අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hijack (2023 – 2025)

Hijack Season 01 Sinhala Subtitles

Hijack

 

 

Hijack

මේක වර්ගවෙන්නේ Thriller කියන ශානර වර්ගයට Thriller කිව්වම ඉතින් දන්නවනේ. එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කතාමාලාවක් තමයි මේක. ඉතින් මේ සුපිරි කතාමාලාව IMDb දර්ශකයේ 7.4/10 වගේම Rotten tomatoes වල 88% ක අගයකුත් ලබාගෙන තියනවා. මේක මුලින්ම විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ Apple TV+ හරහා. මේකට අති සුපිරි Cast එකක් තෝරගන්නත් අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියනවා.

ඉතින් අපි වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. කතාමාලාවේ නමින්ම මේකේ අන්තර්ගතය හිතාගන්න ඔයාලට පුලුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හරියටම හරි. මේ කතාමාලාව දිගහැරෙන්නේ ගුවන් යානා පැහැරගැනීමක් පිළිවදව. ලොව අතිශය කාර්යයබහුලම ස්ථාන කිහිපයෙන් එක් ස්ථානයක් තමයි ගුවන් තොටුපොළක් කියන්නේ ගුවන් යානා පාලක මධ්‍යස්ථාන ඇතුළුව එකී මෙකී නොකී ගොඩක් සංකීර්ණ දේවල් මේ ගුවන් තොටුපොළක් හරහා සිද්දවෙනවා.

ඉතින් ඩුබායි ගුවන් තොටුපොළේ ඉදලා ලන්ඩන්වල හිත්‍රෝ ගුවන් තොටුපොළට පියාසර කරන්න නියමිත වෙලා තියන කින්ඩම් 2-9 ගුවන් යානය එහෙම නැත්තන් KA29 ගුවන් යානය කාර්යය මණ්ඩලයේ පිරිස ඇතුළුව මගීන් 216ක් රැගෙන තම ගමනාන්තය දක්වා පියාසර කිරීම ආරම්භ කරන්නේ සුපුරුදු විදියටම. ප්‍රධාන ගුවන් නියමුවා වන රොබින් ඇලන් සහ සහයක ගුවන් නියමුවරිය ගුවන් යානයේ සිටින සියලුම පුද්ගලයන්ගේ වගකීම භාරගෙන උදෑසනින්ම පියාසැරිය ආරම්භ කරන්නේ සිනාමුසු මුහුණින්. නමුත් මෙය කිසිදා අමතක නොවන ගුවන් ගමනක් බව ඔවුන් මෙන්ම යානයේ සිටින කිසිවෙක්ම නොසිතන්න ඇතිබවනම් විශ්වාසයි.

පියාසැරිය ආරම්භ කරලා විනාඩි කීපයකට පස්සේ ගුවන් යානයේ පාලනය සියතට ගන්න පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමත් වෙනවා. ගිනිඅවි අමෝරාගෙන සිටින ඔවුන් දැක බියෙන් සලීත වෙලා මගීන් ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව. ඉතින් මේ කණ්ඩායමට එහෙම නැත්තන් හයිජැකර්ලට මුලින්ම ඕනවෙනවා නියමුවන් රැදිලා ඉන්න නියමු කුටියට ඇතුළු වෙන්න ඒත් නියමු කුටියට ලේසියෙන් කෙනෙක්ට ඇතුළු වෙන්නනම් බෑ. ඉතින් මේකටත් මේ හයිජැකර්වරු උපක්‍රමයක් හොයාගන්නවා. ඒ වගේම ගුවන් යානයට ගිනිඅවි රැගෙන එන්න පුලුවන් විදියේ උපක්‍රමයකුත් මොවුන් හොයාගෙන තමයි එන්නේ.ඒ කොහොමද වගේම මේ හයිජැකර්වරුන්ගේ අරමුණු මෙම ගුවන් යානය පැහැර ගැනීම පිටුපස ඉන්න අය වගේ විස්තර ඉදිරි කථාංගවලින් බලාගන්න පුලුවන්. ඒකට මේ කුතුහලය පිරුණු කතාමාලාව මුල ඉදලා අගට නරඹන්නම වෙනවා.

මේ ගුවන් යානයේ ඉන්නවා එක විශේෂ මගියෙක්. ඔහු නමින් සෑම් නෙල්සන් මෙයා මේ යානයට ගොඩවෙන්නේ තම වෙන් වෙලා ඉන්න බිරිඳ සහ එකම පුතා ගාවට ආයෙත් යන්න කියලා හිතාගෙන ඒත් ඉතින් මෙයාගේ බිරිදනම් අලුත් පෙම්වතෙක් ඒ වෙනකොටත් හොයාගෙන. ඒ තමයි ඩැනියෙල් කියන රහස් පරීක්ෂකවරයා. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන සෑම් නෙල්සන්ගේ විශේෂත්වය වෙන්නේ ඔහු ආයතනික ව්‍යාපාරික සාකච්ඡාකරුවෙක්. ඉතින් මොහු උත්සහ කරනවා තම වෘත්තීය දක්ෂතා යොදාගෙන හයිජැකර්වරුන් එක්ක සාකච්ඡා කරලා මේක විසදන්න. ඉතින් සෑම් නෙල්සන් හා හයිජැකර්වරු එකිනෙක ගැටෙන ආකාරයත් අපිට මේකේදි බලාගන්න පුලුවන්.

ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුරා කථාංග හතක් ගුවන් යානා පැහැර ගැනීමකට ලක්වෙලා ඉන්න අත්දැකීමක් විදගන්න එන්න කියලා.

Drama, Thriller

Stars : Idris Elba, Neil Maskell, Christine Adams, Max Beesley, Ben Miles, Kaisa Hammarlund, Zora Bishop, Jeremy Ang Jones, Kate Phillips, Jasper Britton, Eve Myles, Archie Panjabi, Hattie Morahan, Aimée Kelly, Mohamed Elsandel

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07