300 : Rise of an Empire (2014) with Sinhala Subtitles | අධිරාජ්‍යයක පිබිදීම… (18+)[සිංහල උපසිරැසි සමඟ]
2014 ලේබලය සහිත පලවෙනි සලරුව තමයි අද මම මේ ඉදිරිපත් කරන්නේ. හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. 300 කියන චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම්.අද මේ හදන්නේ එහි දෙවැන්න ඔබට සමීප කරන්නයි. IMDB අගය 7 ක් වගේ ඉහල අගයක් වාර්තා කරගනිමින් පසුගිය මාර්තු 7 වෙනිදා ලොවවටා තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය මාර්තු 21 වනවිට උපයා ඇති අදායම ඩොලර් මිලියන 93ක් ඒ සති දෙකක් වගේ කාලයක් ඇතුලත. මෙසේ අදායම් පක්ෂය සාර්ථක වෙනකොට ඊට එරෙහිව චිත්‍රපට පිරිවැය වශයෙන් වාර්තා වෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 110ක්. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Noam Murro විසින්. මෙහි කතාව ලියා තිබෙන්නේ අපි කවුරුත් දන්න පුද්ගලයෙක් ඔහු නමින් Zack Snyder. 300, Man of Steel, Watchmen සහ Sucker Punch වගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය උනේ ඔහු අතින්.
එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් කතාව මතක ඇතිනේ ඔයාලට. ඕවා මතක තියන් ඉන්න කාටද පුළුවන් නෙහ් 😉 එහෙනම් පොඩ්ඩක් මතක් කරන්නම්. 300 කියන්නේ ස්පාටා නමැති ග්‍රීක රාජ්‍යයේ සෙබළුන් පිරිසක් වටා ගෙතුන කතාවක්. ඔවුන්ගේ රාජ්‍යයට පර්සියානු රජෙකුගෙන් ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ සඳහා සටන් වදින ස්පාටා රජු තමයි ලියනයිඩස් කියන්නේ. ගියවර චිත්‍රපටය තුලදී ඔහු සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා පර්සියානු හමුදාව අතින් සමූලඝාතනය වෙනවා. කලින් කතාවේදී පොඩ්ඩක් අපැහැදිලි ගතියක් තිබුන නිසාවෙන් මෙවර චිත්‍රපටියෙන් මුල මැද අග උන දේවල් වෙන වෙනම විස්තර කරලා තියෙනවා. 300 නොබලපු කෙනෙක්ට උනත් 300 එකේ උනේ මොකද්ද කියල මේ චිත්‍රපටයෙන් දැන ගන්න පුළුවන්. 300 චිත්‍රපටයේ දැකපු ප්‍රධාන චරිත තමයි පර්සියානු රජා සහ ග්‍රීක ස්පාටා රජු ලියනයිඩස් කියන්නේ. එත් මේ පර්සියානු රජු ඇයි ග්‍රීසිය ආක්‍රමණය කලේ? ඔහුගේ ස්වරූපය වෙනස් මොකද? පර්සියානු හමුදාව ලියනයිඩස් සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා මරා දැමුවාට පසු මොකද ග්‍රීසියට සිද්ධ වෙන්නේ? ලියනයිඩස් මැරුණා නම් කවුද ග්‍රීසිය මෙහෙයවන්නේ? මේ මම කියපු සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු කතාව බලලම ලබා ගන්න. එහෙනම් ඔයාලට බාරයි කතාව.
තව දෙයක් හැමෝම දන්නවා මාර්තු 7 තිරගත උන චිත්‍රපටියක් කොහොමද සති දෙකෙන් අන්තර්ජාලයට එකතු උනේ කියලා. මේක කොරියාවේ තිරගත උන පිටපතකින් ලබාගත් කොපියක්. පින්තූර සහ හඬ ගැන කියනවා නම් ඉතාමත් හොඳ තත්වයක තියෙනවා. ඕනෙම නම් මෙතනින් බලන්න 1, 2, 3. කොරියානු උපසිරැසි වලින් වෙන බාධාව තරමකට මග හරවන්න උපසිරස කහ පාටින් ලබා දී තිබෙනවා. ඒ වගේම මේ ලබාදෙන ටොරෙන්ට් පිටපත් දෙකම ඉතාමත් හොඳ තත්වයක පවතිනවා. ඒ වගේම මේ චිත්‍රපයට සිංහල උපසිරස කරන්න යොදාගත් ඉංග්‍රීසි උපසිරස නිර්මාණය කරලා තිබුනේ තිවංක කියලා අපේ සිංහල සහෝදරයෙක්. දැකලා කතා කරලා නැති උනාට එයාටත් සුබ පතන්න, ස්තුති වන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් යන්න වෙලාව හරි ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43147 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
121 thoughts on “300 : Rise of an Empire (2014) with Sinhala Subtitles | අධිරාජ්‍යයක පිබිදීම… (18+)[සිංහල උපසිරැසි සමඟ]”