The Lost World (1960) with Sinhala Subtitles | සැඟවුණු ලොවේ සවාරියක් [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස් තුන්වන උපසිරැසිය අරගෙන ආවා. කියපු විදියට ලෝක චිත්‍රපට ඉතිහාසේ විශේෂම චිත්‍රපටියක්. ඔයාල හොඳටම දන්නා ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරපු සර් ආතර් කොනන් ඩොයිල් ගෙ The Lost World කියන නව කතාව ( චන්දන මෙන්ඩිස් මහත්තයා සැඟවුණු ලොවේ සවාරියක් කියල සිංහලටත් පරිවර්තනය කරලා තියනවා) ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. IMDb අගය 5.5 අරගෙන තියන, සියලුම චිත්‍රපට ලෝලීන් අනිවාර්යයෙන්ම වරක් හෝ නැරබිය යුතු චිත්‍රපටයක්.
ඔයාල දැන් බලන ජුරාසික් පාක්, ඇවේටර්, ඇවෙන්ජර් වැනි සියලුම චිත්‍රපට හදන්න CGI (Computer Generated Imagery) තාක්ෂණයෙන්. මොකද කිසිම දෙයක් ඇත්ත ලෝකේ නැ. සත්තු ඉන්න චිත්‍රපට එකකවත් ඇත්තට උන් නැ කියල යාලුවෝ ඔක්කොම දන්නවනේ. ඉතින් ඔක්කොම පරිගණක අනුසාරයෙන් හදන්න ඕන. මේ චිත්‍රපටය ආවේ පරිගණක යුගයේ නෙවි. ඉතින් හිතන්න ඩයිනොසර්ලා ඉන්න චිත්‍රපටියක් 1960 වගේ කාලයක හදන්න උත්සහ කරන එකම විශේෂ දෙයක්. ඉතින් මේ නිර්මාණකරුවෝ මේ චිත්‍රපටිය හදන්න යොදාගත්තේ ඇත්ත උරගයෝ. මොකද ඩයිනොසර්ලත් උරගයෝනේ. විවිධ ආකාරයට අංගරචනය (Make Up) කරපු කබරු, තලගොයි සහ කිඹුල්ලු තමා මේකෙ ඩයිනොසර්ලා විදියට අරන් තියෙන්නේ. ඇවේටර් නිර්මාණය කරපු ජේම්ස් කැමරුන් පවා මේ චිත්‍රපටිය අගය කරලා තියනවා හිතන්න බැරි යුගයක නිර්මාණය වෙච්ච හිතාගන්න බැරි චිත්‍රපටියක් කියල.
මේකෙ කතාව ගැන කියනවනම්, චැලෙන්ජර් කියන මහාචාර්යවරයා ගවේෂණයක් මගින් හොයාගන්නවා ඇමේසන් වනාන්තරයේ ප්‍රදේශයක ඩයිනොසර්ලා ජිවත් වෙනවා කියල. ඉතින් ඒක එයා සමුළුවක කියුවම කවුරුත් එයා විහිළුවකට ගන්නවා. ඉතින් එයා යෝජනා කරනවා ආපහු ගවේෂණයක් යන්න සමුළුව නම් කරන පිරිසක් එක්ක. ඉතින් ඒ කට්ටියට පත්තර කාරයෙක්, තවත් මහාචාර්යවරයෙක්, දඩයක්කාරයෙක් ඇතුළු පිරිසක් ඇතුලත් වෙනවා. මේ කණ්ඩායම ඒ ප්‍රදේශය හොයන් ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතනින් බේරිලා එන්න පුළුවන් ද මොනවද ඇතිවෙන ප්‍රශ්න කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා.
මම දෙන්නේ වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට කියල ගොඩක් අය මට දොස් කියනවා. මම දන්නේ නැ එහෙම නොවන චිත්‍රපට වලටත් 18+ ලේබලේ වදින්නේ ඇයි කියල. ඉතින් ඒක හින්දා මම ළමා චිත්‍රපට කිහිපයක් තෝරා ගත්තා. එයින් එකක් විදියට අම්මලා ගැන කියවෙන චිත්‍රපටියක් අරන් මම එන්නම් ඊළඟට. මම යනවා එහෙනම්.
බුදු සරණයි ඔක්කොටම …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2241 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට ස්තූතියි බ්‍රෝ… ❤️
පරණ film එකක් බැලුවෙ නෑ කලෙකින්…බලමු….tnx
thnxx sub ekata.. jaya weewa
සබට ස්තූතියි අසංක සහෝ….. ජය වේවා..!!!
Thank you
පැරණි ඒවාටත් සැඟවුණු රුචිකත්වයක් තිබිලා. එය ලබාදුන් ඔබට ගොඩක් ස්තුතියි! නැවතත් මෙවන්නක්ම ලබා දෙන්න.
