කිම් මන් සොබ් [Song Kang-ho = The host/ Snowpiercer/ The age of shadows/memories of murder/ The face reader/ The throne / The good,the bad,the wierd.. සහ තවත්..] කියන්නෙ. මෙයාට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා නිතරම කුලී ගෙදර අයිතිකාරිගෙන් මෙයාට බැනුම් අහන්න වෙනවා. දවසක් මෙයා කෑම කකා ඉන්නකොට ඇහෙනවා කවුද සුද්දෙක්ව ග්වන්ජු වලට ගෙනිහින් ඇදිරිනීතියට කලින් ගේනවට වොන් 100 000 ක් ලැබෙනවයි කියලා.ඉතින් මෙයා ශේප් එකේ ගිහින් ඒ විදේශිකයව එයාගෙ ටැක්සියෙ එක්කරගෙන යනවා.

විදේශිකයා තමයි ජර්මානු ජාතිකයෙක් වෙන ජර්ගන් හින්ස්පීටර්.මෙයා කොරියාවට එන්නෙ ග්වන්ජු වල ජනතාවට සිද්දවෙන අයුක්තිය අසාධාරණය අකටයුතුකම් ගැන පත්තරේට වාර්තා කරන්න.හැබැයි යුද නීතියට අනුව මුළු රටේම විදෙස් මාධ්‍ය තහනම් කරලයි තියෙන්නෙ.ඒ නිසා මේ පීටර් වෙස්වලාගෙන තමයි මේ ගමන ටැක්සි රියදුරත් එක්ක යන්නෙ.ටැක්සි රියදුරා අවු.කීපයක් සව්දියෙ ඉඳල තියෙන නිසා ඉංග්‍රීසි කෑලි ටිකක් දන්නවා. ඉතින් මේ දෙන්න ග්වන්ජු වලට යන අතරතුරදි මුර පොලක් හම්බෙනවා. ඒ වගේම තමයි මේ නගරෙට යන සේරම පාරවල් වහල දාලයි තියෙන්නෙ.ඒ නිසා මේ අය ගම්බද පාරකින් ගමන පිටත් වෙනවා.එතනදිත් හමුදා මුර පොලක් හම්බෙනවා.අතුරු පාරවල් වලට පවා හමුදාව දාන්න තරම් මේ ග්වන්ජු නගරෙ වෙන්නෙ මොනවද කියන එක මේ රියදුරු මහත්තයට ප්‍රශ්නයක්.හැබැයි එහෙ වෙන්නෙ මොනවද ඇයි වෙන්නෙ කියන එක මේ පීටර් දන්නවා.ඒත් එයාට එහෙ වෙන දේවල් පටිගත කරගෙන ආපහු ජපානෙට යන්න ඕනෙ.

මේ දෙන්න සෑහෙන ගේමක් දීල ග්වන්ජු නගරෙ ඇතුලට ආවම දකින්නෙ සේරම කඩවල් වහලා.. පාරවල් අවහිර කරලා.. රියදුරා හිතන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ විශ්‍යවිද්‍යාල සිසුන් කරන උද්ඝෝසණ නිසා කියලා.ඒත් මෙයාලට ජේ-සික් කියන ලමයව හම්බුනාට පස්සෙ දැනගන්න ලැබෙන්නෙ වෙන දෙයක්.මේ ජේ-සික්ටත් ටිකක් ඉංග්‍රීසි පුළුවන් නිසා.. පීටර් මෙයාවත් මේ ගමනට එකතු කරගන්නවා.. ඉතින් මං මේ කතාව ගැන තවත් කියන්න යන්නෙ නම් නැහැ..ඔයාලම බාගෙන බලාගන්න මම දීපු සබ් එකට ගැලපෙන පිටපත තියෙන්නෙ YTS වල.එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනකල් අදට ගිහින් එන්නම්.

බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR (YTS) පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10764 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

74 thoughts on “A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Godaaaak lassana film 1k. Thank You so much..

    Reply
  • සබ් එක ගන්න බෑනේ

    Reply
    • Ravindu Heshan - Admin

      Dan wada

      Reply
  • Malith samarawickrama

    Supiriyak wage thanks bro sub ekata.

    Reply
  • Gayeshi Lakshika Jayanada

    thnak you soo much.godak lassana supiri film ekak…

    Reply
  • Thank you very much for the subtitles & wish you all the best for your future..!!!!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

    Reply
  • Tharindu07

    thanks machoo….!!!

    Reply
  • ricadodamien

    it was such a beautiful movie, enjoyed it very much. Thank u Chamal brother & baiscope team for the sub, all the best to baiscope team………….

    Reply
  • download wena gaman thank you aaa

    Reply
  • balapu supirima film 1k, thanks

    Reply
  • තැන්ක්ස් සහෝ.
    පට්ටම ලස්සන filme එකක්.ගොඩ කාලෙකින් බැලුවේ ..
    sub නැත්නම් මේ filme එක උපරිම විදිහට විදින්න බැරි වෙනවා .
    අයෙත් sub එකක් කරද්දී මෙහෙම fime තෝරලා කරපන් මචන් .
    උබලගේ මහන්සිය වටිනාකම පට්ට විදිහට දැනෙනවා එතකොට…
    ගොඩක් ඉස්තුති මචන්..

    Reply
  • tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
    මං කොරියන් Film වලට ආස නෑ. ඒත් මේකෙ විස්තර දැක්කම ආස හිතුනා..
    තෙරුවන් සරණයි..!

