අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසි (TV)පවිත් විජේසූරියපවුලේ සැමටවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Dragon Prince [S06 : E03 & E04] Sinhala Subtitles | මායාකරු සහ රණශූරයා… [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Dragon Prince Season 06 Sinhala Subtitles

The Dragon Prince [S06 : E01 & E02] Sinhala Subtitles

The Dragon Prince 6වෙනි කතා සමයෙ 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. සුපුරුදු පරිදිම මේ කොටස් දෙකට එන්න කලින් පෙර කොටස් දෙකෙහි මොකක්ද උනේ කියල සාරාංශයක් කරගෙන මේ දෙකට සූදානම් වෙමු එහෙනම්.

පසුගිය මතකයන් : –

මරණාසන්නව හිටපු විරෙන් දැන් ජීවත් වෙනවා. ඒ කොහොමද කියල ඔයාලා දැන් දන්නවනෙ. විරෙන්, ඇරවෝස්ගෙ මායාව ප්‍රතික්ෂේප කරලා මරණය තෝරගත්තත්, ක්ලෝඩියා විසින් අර මනූරූපී සතාව බිලිදීලා විරෙන්ගෙ ජීවිත කාලය ස්ථිර කරන මායාව සම්පූර්ණ කරනවා. නමුත් විරෙන් දැන් නම් වෙනස්වෙලා වගේ. ඔහු සෑහෙන්න කලකිරෙනවා වගේ තමන් කරපු දේවල් ගැන. ඒ නිසාම වෙන්න ඕනෙ තමන් කරපු වැරදිවලට දඬුවම් විදින්න හිතාගෙන ඔහු කටෝලිස් වෙතට ගමන් ආරම්භ කරන්නෙ.

මේ අතර කැලම් ඇතුළු පිරිස, ඇරවෝස්ගෙ සිරකුටිය කටෝලිස්වලට ගෙනල්ලා. දැන් හැමෝම කතාවෙන්නෙ මේකට මොකද කරන්නෙ කියල. අන්තිමේදී හැමෝම තීරණය කරනවා මේක ආරක්ෂිතව කටෝලිස්වල තියාගන්න. නමුත් කැලම් ඇත්තටම ඒ ගැන සතුටින් නෙමෙයි ඉන්නෙ. ඔහුගෙ හිතේ තියෙන්නෙම මේක විනාස කරන විදිහක් ගැන. ඒ නිසාම තමයි ඔහු සිරකුටියෙ බොරු අනුරුවක් බේරියස් ලවා නිර්මාණය කරගෙන රෙයිලා සමඟ උතුරු මිදුණු මුහුදෙ ස්ටාර්ස්ක්‍රේපර් වෙතට පිටත්වෙන්නෙ. ඒ එහි වාසය කරන ස්කයිවින්ග් එල්ෆ්වරුන්ගෙ නිකායක් වෙන සෙලෙස්චෙයල් එල්ෆ්වරු මේ මුතුව විනාස කරන්න පුලුවන් විදිහක් දන්නවා ඇති යන අදහසින්. මේ අතර සොරෙන් සහ සිම් පිටත්වෙනවා නැතිවුණු මකර රැජිණව සොයාගැනීමේ අරමුණින්.

මේ අතර ලක්ස් ඕරියාවල ජනායී රැජිණිය, මියානගෙ ද්‍රෝහීවීමත් එක්ක සෑහෙන්න මනසින් කඩා වැටිලයි ඉන්නෙ. ඇයට තමන්ගෙ රාජ්‍යය තමන්ගෙ ජනතාව විනාශයට වැටේවි යන සැකය සහ බය ඇතිවෙලා. නමුත් අමායට හැකිවෙනවා ඇයගෙ මනස නැවත ශක්තිමත් කරන්න. මේ අතරෙ කරීම් දැන් සන්සීඩ් එක හරහා සෝල් රේගම්ගෙ ඇස් සුවපත් කරලා, ඔහුගෙ සහයත් ලබාගන්නයි අපේක්ෂා කරන්නෙ.

අවසන් වශයෙන් අපි දැක්කා නැතිවුණු මකර රැජිණ සොයාගන්න සොරෙන් සහ පිරිස සමත්වෙනවා. මෂ්රූම් මේජ්වරයා වූ මුකෝ ඇයගෙ දූෂිත ආසානදය සෑහෙන දුරට පාලනය කරලා. නමුත් ඔහුගෙ ප්‍රතිකාර ටිකක් කාලය ගන්න ඒවා. ඉතින් ඒ නිසා මකර රැජිණ ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්න තව කාලයක් යාවී.

හොඳයි එහෙනම්. ඉදිරියට මොකද වෙන්නෙ කියල මේ කොටස් දෙකත් බලලම දැනගන්න. උපසිරසි සම්බන්ධයෙන් මොනාහරි විමසීමක් හෝ ගැටලුවක් තියෙනවා නම් ලංකන් Weebs ෆේස්බුක් පිටුවට හෝ Pwsubs ෆේස්බුක් පිටුවලට පණිවිඩයක් යොමුකරලා මාව සම්බන්ධ කරගන්න පුලුවන්.

හමුවෙමු එහෙනම් ඊළඟ කොටස් දෙකෙන්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 89 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *