අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cowboy Bebop (1998 – 1999)

 

 

          Cowboy Bebop

Categories: Action,Drama, Adventure

[box]

මේ කතාව අපි දන්න කියන කව්බෝයි කතාවන්ට වඩා බොහෝ සෙයින් වෙනස්. කතාවේ හුඟක් දේවල් Space එක, එහෙම නැත්නම් අභ්‍යවකාශය මුල් කරගෙන සිද්ධ වෙනවා. කතාව නිර්මාණය වුනේ 90 දශකයේ වුනත් කතාවේ කාල රාමුව හුඟක් අනාගතයට දිව යනවා. ස්පයික් ස්පීගල් සහ ජෙට් බ්ලැක් කියල කියන්නෙ එකට කාලා බීලා ඉන්න ස්පේස් බවුන්ටි හන්ටර්ලා දෙන්නෙක්. කිව්වත් වගේම මේ හැමදේම වෙන්නෙ අභ්‍යවකාශයේ. මේ දෙන්නගේ රස්සාව තමයි බවුන්ටි හන්ටින් කරන එක. ඒ කියන්නෙ මුදලක් නියම කරපු අපරාධකාරයෙක්ව අල්ලලා භාර දීලා ඒ මුදල ගන්න එක. මේ දෙන්නගේ යානාව තමයි බිබොප් (Bebop) යානාව. ඉතින් මෙයාලා මේ යානාවෙන් ගිහින් තමයි මේ දඩයම් ඔක්කොම කරන්නෙ. හැබැයි බිබොප් යානාව ඇතුළෙ මේ දෙන්නට වෙන වෙනම පොඩි යානා දෙකකුත් තියෙනවා. ඒක අවශ්‍යතාවය අනුව තමයි පාවිච්චි කරන්නෙ. අපිට ආරම්භක කොටස් වලින් දකින්න ලැබෙන්නෙ බවුන්ටි හන්ටින් දෙකක් තමයි. එක්කෙනෙක් “ඇසිමොව් සොලෙන්සන්” නම් වුනු නීතී විරෝධී උත්තේජක අක්ෂි ඖෂධයක් හොරෙක්. අනිත් කෙනා “අබ්දුල් හකීම්” නම් වුනු අනුක්‍රමික සුරතල් සත්ව හොරෙක්. මනුස්සයෙක් ඇයි සුරතල් සත්ව හොරෙක් වෙන්නෙ? ඒ සත්තුන්ගෙ විශේෂත්වයක් තියෙන නිසාද? නීති විරෝධී උත්තේජක අක්ෂි ඖෂධය මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? ස්පේස් කව්බෝයිවරුන්ට මේ දඩයම් සපුරගන්න පුලුවන් වේවිද? අභ්‍යවකාශය වුනාට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කිහිපයකම චාරිකාවේ යෙදෙමින් දඩයමේ යන කතාවක් විදිහට මේ කතාව තවත් විශේෂ කරන්න පුලුවන්. ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් වගේම තවත් විටෙක අධි ස්වාභාවිකත්වයෙන්, විද්‍යා ප්‍රබන්ධයෙන් වගේම උපහාසයෙන් පිරුණු මේ කතාව මෙතැන් පටන් නරඹන්න කියල මං ආරාධනා කරනවා.

[/box]

 

Season 01
Episode 01 & 02
Episode 03 & E04
Episode 05 & E06
Episode 07 & E08
Episode 09 & E10
Episode 11 & E12
Episode 13 & E14
Episode 15 & E16
Episode 17 & E18
Episode 19 & E20
Episode 21 & E22
Episode 23 & E24
Episode 25 & E26