    Reply
  • shashika laksiri

    NIYAMAI SUB EKATA THNXXXX

    Reply
  • Haritha245

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • shashika laksiri

    THNX SUB EKATA

    Reply
  • ස්තූතියි යාලු

    Reply
  • kathaawa kiyawan yaddi maaath 1st time onna korian film ekak balanawa, thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Malik_nadeeshan

    Ela ela thanks machan…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • SanjulaJeter

    දිගටම සබි දෙන්න .
    thanks

    Reply
  • aniwa me film ekath supiri athi me film ekath sub dunnata thanksssss. anee korean drama ekkth sub dennnkooooooo

    Reply
  • Thanks very much for your new subtitles

    Reply
  • Thanks very much for your service

    Reply
  • Thanks bro sub akata .jaya wewa…….

    Reply
  • asankabalage

    thanks saho digatama sub demu….

    Reply
  • Lewdeni Ashen

    ගොඩක් අය ‌ක‌ොරියන් ෆිල්ම් කිව්වම බලන්නේ නෑ.. ඒකට ‌‌හ‌ේතුව ලංකාවේ අය තාම ඒවා මනින්නේ අර ‌ලඳ ‌බ‌ොලද ආදර කතා වලින්.. ඒත් ඒවා ‌‌‌නෙවෙයි, සුපිරිම ස්ටෝරි තියෙන්නේ නම් ‌ක‌ොරියන් ‌කතා ‌තමයිි… පස්සේ ඒවා ‌‌‌කොපි කරලා English Movie එකක් ගැහුවම ඒක බලනවා පට්ට කියලා.. ඇත්තටම Horror නම් ‌කොරියන් තමයි.. සුපිරි ස්ටෝරි නම් ‌කොරියන් තමයි..

    කාලෙකට උඩදි මට අහම්බෙන් බලන්න ලැබුන ඔය වගේ Movie එකක් තමයි Castaway on the moon (2009) කියන්නේ.. ඒක ‌ක‌ොච්චර පට්ට වුනාද කියනවනම් මම මගේ පළවෙනි Sub එකට කලෙත් ඒක.. පුළුවන් නම් ඒකත් බලන්න.. එහෙම සරල, සුපිරි කතාවක්.. ආයේ ‌‌‌‌ල‌ොවෙත් නෑ.. ‌අවාසනාවකට English Film විතරක් බලනවනම් ‌බ‌ොහොම අඩුවෙන් තමයි ‌මේ වගේ ස්ටෝරි හැදෙන්නේ Hollywood වල.. ඒ ‌‌‌‌ගොල්ලෝ Target කරන්නේ අර පටන් ගත්ත ‌‌‌වෙලා‌ෙවේ ඉදන් ‌ගහ මරාගන්නවට ආස, ‌බ‌ෝම්බ පුපුරනවට ආස Audience එක.. ‌මොකද ඒක තමයි වැඩිපුර ඉන්න Audience එක.. හැමදේම අන්තිමට ‌හොයන්නේ ලාබයක්.. ඒකයි.. ඒත් ‌‌මේ වගේ සුපිරි ස්ටෝරි වලට හුරු වුන ‌‌කෙනෙක්ට ත‌ේරෙනවා අරවා ‌කොච්චර අතාත්විකද කියලා.. උදාහරණයකට IMDB උඩ තියෙන ‌ගොඩක් ෆිල්ම් එතන තියෙන්නේ කතාව නිසා.. එතන ‌‌බොහොම අඩුයි අර පටන් ගත්ත ‌‌‌වෙලා‌ෙවේ ඉදන් ‌ගහ මරාගන්නවට , ‌බ‌ෝම්බ පුපුරන ෆිල්ම්.. ‌ව‌ෙලාවක් තිබ්බොත් මම ‌‌මේ පහලින් දාන ෆිල්ම් එකත් බලන්න.. ‌හොද නැතිවුනොත් බැනලා යන්න ඇවිල්ලා..

    Castaway on the moon (2009) – https://www.baiscope.lk/the-pirates-2014-with-sinhala-subtitle/

    Reply
    • chamal kalum

      ඔයා කියපු සෙරටම මමත් එකගයි සහෝ.. මේ ඔයාගෙ ෆිල්ම් එකත් මම නම් බැලුවා.ඒකත් දෙපාරක්ම.. තවමත් මං ලග තියෙනවා.. මෙ සයිට් එකේ තියෙන සේරම කොරියන් ෆිල්ම් මම බලල තියෙන්නෙ..

      Reply
    • Aiye,,mata korian flims free download kara ganna puluwan website kiyanawada

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. භාෂාව මොකක් උනත් මේ වගේ හොද චිත්‍රපට වලට උපසිරස කරන එක ගොඩක් වටිනවා.. බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරසියට ස්තූතියි

    Reply
  • ranga11112

    උපසිරසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!

    Reply
  • Thanks for sub good luck bro

    Reply
  • Bandaramudiyansi

    මම මෙක බැලුව ආපු දවස්වලම… සුපිරිම චිත්‍රපටය මෙක නම්… ඉස්සරහටත් මෙවගේ හොද කොරියන් චිත්‍රපට දෙන්න .ස්තුතියි

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි කියන්න වචන නැහැ උපරිමයි . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .

    Reply
  • ස්තුතියි …

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • nice brother thanks a lot more

    Reply
  • chameeracool

    patta kathawak godak hoda movie 1 mama baluwa mita kalin

    Reply
    • chamal kalum

      Mage sub ekath aran balanna heheh

      Reply

Leave a Reply to සනිඳු ලක්ඛිත Cancel reply

Your email address will not be published. Required fields are marked *