MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)දහරා මුතුඅමානාට්‍යමය (TV)වාර්තාමය (TV)හින්දි (TV)

House of Secrets: The Burari Deaths [S01 : E01] Sinhala Subtitles | බුරාරි ඛේදවාචකය… [සිංහල උපසිරසි]

Rating: 7.6/10. From 7 votes.
Please wait...

එකම ගෙදර ජීවත් වුන එකම පවුලේ
එකොලොස් දෙනෙක් එල්ලිලා මැරිලා…!!

මෙන්න දැන් ලැබුනු පුවතක්…

එකම පවුලේ එකොලොස් දෙනෙකුගේ මල සිරුරු..
කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව් දෙනෙකු
උතුරු දිල්ලියේ බුරාරි හි නිවසක තිබී හමු වුනා.

එයින් නව දෙනෙක් සිය දිවි
හානි කරගැනීමක් වගෙ පෙනුනා.
එහෙත් ඔවුන්ගේ අත් ගැට ගහලා,
ඇස් රෙදි පටි වලින් ගැට ගහලා…
සාරි දෙපොට දාලා තොන්ඩුව හදලා,
ඒ මදිවට කම්බිත් දාලා.
ඒ එකොලොස් දෙනාගෙම කකුල්
බිම ගෑවෙන මට්ටමින්…
එල්ලිලා මැරිලා.

CCTV දර්ශන වලට අනුව
නිවසට ආගිය කිසිවකුත් ඇත්තෙත් නෑ.
නිවස තුල කලබලයක ලකුනකුත් නෑ.

මේක සිය දිවි හානි කර ගැනීමක්ද?

එහෙම හිතන්නත් බෑ. මොකද,
එයාලා හැමෝගෙම අත් කකුල් ගැට ගහලා.
එහෙම තියෙද්දි එල්ලිලා මැරෙන්නත් බෑ.
අනික අවුරුදු 15ක පොඩි එකෙක් සහ
අවුරුදු 80ක ආච්චි කෙනෙක්…
මොන එහෙකටද එල්ලිලා මැරෙන්නේ?

මේ House of Secrets – Burari Deaths කතා මාලාවට තේමා වුනු සත්‍ය සිද්දිය. මේක නිකන්ම කතා මාලාවක් නෙවෙයි, වාර්තා කතා මාලාවක්. මේ ඛේදවාචකයේ සාක්ශිත් සමගම අවසානය තෙක්ම සියලුම සිදුවීම් සහ හඬපටයන් හා එදින සිදු වූ සියලු සිදුවීම් සමග සත්‍ය තොරතුරු ඇතුලත් මෙය Documentary කතා මාලාවක් වුනත් එහි ත්‍රාසජනක බවේ නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම හිත කම්පා කරවන විදිහේ සිදුවීම් බොහොමයක් මෙහි පෙන්වනවා. ඉතින් Documentary යක් කියලා නොබලා ඉන්නත් එපා. මේ සත්‍ය සොයා යන ගවේශනයට එකතු වෙන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.

ඇත්තටම මේ කතා මාලාව බාරගෙන ටික දවසක් වුනත් මගේ කොටස ඉවර කරගන්නයි ටිකක් කල් ගියේ. අනිත් දෙන්නා ඉවර කරලා සෑහෙන කල් වුනත් මගෙ කම්පියුටරේ සැරින් සැරේ ලෙඩ වෙවී ඉඳලා අන්තිම මොහොතේ හදන්න දෙන්න උන නිසා තවත් පරක්කු වුනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3152 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

13 thoughts on “House of Secrets: The Burari Deaths [S01 : E01] Sinhala Subtitles | බුරාරි ඛේදවාචකය… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • මයුර

    උපසිරැසියට බොහොම තුති අක්කේ..

    Reply
  • උපසිරැසියට බොහෝම් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *