7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය… [සිංහල උපසිරැසි සමඟ]
ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා. හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.
මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.
යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.
[button link=”http://h.oc.gs/askie” type=”icon” “center” newwindow=”yes”] 720 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2185 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/IsharaV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
patta film aka. niyameta sub thibuna. me wage films thama ona
Mama me film eka giya sathiye ITN eke baluwa. superb story eka.hart eka athulatama waduna. aayeth mula indala aadare karanna hithenawa. thwa parak balanna ona kama thubuna. subtitle thiyena nisa thawa dethun parak balanna puluwan. thank saho. oyalath anivaryen balanna. thanks.
ස්තූතියි සිසියා සහෝ………..
නියමයි…… චිත්‍රපටයත් සුපිරියි…… සබ් එකත් සුපිරියි… කාලයක් තිස්සේ බලන්න හිටපු ෆිල්ම් 1ක් සබ් නැතුව හිටියේ… සබ් තිබුනා ගිනි ගින්දර වගේ.. බොහොම ස්තූතියි ඉෂාර
අදහස් දැක්වූ ඔබ සියලුදෙනාට ගොඩක් ස්තුතියි……………
පට්ටයි…වෙන වචන ඕනෙ නෑ.සුපිරි!
මේ දවස් වල මගේ ජිවිතයේ ඉවසිය යුතුම කාලයක් ගෙවෙන්නේ.
Thanks machan.. Nice story…! and also nice subtitles..
Thank you so much Wiraj saho……………..
අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි…………..
ඒ වගේම හැමදාම මගේ නිර්මාණ ගැන අදහස් දක්වලා මාව දිරිමත් කරන අපේ බයිස්කෝප් එකේ යාළුවොන්ටත් ගොඩක්ම ස්තුතියි………
ඔබට ජය…………..
🙂 Thankz!
බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ,ජයවේවා.
Niyama sub ekak machan.Drishyam (2013) – Malayalam machan me film ekata puluwnnam sub ekakdapan loku udawwak bn
machan english gode tamil ewath thiyanawane bn.
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka danata awurudu 7kata withara kalin baluwa..supirima kathawak thama..adena storiya..
ELAZZZZZ…subata thanks ISHARA saho.keep it up.jaya wewa……
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
niyamai kolla
thank you ..
Apita onne vijay inna ewa
උපසිරසට තුති යාලුවා….බාගත්තා
ඔබට ජය!!!!
Thanks macho. Lassana akak wage balannama ona.
Thanks………………….
උපසිරසියට ස්තූතියි…
උපසිරසිය බාගත්තා ෆිල්ම් එකත බානවා.. එත් බලන්න තමා වෙලාවක් නැත්තෙ,
5 විභාගය පටන් ගන්නවනේ.
වෙලාවක් හම්බවුණ කමන් ෆිල්ම් එක ගැන කොමෙන්ට් එකක් දාන්නම්.
බයිස්කෝප් සින්හලෙන් අඩවියට ජයවේවා!
හැම දෙනාටම තේරුවන් සරණයි!
දමිල චිත්‍රපටි නම් බලන්නෙම නැති තරම් ඒත් මේක නම් අරගෙන බලනවා. ඒ වගේම ඉවසීමෙ ගුනයත් ජීවිතයට ගොඩක් වටින දෙයක්.
පට්ට මචන්.. මේවා තමයි ඕනේ.. මේවගේ ඒවාට සබ් කරපං… එල කිරි… දැන් දැන් නම් මරු බයිස්කොප් වැටෙනවා මේකේ…
Thank you Ishara
බලන්න හිතෙනවා
එල මචෝ
සබට තුති
ඔබට ජය……..
jayawewa
me plz kawru hari mata kiyanawada me baiskop ake sms alert ana aka nawahana widiyada.anayak una eka
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ස්තුතියි ඉෂාර සහෝ!
දෙමළ උනත් ලස්සන කතාවක් වගේ
ජය වේවා!
එලකිරි..
ගොඩාක් ස්තුතියි..
පට්ට ෆිල්ම් එකක් වගේ..
ජය වේවා!!
niyamai…..
Thankssss
ජයවේවා