අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දුඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Io Capitano (2023) Sinhala Subtitles | පරාදීසය බලා [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 16 votes.
Please wait...
Io Capitano (2023) Sinhala SubtitlesIo Capitano (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම, ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන කරුණු කාරනානම් ගණනාවක්ම තියෙනවා.එකක් තමයි මෙය ලාංකීය අපේ ජනතාවටත් යම් ආකාරයකින් බොහොම කිට්ටු කථා පුවතක් රැගත් සිනමා නිර්මාණයක් වීම.අනෙක් අතින් මේක ඉංග්‍රීසි නොවන විදේශ භාෂිත සිනමාපටයක් වීම.ඒවගේමයි බොහෝ දෙනෙක්ගේ සිත සංවේගයෙන් පුරවන බොහොම මානුෂීය කථා පුවතක් මේ සිනමාපටයට අන්තර්ගතවීම.

Io Capitano (2023) Sinhala Subtitles

හරි, තවත් වටින් ගොඩින් නොකියා කෙලින්ම සිනමාපටය පැත්තට හැරුනොත් මෙවර මම අරගෙන ආවේ ඉතාලියානු සිනමාකරු Matteo Garrone විසින් අධ්‍යක්ෂණය කල ” Lo Capitano ” සිනමාපටයයි.මමනම් කියන්නෙ මේ සළරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතුම බොහොම විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කියලා.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.6/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ 96% කුත් ලබාගෙන තිබෙනා මේ සිනමාපටය සම්මාන උළෙලවල් කීපයකම නාම යෝජනා අතරට එක්වන්නත්, සම්මාන දිනා ගන්නත් සමත්වුනු හරිම අපූරු සිනමාපටයක්.

Io Capitano (2023) Sinhala Subtitles

මෙවර පැවති 96 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී හොදම අන්තර්ජාතික සිනමාපටයට හිමි නාමයෝජනා අතරට එක්වන්නටත්, වැනිස් සිනමා සම්මාන උළෙලේදී හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නටත් මේ සිනමාපටයට හැකියාව ලැබුනා.ඒවගේමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Matteo Garrone තමයි ” Dogman ( 2018 ), Gomorrah ( 2008 ) ” වැනි විශිෂ්ඨ ගනයේ නිර්මාණත් කලේ.

Io Capitano (2023) Sinhala Subtitles

අප්‍රිකානු ජනයාගේ යුරෝපීය සිහිනය පිළිබද ඉතා සානුකම්පිත ඇසකින් බැලූ මේ අපූරු සිනමා නිර්මාණය විටෙක ඔවුන් ගෙවන ජීවිතයේ ඇති කර්කෂ බවත්, තව විටෙක ඔවුන් ඒ කර්කෂ බවින් මිදී තම ජීවිත වලට බලාපොරොත්තුවක් සොයමින් යන ගමනේ ඇති අභියෝගාත්මක බවත් ඉතාමත් මානුෂීය විලසින් සිනමා කෝණයට හසුකර ගන්නට Matteo Garrone සමත්වී තිබෙනවා.

Io Capitano (2023) Sinhala Subtitles

එමෙන්ම මේ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවනා Seydou Sarr හා Moustapha Fall ප්‍රථම රංගනය සේම ප්‍රථම සිනමාපටයද මෙය වීමත් තවත් විශේෂත්වයක්.

හරි, ” Lo Capitano ” සිනමාපටයේ කථාව පැත්තට ටිකක් හැරුනොත් මෙහි කථාව දිවයන්නෙ යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වටා.ඔවුන් දෙදෙනා දිවි ගෙවන්නෙ සෙනගාලයේ බොහොම දුප්පත් ගම්මානයක.ඉතිං මේ තරුණයින් දෙදෙනාට හොදින් ගීත ගැයීමේ හැකියාව තියෙනවා.ඔවුන් දෙන්නටම ඕකෙ කවදාහරි ප්‍රසිද්ධ ගායකයෝ දෙන්නෙක් වෙන එක.ඉතිං ඒ නිසාම ඔවුන් අදහස් කර ගන්නවා සෙනගාලය අතහැරලා තමන්ගේ හීන යථාර්තයක් කර ගන්න යුරෝපයට යන්න.නමුත් මේක හිතන තරම් ලේසි පහසු ගමනක් නෙමෙයි.බොහොම දුෂ්කර ගමනක්.නමුත් මේ ගමනට ඔවුන්ගේ දෙමාපිය අවසරයනම් ලැබෙන්නෙ නෑ.ඒ හේතුව නිසාම මේ දෙදෙනා තමන්ගෙ පවුලෙ අයටත් හොරා රටින් පිටව යෑමේ අදහසින් නිවසින් පලා යනවා.ඉතිං ඔවුන්ට ඔවුන් මේ යන ගමන සාර්ථක ගර ගන්නට ලැබේවිද? ඉතිං ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.

Io Capitano (2023) Sinhala Subtitles

විටෙක හිත සංවේදී කරනා තව විටෙක ඔවුන්ගේ නොපසුබස්නා උත්සහයේ අපූරත්වය මවනා ” Lo Capitano ” ඔබට නරඹන්නට ඇරයුම් කරමින් මම මෙසේ ඔබෙන් සමුගන්නම්.

ඔයාලා හැමෝටම ජයෙන් ජය……

Io Capitano (2023) Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දී ඇත

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1308 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Io Capitano (2023) Sinhala Subtitles

7 thoughts on “Io Capitano (2023) Sinhala Subtitles | පරාදීසය බලා [සිංහල උපසිරැසි]

  • Akila Dilhara

    Thanks for Sub…

    Reply
  • baiscopedownload eken video download karaganna behe.page secured wenawa page block karanawa ei a.kisim film ekak download karaganna behe

    Reply
  • කසුන් ප්‍රනාන්දු

    බොහොම ස්තූතියි වෙනදා වගේම සබ් එක වෙනුවෙන් කමෙන්ට් කරන යාළුවො හැමෝටම.

    Reply
  • බොහෝම ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

    Reply
    • දැනුයි බලලා ඉවර උනේ. සබ් එක කිසිම අඩුවක් නැතුව ලස්සනටම කරල තියෙනවා. ඔස්කාර් නොමිනේට් උන දවසෙ ඉදලාම බලන්න හිතං හිටියෙ. ඔස්කාර් බෙස්ට් ෆොරින් ලැන්වේජ් ෆිල්ම් 1ට නොමිනේට් උන තවම සබ් කරල නැති ෆිල්ම් හුගක් තියේ. පුලුවන්නම් වෙලාවක් ලැබෙන විදියකට ඒ ගැනත් සලකල බලන්න. ආයිමත් බොහොම ස්තූතියි….!

      Reply
      • පුළුවන් උපරිමයෙන් කරන්න උත්සහ කරන්නම් හසිත සහෝ

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *