අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දුඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නබියජනකවෙනත් භාෂාස්පාඥ්ඥසිංහල උපසිරැසිහොල්මන්

The Chalk Line AKA Jaula (2022) Sinhala Subtitles | අභිරහස් යුවතිය [සිංහල උපසිරැසි]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

The Chalk Line (2022) Sinhala Subtitles
කොහොමද හැමෝටම, මම හිතනවා හැමෝම හොදින් ඇති කියලා.ඔන්න එහෙනම් මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ තවත් ලස්සන අද්භුත සිනමාපටයක්.ඒ තමයි 2022 වර්ෂයේ නිකුත්වුන ” Jaula නැත්තම් The Chalk Line ” සිනමාපටය.මේ චිත්‍රපටය ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූවක්.ස්පැනිෂ් ත්‍රිලර් මූවීස් මොනවගේද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඉතිං මේකත් ඒ වගේම නියම වැඩක්. අද්භූත සහා අභිරහස් යන කාණ්ඩයට අයත් මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නෙ ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Ignacio Tatay විසින්.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 6.1/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 67% කුත් ලබා ගන්නට සමත්වෙලා තියෙන මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Era Tenner, Elena Anaya, Carlos Santos යන ස්පාඤ්ඤ ජාතික රංගන ශිල්පීන්.
  හොදයි චිත්‍රපටියෙ කතාව පැත්තට ටිකක් හැරුනොත් මේකෙ කතාව ගලාගෙන යන්නෙ එක්තරා යුවලකට නොසිතූ මොහොතක මහමග හමුවන කුඩා දැරියක් වටා.ඉතිං මේ දැරියව ඔවුන්ට හමුවෙද්දි හුඟක් අසනීප තත්වයෙන් තමා ඉන්නෙ.මහමග හම්බෙන මේ දැරියව මේ යුවළ විසින් ඉක්මනින්ම රෝහල කරා කැටුව යනවා.ඒත් මේ දැරිය හරිම වෙනස් කෙනෙක්.ඇය කතා කරන්නෙ නෑ කාත් එක්කවත්.ඒ වගේම එයා හැමවෙලාවෙම ඉන්නෙ හුණු වලින් ඇන්ද කොටුවක් ඇතුලට වෙලා.එයා ඒකෙන් එළියට එන්න විශාල බියක් දක්වනවා.එතනිනුත් නොනැවතී ඇය කොහේ සිට ආව කෙනෙක්ද කියලා කාටවත්ම හොයා ගන්නත් බැරුව යනවා.ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ මේ කුඩා දැරිය කතා කරන්න බියක් දක්වන එක.ඒත් මේ ළමයා එයාව ඉස්පිරිතාලෙට කැන්දගෙන එන යුවළ එක්ක සුහද වෙනවා.ඉතිං ඒ හරහා මේ ළමයගෙ විස්තර එයාලට දැනගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ ළමයට මොකද වුනේ.ඇයි එයා කතා කරන්න වගේම අර හුණු වලින් ඇන්ද කොටුවෙන් එලියට එන්න බය.මේවට උත්තර හොයන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.ඉතිං මේ වගේ තවත් ලස්සන සිමනා පටයකින් ඔයාලව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.එහෙනම් ඔයා හැමෝටම ජයෙන් ජය!!!
The Chalk Line (2022) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 558 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

One thought on “The Chalk Line AKA Jaula (2022) Sinhala Subtitles | අභිරහස් යුවතිය [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *