48 Hours to Live AKA Wild for the Night (2016) with Sinhala subtitles | ජිවත් වෙන්න ඕනෙම නම් පැය 48 කින් කරලා දාන්න. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් TV සිරිස් අරගෙන අතරේම අයෙමත් ගොඩක් ඉක්මනට තවත් අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. කතාව ගැන මගේ නම් ලකුණු දෙන්න පුළුවන් 5/10 ක් වගේ මොකද මුලින්ම එක කියන්න ඕනේ කලින් එකේ කීප දෙනෙක්ට එක මම කිවේ නැති එක ප්‍රශ්නයක් උන නිසා. නැටුම් වලට කැමති වගේම අන්තිමේ හිතන්නෙවත් නැති අවසානයක් දකින්න කැමති අයට නම් මේක ගොඩක් සෙට් වෙයි.
ජිවත් වෙන්න පැය 48ක් කීවට 48 නම් අදාලම නෑ කතාවට, අමුතුම විදිහකට ගලාගෙන යන්නේ. imdb දර්ශකයේ 4.8 ක් විදිහට සටහන් වෙන 2017 ජනවාරි 13 විකාශයට නිකුත් කරපු අපරාධ, සංගීත, ත්‍රිලර් කාණ්ඩ වලට නම් කරලා තියන 48 HOURS TO LIVE කියන චිත්‍රපටිය Benny Boom ගේ අධක්ෂණයෙන් Jade Tailor, Tommy Flanagan, Danielle Savre ගේ රංගන දායකත්වයෙන් හැඩවෙන පැය 1යි මිනිත්තු 30 පුරා දිවෙන කතාවක්.
විදියක ජිවත් වුන අයියා හා නංගි මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙලා අයියා හිරේ ගත කරන කාලේ නංගිව කෙනෙක් මරලා දාලා අයියා මිනීමරුවන්ට දඩුවම් දෙන්න වැඩ කරන කතාවක් විදිහට හැදින්වුවත් අන්තිමේ ඒ හැමදේම උඩු යටිකුරු වෙනවා. එක දැන ගන්න නම් මේක බලන්නම වෙනවා.
ඇවිත් දවස් දෙකක් වගේ ඇතුලත මේක දෙන්න හිතාගෙන හිටියත් ඒ අතරේ රුපවාහිනි කතා මාලාවල් වල කොටස් වලටත් උපසිරසි දෙන්න තිබුන නිසා මේක නිකුත් කරලා සතියක් ගත වෙන මොහොතේ තමා මේක දෙන්න වෙන්නේ. බැනුම් වලට ඉතින් අප්සෙට් ගියත් වැරදි තියනවා නම් හදාගන්න බනින එකත් වටිනා නිසා ගල් මුල් වලට ඉඩ තියනවා ඕන තරම්.
ගිහින් එන්නම්. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
48 Hours to Live 2016 720p WEBRip 700 MB
48.Hours.To.Live.2016.HDRip.AC3.2.0.x264-BDP
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාල වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2586 --
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට බොහොම ස්තූතියි
stutie sahodaraya….
Niyamai Broooo..
Thanks……..
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය…
niayamai…supiri filumak wge.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
ado elama dewaka
Cannibal Holocaust ෆිල්ම් එකටත් සබ් දෙනවද ප්ලීස්.
ඒක maxxa ෆිල්ම් එක.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
මත් ඔය aka කියන එකේ තෙරුම දැනගත්තේ දැන් කියාන්කෝ…
mkakda bn eke theruma?
tnx sahoo ikmntama deelane no words to say
සහෝ ” Cannibal Holocaust 1980 ” Movie එකේ සිංහල සබ් එක දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්. ස්තූති . Download කරලා බැලුවේ නෑ තාම සබ් එක නැති නිසා …
එලම තෑන්ක්ස්
දන්නේ නැති නිසා අහන්නේ යාළුවා. ෆිල්ම් එකේ නමට AKA කෑල්ලක් දාන්නේ ඇයි. උපසිරැසියට ස්තූතියි.
සහෝ AKA කියන්නේ also known as කියන එකේම කෙටි යෙදුම
ගොඩක් කල් ඉඳලා දැකලා තිබුනත් නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.