බොහෝම ස්තුතියි . .!!!
THANKS
මේක දුන්න එකට ගොඩාක් සතුටුයි
උපසිරැසියට බොහෝම ස්තුතියි
තවත් 1960, 1970 දශකවල හොඳ එකකට උපසිරසි දෙන්න, ස්තුතියි!
Parana unata kamak na, hodanam, 18+ ho nathuwa ho ona deyak
අයියේ ! කරුණාකරලා අනේ අපිට දෙන්නකෝ
the lost world tv serious
එක දෙන්නකෝ
ඒ ට්ව් සිරියස් එක දෙන්නකෝ
අනේ අර සව්රනවහිනියේ ගිය එක
ප්ලීස් අයියේ !!!!!!!!
නියමයි සහෝ! ඇත්තටම මම මේකේ සිංහලට පරිවර්තනය කරපු සැඟවුණු ලොවේ සවාරියක් කියන පොත කියවල තියනවා උනාට ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙනවා කියල දැනගත්තේ අදයි, අනිවා බලනවා….
එහෙනං තවත් උපසිරසියකින් හමු වෙමු
ජය වේවා!
#Hail_Hydra
අගය කරන්න වටින වැඩක් සහෝ මේ වගේ movies වලට උපසිරසි ලබා දෙන එක.ජය වෙවා!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබ් එකට. දැනුයි ටොරෙන්ටුව බාලා ඉවර වුනේ. H. G. Wellsගේ කතාවක් ඇසුරින් හදපු First Men in the Moon (1964) කියලා ලස්සන පරණ චිත්‍රපටයක් තියනවා. හ්ම්…. මම හිතන්නේ ඒක ඔයත් ආස වර්ගයේ ෆිල්ම් එකක්. පොඩ්ඩක් හොයලා බලන්න. imdb Rating එකත් 6.7. ඒ කියන්නේ සුපිරිම චිත්‍රපටියක්. හැකිනම් වෙලාවකට ඒකටත් සබ් දෙන්න මචෝ. ජය වේවා.
THANX MACHO………………
ලස්සන ෆිල්ම් එකක් මචෝ.බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජයම වේවා!!!!!!!!!!
මේ චිත්‍රපටය බලන්නම ඕන. “නව පරපුර සඳහාම උපසිරසි නිර්මාණය වූ” මේ වෙබ් එක තුළ මෑතක සිට ස්වර්ණමය පැරණි චිත්‍රපට ප්‍රියකරන්නන් සඳහා ද සාධාරණයක් ඉටු කිරීමට සොයුරන් කීපදෙනෙක් කැපවී සිටිනවා දැක්කා. ඔවුන්ට අපගේ උපහාරය අවංකවම පුදකර සිටිනවා! සතියකට වරක් හෝ මෙවැනි නිර්මාණයක් ලබාදෙන්න. ස්තුතියි!
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචෝ.
මේකනම් බලලා නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
බොහෝම ස්තුතියි
ස්තුතියි අසංක ! පැරණි වුව ද වින්දනාත්මක සලරූ නරඹන අයත් අප අතර ඉන්නා බව සැමට මතක් කරමින් ඔවුන් උදසා කරන ලද සිංහල සබ මහත් වැ අගයමින් භාර ගනිමු. නැවතත් ස්තුතියි…..
(ෙක්රා්ම් ෙකාම්බු හුටප ෙට් නිසා ෙකාම්බු නැතිව ගැහුෙව්)
සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලෝක් හෝම්ස් බිහිකරන්න කලින් ලියපු පොතක්… චන්දන මෙන්ඩිස් මෑතකදී නාවතත් සිංහලට පරිවර්තනය කළා. ඒකෙන් හදපු චිත්‍රපටිය. බලමු.
මේකට සබ් කරල මේක දුන්න එකට ගොඩාක් සතුටුයි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!!
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්‍රකට චිත්‍රපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
thanks
ස්තුතියි!!! ඒත් මේ විදිහට පරන ඒවා දාන්න එපා එක දිගට… බලන්න හිතෙන්නෙම නෑ බන්…. උබලගේ මහන්සිය අපරාදේ!!!!
පොදු අදහස් දරන්න අමාරු ඉහත කමෙන්ටුව දාපු කෙනා වගේ “ගවයෙක්” හිටපු ගමන් මේ වෙබ් එකට පැනලා කමෙන්ට් දානවා.
උබල නොබෙලුවට අපි බලනවනේ
thx brooo
බලන්න බැරිනම් කට වහගන හිටහන්
අඩෝ සොරි බන් පහල තියන එකට දාන්න ගියෙ.වැරදිල මේකට වැටිලා